කියවන්නෙපා, මේක තනිකර සම්ප්‍රප්පලාපා විතරයි


කලින් කිවූ සේ ඔබේ මකරා පොතක් ලියා ඇත එහි මුලින් එන ආදරේ කොටන්නට ගොස් බ්ලොගේට මොනා හරි කොටා දැමිය යුතුය යන දඩාර හිතුවිල්ල ආවේය.

සුබ ආරන්චියක් ඇත ඔබේ පොඩි මකරා දැන් ලොකු මිනිහෙකි. මාතලන් මාමාගේ අය්යාගේ (දැන් මම ලොකු මිනිහෙක් හරිතේ) කියවනේ දහ අටෙන් පහල බ්ලොග් ලිස්ටුවෙන් හැලෙන්නට කාලේ හරිය. මකරට දැන් 18කුත් දින කිහිපයකි. ඉතින් මාතලන් මාමාට ඉන්ටනෙට් තැපැල් යවා ඉල්ලාගත් දහ අටෙන් පහල ඉඩට දැන් යන්න දෙන්නට කාලෙ හරිය. (ඒත් කවුරුත් ඒක ගැන මතක් කරනව එහෙම නෙවේ, ඔන්න ඔහේ ඉඩ දෙන්න මට පොඩි උන් ගොඩේ තව ඉන්න) දහ අට පිරීම ටිකක් හොද ටිකක් නරක ගොඩක් ආතල් සිද්දියකි. වාහන පදින්නට බලපත්රයක් ගන්නට දැන් හැකිය. දහ අට වෙන්නත් කලින් මෝටර් සයිකලයක් මිලට ගැනීමට හැකි වීම තවත් ආතල් සිදුවීමකි. අන්තර්ජාලයෙන් එකල සිට හෙවූ ඩොලර් රුපියල් කොට වසර 30ක් පරන හොන්ඩා බෙන්ලියක් ගත්තෙමි. එහි හොද නරක නොදනිමි. ඒත් ටික දවසකින් තාත්තාටත් එයින් එකක්ම ඕනෙ වී ඒ වර්ගයෙන්ම පැදියක් මිලදී ගැනීමෙන් දෙන්නගේ උණ හොදින් පැහැදිලි වනවා ඇත. මිලදී ගෙන ටික දවසකි පින්තාරුවකට කාලය හරිය. කොම්පැනියේ වැඩද යහමින් කරගෙන යමි. දැන් එයට නීත්‍යානුකූල සහතිකයක් ගෙන සමාගමේ ඩිරෙක්ටර් මකරා වීමටද හැකියාව ඇත. අපි කරන්නේ ගිනි අවුලවන වැඩය. මකරුන් වන අපට ඒවා නතින්ය. සම්ප්රප්පලාභාම නොකියා වැඩදායී දෙයක්ද කිව යුතුය. නැතිනම් එන ටික දෙනා යන්නේද මෙතන ගිනි අවුලුවාය. අලුත් පොතෙන් උපුටනයක් තබා අදට දිවි බේරාගනිමි. 


ආක්ටික් ගැලැසියරුත් දියවෙන්නෙ මහරෑට
ගල්වගේ වෙඬරු හිත් දියවෙන්නේ හීතලට
පොත් කන්ද ගොඩ ගහන් ඒ මැදට වී
නින්ද යන්නේ සැපට මහරෑට
පොඩි කට්ට වට දෙක තුන
ඇඹරි ඇඹරී යන කොට
වේච්ච හුටපට දවස තිස්සෙ ම
දිග හැරේ මතක පොත ටික ටික
තරුත් නිදිමතේ නිවි නිවී
තියෙන හැටි දුටුව විට දැල්වෙවී
නිදිමතේ ගුලිවෙවී
පනී එළියට සිතුවිලි
දුවමු මේ ජිවිතේ හති ඇර ඇර
නිදිමතේ කට ඇරී
පෑන් එහෙමෙහෙ දිව යතී
පැන්සලූත් තරගෙට මෙනී
කටර් ඇතුලෙම නිදි වදී
පොත් හිමිහිට එක දෙක
පිටු පෙරළී යන කොට
හයිලයිටරුත් හති දම දම
අකුරු පස්සෙම දුවති දමා හැඩ වැඩ



සමාවනු මැන ලියන්නට දෙයක් ඔලුවට එන්නේම නැත. 


ජෑමා කාලී 


 

Comments

  1. අවුලක් නැත. යමක් ලියන්නට ගන්නා, උත්සාහය වුවද අගය කරමි.🙏😊

    ReplyDelete
  2. ඔය අපූරුවට නිසදැසක් ලියලා තියෙන්නේ.

    දවස තිස්සේ සිදු වූ දේද
    හෙට අනිද්දා කරමියි සිතු දේද
    හිත පුරා රැව් පිළි රැව් දේද
    නින්දට කිසි ඉඩක් නොදේද
    පෑන් පැන්සල් අතේ දැවටේද
    පොතේ පිටු එකින් එක පෙරළේද
    දැනුම ගෙන දේද
    නිදිමත ඒ ද
    එය හොඳම දේ නොවෙද?


    ReplyDelete
  3. කියවන්ඩ එපා කිව්ව නිසා කියෙව්වෙ නෑ. පහළට ආව කමෙන්ට් එකක් වත් දානව කියල, ඒ එනකොට කියනව, "කමෙන්ට් එකක් නොදැම්ම කියල අහිතක් නෑ" කියල. ඒ හිංද ‌කමෙන්ට් එකක් දාන්නැතුව යනව කියල හිතුවහම, ආයෙ කියනව, "එහෙම කