මැණිකක් රකිනා නා රජිදෙකු සේ....


මහ වනන්තරේ
උගුරෙ සගවා
රකින මැණිකක්
නා රජුට
කිව්වලු කතාවක්

"හැමදාම බෑ මෙමට 
ඉන්නට
මෙහෙම මේ වමනය 
ගොඩේ
උඹ හින්දා නෑ 
මෙමට වෙන
සැළකිලි වුනේ"

මැණික හින්දම
රකින නාගයා
නැහුනු තරමක්
මේ භවේ

අහෝ දුක්කකි
ඉරකි තිත්තකි !

ඉතින් නා රජු
එතන හිදගෙන
තිත්ත වස බී
ඔහේ මියදී ගියා

මැණික පොළොවේ
වැ‍ටුණු තැන
ඔහේ ඉද ලත වුණා

ටිකක් ලොකු
අලි නාම්බෙක්
ලගින් යනවිට
හඩතලා

මැණික කිව්දේ ඌට ඇහිලා
"චක්" හඩක් මතුවී ගියා


- රන්වන් මකරා -
___________________________________

කවි වගේද ඕලෙවල්.... තව අවුරුද්දක් ඉවසන්න වෙනවා.. කාලෙකින්.. ලිව්වෙ.. දැන් දැන් ලියවෙන ඒවා දාන්නත් බෑ... පුලුවන් එව්වා දාන්නම්..

- පරණ ජෙ මා තමා මෙයා ;} - 


Comments

  1. ආ අමතක වුනා ජෑ මා අවුරුද්දක් වීවා

    - ජෙ මා -

    ReplyDelete
  2. පුරුද්දට වගේ මතක් වෙලා නිකං මේ පැත්තේ ඇවිල්ලා යන්න ආවා.
    අලුත් තීම් දාලා පෝස්ට් 2ක් දාලා මූ අයි වැඩ පටන් අරගෙන.. නියමයි නියමයි.. :D
    දැන් ලියවෙන ඒවා දාන්න බැරි ඇයි? අව්ලක් නෑ. ඕවා හැමෝටම එන දේවල්. ඒක නිසා දැම්මට අව්ලක් නෑ.. ;)

    - එඩිතර සිංහයා -

    ReplyDelete
  3. The K55 RGB Pro XT doesn't sound the same, although it is a game keyboard. However, it looks completely like one. This is certainly the case for its brilliant RGB and all-black body. But this keyboard is great in practice not just for gaming. It's a paradise for a regular typist and perhaps the only keyboard I use.

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.