Monday, April 2, 2018

As I love her ❤❤❤❤❤



For love ❤ 
is the 
sweetest 
thing...

I can 
give and 
get ..
I am a 
lover
now

Yeah!
Gentlemen
and Ladies
do not 
think 
dragon want
to be 
skinned

but I am 
not waiting 
for any 
Juliet 👧

but for
mother's
L❤ve....

...........................

This Dragon is good to be skinned for always forgetting his blog. 😆😆

- Golden Dragon -







Wednesday, January 24, 2018

හිනා මල් - Laughing Flowers



හැමදා
ඔවුන් 
නෙළන 
විට

නෙලුවා 
මම
මලක් 
පරවී
යන්නට 
මත්තෙන්

ඉතින් 
දවස
හිනාවෙයන්
අරන් 
මගෙන් 
හිනා
මලක්

ඉක්කෝලෙ වැඩත් එක්ක කොහොමයැ මේවා ලියන්නෙ.... මීට විපතටපත් සිසුවෙක්.... :)

- රන්වන් මකරා -

Thursday, January 11, 2018

To her


As a
one who
never
had any
bros or sisters
and as
a one
who never
know the
brotherhood
and also 
a one who never know
to be in
a good
brotherhood

As she come
to here
not alone
but with a
somewhat
naughty boy

So go on
little one
be more 
courageous

And also
with matters
there is a
brother who
want to make
you happy

Not so much
difficult
to be
understand
but anytime
in future 
see when 
you can read
this as a
good memo
of your
golden 
child-hood




7th  B'day wishes to The Most Interested Reader in the blog Community'' .... little sis. 

- GoLdEn DrAgOn-

Saturday, January 6, 2018

එයා


හිමින් හිනහී
ඵලින් බර
බව මෙමට
පෙන්නීමට
ඔයා

ගෙයින්
ගෙනෙනා සිතින්
සිත හිමින් 
හංගා ගියා

මිතුරන් තිදෙනෙකි
සෙමින්
වැනෙමින්
මෙහෙ බලා

දොරින්
ජනලෙන්
හිමින් බැලුවේ
මට ඔයා

හිරුගෙ රශ්මිය
දරා ඉදගෙන
ලොවට උස්වූ
තැන ඔයා

හෙනක් ගහ
මිය ගියා මට
හිටප ඒ
කාමර සගා 

කාමරයට පෙනී දැන් පරලොව ගොස් ඇති ඔබටයි මේ පොල් ගස් මිතුරානි ස්තූතියි ලගින් ඉද සුවදුක් විමසුවාට

- රන්වන් මකරා -

Sunday, December 31, 2017

දික් කලිසම්

ඔබ මේ වදන් පෙළ කියවමින් සිටිනවා නම්, ඔබට කීමට ආරංචි දෙකක් ඇත. එකක් හොද ආරංචියකි. අනෙක දුක් මුසු වීමට හැකිය. පළමුව සුභදායී මෙන්ම ප්‍රිය ජනක වදන වෙත යොමු වෙමු. ප්‍රියජනක වදන නම් නව වසරක් එලභී ඇති බවය. ආරම්භක වීර්‍යයෙන් කටයුතු අරඹා කරගෙන යාමට සුභ නැකතකි. එනම් - ජෑ මා - කේස් එකකි. එහෙමත් නැත්නම් - ජය මහ - කේස් එකක්ය. ඉතින් එයට ජෑමා, ජෑමා වන්නට පතයි. මේ වසරේ සිංහල බ්ලොග් කරුවන්ගෙන් පළවන පළමු බ්ලොග් පෝස්‍ටුව මෙය බව කරුණාවෙන් සිහිපත් කළ යුතුය. නමුත් එය එසේ වන්නේ බ්ලොග්ර් ලොවට අධිපති අප මහා ගූ-ගල් දේවෝත්තමයන් වහන්සේ වේළාව හරි ගියෝතින් පමණි. මෙය මකරාගේ පළමු ශෙඩියුල්ඩ් පෝස්‍ටුවයි... ඉතින් ජෑ මා යමු පෝස්‍ටුව පැත්තට.

දික් කලිසම්

වසරක් ගෙවී 
නවමු වසරට
ඉතින් පා නගමු
දිගින් දික් කොට
මහපු කලිසම්
අමාරුවෙ වුනත්
අදිමු.....

තදේ තද යැයි
කියත් අපි 
අපහසුව මග හැරේ
යැයි කියත්
ඒක හින්දා දිගින්
හැදගෙන පළමු
වන දින පාසලට
පියනමු...

සුවහසක් දහය වසරෙ වුන්ගෙ දැවෙන ප්‍රශ්නය... මේ දික් කලිසම් ඇදගෙන ඉන්නෙ කොහොමද?

ගුඩ් බායි අවුරුදු නමයක් ඇන්ද සුදු කොට කලිසම...... මිස් යූ ඇන්ඩ් මිස්ට දෙදාස් දහ අට යූ ටූ.....

හිතන් ඇති මට වරදියි කියලා දහ අට නෙවෙයි ආයිබොවන්ඩ... දහ හත, දහ හත

ආ තව එකක් මට අමතක වුණා කියලනෙ හිතන් ඉන්නෙ.. අර මේ... අසුභ, දුක්ඛිත, මූසල, පිළිකුල් ආරංචිය..... මේ බ්ලොගිය කියවන මිස්ටලා, මිසිස්ලා, මිස්ලා, මාස්ටර්ලා   අවුරුද්දක් වයසට ගිහින් ආයිබොවන්ඩ

ආයෙමක්කැයි

- ජෑමායිබොවන්ට -


වෙනද වගේම  මම 
- රන්වන් මකරා -

Monday, December 25, 2017

කච්චිවත්තද? ගංගාරාමෙද?

මා කුඩා කාලයේ සිටම අප ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථාන තුනක් පිහිටා ඇත. ඒවා මෙසේ නම් කරමු.


රූපය මත ක්ලික් කරන්න.


1. ගංගාරාම මහා විහාරය
2. කච්චිවත්ත පුරාණ විහාරය ( දීපදුත්තමාරාමය - මෙම නම භාවිතයේ නොමැත. )
3. මහගොඩ පන්සල ( ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය )

මෙම විහාරස්ථාන දෙකම තුනම එක ලග පිහිටා ඇත. කෙසේ වෙතත් මකරා කුඩාම කාලයේදී වැඩි වශයෙන් යොමු වූවේ කච්චිවත්ත විහාරය දෙසටය. එයට හේතුව වන්නට ඇත්තේ එකට මකරා ‍රැදී සිටියේ මව් පාර්ශවයේ මහ ගෙදරය. එය වැඩි වශයෙන් කච්චිවත්තට ලංව පිහිටා තිබෙන නිසා එසේ වන්නට ඇත. 

කෙසේ වෙතත් එකල කච්චිවත්ත සාමාන්‍ය පුරාණ විහාරයක්ම විය. පුරාණ ගැමි පෙණුම ඉවත්ව ගොස් තිබුනේ නැත. එහෙත් දැන් තත්වය වෙනස් වී ඇත වසර 10ක් පමණ ගතවී තිබේ. සුනාමිය බොහෝ දෑ වෙනස් කොට හමාරය. කච්චිවත්ත දැන් විශාල බැතිමතුන් පිරිසක් පොදි කකා ‍රැස්වෙන තැනක් බවට පත් වී තිබේ. 

මකරා අද (24/12/17) කච්චිවත්ත විහාරයට ගොඩ වූයේ වසරකට පසුවය. ඇතුලුවන තැනම කාර්යාලයකි. පෙරසිටම මෙහි පැවති දේවාල මූලික සංස්කෘතිය නිසා දැන් ඇතුල් වන විට පූජාවක් නම් කාර්යාලයට මුදල් ගෙවා රිසිට් පතක් ලබා ගත යුතුය. 

පළතුරු වට්ටිය දෙයියා ඉදිරි පිටින් තැබිය යුත්තේ රිසිට් පතද සමගය. නැත්නම් දෙයියා පූජාව පිළිගන්නේ නැත. එවැනි වෙනස් වීම් මෙහි බොහෝමය. හැම තැනම දේවාල ය. 

ඇතුල්වන විටම ප්‍රධාන බුද්ධ මන්දිරයේ දෙපැත්තේ ඉන්නේ කතරගම සහ විශ්ණු දෙවිවරුය. සැරියුත්, මහ මුගලන් දෙනම නොවේ. හින්දු සංකෘතිය මූලික කතරගම දෙයියාය. අනේ සාදු ! උපාසක අම්මලා බිම පෙරලි පෙරලා වදින්නේ බුදු පිළිමයට නොවේ. දෙපැත්තේ දේවාල දෙකේ ඉන්නා දෙයියන්ටය. පිංවතුනි සාදු කාරයක් දෙන්න. 

බුදු මැදුරේ දෝංකාර දෙමින් පවතින්නේ සැදැහැතියන් ගේ වන්දනා ගාථා හඩ නොවේ. කපුවා මග හඩින් බෙරිහන් දී උගුර කඩාගෙන ගාන කඩා ගැනීමට ගන්නා උත්සහයයි. නැවතත් සාදු කාරයක්. සාදු! සාදු! සාදු!

එහෙත් ගංගාරමය දේවාල මූලික සංස්කෘතියක් කිසිවිට ප්‍රදර්ශණය නොකරයි. ඒ නිසා ගංගාරමයට එතරම් පොදි කකා ‍රැස්වෙන සෙනගක් නොමැත. අසල ප්‍රදේශයේ පිරිස එකතුවී පොඩියට පිංකමක් සංවිධානය කල ගනී. සෑම පොහොයකටම සිල් සමාදන්වෙයි. 
කුඩා ඇළ පෙනෙන්නේ නැත . මම එය ඇන්දෙමි - රූපය මත ක්ලික් කරන්න.

දහම් පාසල පවත්වාගෙන යයි. මෙහි පෙර සදහන් කළ පුරාණ විහාරයට වඩා ඉතිහාසයක් ඇතත් කිසි විටෙක එය කියා කෑ ගැසීමට නොයයි. සෞම්‍ය පරිසරක පිහිටා තිබේ. ගංගාවකින් සහ කුඩා ඇළ පහරකින් වටවූ සෞම්‍ය නිස්කලංක පරිසරයකි. 

එය සැබැවින්ම අර්ධ ද්වීපයකි. කෙතරම් මිහිරක්ද, ගොඩබිමට සම්භන්ද අනෙක් කොටසින් කිසිදු ගමනා ගමනයක් සිදු නොවෙයි. ඒ කොටසෛන් ගමන් කිරීමට නොහැක හේලීස් ආයතනයේ තාප්පයෙන් ඒ ප්‍රදේශය අවසන් වෙයි. පන්සලට පිවිසිය හැක්කේ කුඩා පාළමකිනි. අවශ්‍යනම් බෝට්‍ටුවෙන්ද පැමිණිය හැකිය. 

මෙය කොතරම් සෞම්‍ය පරිසරයක්ද? ගැමි මිහිර යහමි දැණෙන්නට අවැසිනම්, මුහුදු බඩ පරිසරක පැරණි ධීවර ගම්මානයක තවමත් ගෝලීයකරණය නොවුණු මෙතරම් අලංකාර දූපතක පන්සලක් මේ ක‍ටුක, ගොඩනැගිලි පිරි ගාලු නගර සීමාවේ දැක ගත හැකිනම් එය ගංගාරාමය පමණක් යැයි කිව හැක.

ලබන වසරේ දහම් පාසල අරබා මෙහි යාමට ආසාවෙන් බලා හිදිමි.

(සැලකිය යුතුයි - මෙය කිසිදු බෞද්ධ සිද්ධස්ථානයක් හෙලා දැකීමට සිදු කරණ ලද ප්‍රකාශයක් නොවේ. කොටසක් පමණක් අල්වාගෙන අදහස් පළ නොකරන්න. මෙලොව වසර 14ක් ගත කොට ඇති කොලු ගැටයෙකුට තම ගමේ වෙනස් වීම ගැන තමාට හිතෙන ආකාරයි. තවම ඔහු වයස 14ක කොලු ගැට්ටෙක්ය මේ මට දැනෙන "අපේ ගම" යි."ගම් පෙරලියයි'' )

වසරේ අවසන් පෝස්‍ටුවයි "හැපි නිව් ඉයර් ගයිස්" ජය මහ කාලී ජිනේ දිනේ - සරුප නයි වෙන කතා මේ වසරේවත් එපා කියලා පතමු.

Sunday, December 24, 2017

නත්තල


මෙගිනි අව්වෙත්
පුවත් මැදිරියෙ
හිම වැටීමට
ගනියි

පුවත් කියනා
වුන්ට එතනත්
ඉතින් හීතල
දැනෙයි

හිසේ ඉදලා
රතේ රතු 
පාටින්
දිලෙයි

කොයින්දෝ 
ඇවිදින්
පප්පා එහෙ මෙහෙ
දුවයි

සුපිරි හල්වල
ඉන්න වුන්ටත්
ඉතින් පිස්සුව
දැනෙයි
ඉහේ ඉදලා
රතේ රතු පාටින්
දිලෙයි

පාරෙ යනකොට
පප්පා ඇවිදින්
ටොපී චොක්ලට්
පුදයි අපේ
කඩයෙන් ගන්න
බඩු යැයි

පප්පා හෙමිහිට 
කියයි

 - ජෑ මා නත්තල් -

- රන්වන් මකරා -

Wednesday, December 20, 2017

දිසාපාමොක්


වෙනත් ඉටි
පන්දම් එකිනෙක
දැල්වීමට නිවි නිවී
දැල්වෙයි

එගිනි දැල්වී
බලා හිදිනා
විටදි ඔහුගේ
තිරේ අවසන් 
වී නිමෙයි

සියුම් දුම්
රො‍ටු හිමින්
හිමිහිට ඉහලට
නගියි

අහෝ! ඔහුගේ
මලගමයි'යැයි
දැවෙන ඉටි
පන්දම් හඩයි


- රන්වන් මකරා -

Wednesday, December 13, 2017

ක්‍රේන්ද්‍රික ඛන්ඩ

රවුමක් වටේ
ඇත විහිදී
කරුණාකර
කරදල කරන්නෙපා
පුන්චි අපේ හිතට
රවුමට රවුමට
කරත්ත රෝදය
වගේ ඇදී
යන්න ගියා
මැකිලා

ප්ලීස් අනේ
ඛණ්ඩ මචෝ
කරදර කරන්නෙපා
දහය වසරෙ
ගණිත පොතේ
මුලින්ම ඇවිදින්
කරදර කරන්නෙපා

මිණුම් පොතේ
මුල් පි‍ටු ටික
දියකර හරින්නෙපා
පෛතගරස් ප්ලීස්
ඔයා මේ පැත්තේ
එන්න එපා.

පෛත මචෝ
ඇවිත් ගිහින්
මැරුම් කන්න
එපා 

පෛතගරස් ඔයා
ඇවිත් මග හැර
යන්න එපා ගමේ
ලමෝ සියළු දෙනා
බලා ඉදී
ඔබ එනතුරු.

ගණන් පංතියේ ඔට්‍ටුවකට ලියවූ කවියකි. මට ඕනෑම මාතෘකාවක් ගැන ලිවීමට හැකි යැයි කියා මිතුරන් දෙන ඕනෑම මාතෘකාවකට මට ලිවීමට සිදුවිණ. මගේ හොදම මිත්තරයා සසිත් පාඩමේ අපිට ඔපාම කරපු මාත්තුරු කාව වෙන මෙය කීවේය. ඔට්‍ටුව දිනීමටත් ඕනෑ නිසා මගේ සාම්ප්‍රදායක සම්ප්‍රදායෙන් මිදී. ඉන්ගිරීසියත් භාවිතා කළෙමි. එහෙනම් කට්ටිය කියමු බලන්න මාත්තුරුකාවක් ඕනෙ එකක් ගැන ලියනවා. මාත්තුරුකාවෙ උපරිම දිග වචන දෙකකි.

- රන්වන් මකරා -

Tuesday, December 12, 2017

ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා 
නගරය තුල තුරු අතු අතරේ 
ගී ගයමින් හිඳ අප තුරුලේ  
ඇය යන්න ගියා මැකිලා 
ඇය යන්න ගියා මැකිලා 

උණු කදුලක් නෙතු අග තවරා  
මිහිදුම් සලුවෙන් මුහුණ වසා 
නිල්ල නිලන නිල් මුහුද මැදින්
සඳ එළියේ මංපෙත පාදා 
මරණය  සඟවා ගොලුවූ හදකින් 
යන්න ගියා මැකිලා 

ඇය යන්න ගියා මැකිලා......... 

යලි හමු වෙන බව බව
මද පවනක් හිස අත ගා කීවද 
අදහා ගන්නට නොහැකිය 
කිසි දින ඇය යළි 
නොඑතැයි ගිම්හානෙට පෙර 

මුල් ගායනය - අමරසිරි පීරිස්



මිස් යූ ඕකි.. ජීවිත 15 ‍රැගෙන් ඔබ යන්න ගියා මැකිලා ඉන්දියාව පැත්තට...


- රන්වන් මකරා -

Monday, December 11, 2017

දුනු වායෙක්මි මම

දුනු වායෙක්මි මම
සිතූ දේ කරන

දුනු වායෙක්මි මම
වදන් පද විදින

දුනු වායෙක්මි මම
යුද බිමේ දිවි පුදන

දුනු වායෙක්මි මම
නිදහසේ කල් ගෙවන

දුනු වායෙක්මි මම
මිනී මරු හී එවන

දුනු වායෙක්මි මම
එල්ලයකට විදින

දුනු වායෙක්මි මම
පේලියට හී එවන

දුනු වායෙක්මි මම
වදන් පද පෙල් එවන

දුනු වායෙක්මි මම
ඔහේ කවි ලියන

දුනු වායෙක්මි මම
මැරෙන තුරු මග අසන


- රන්වන් මකරා -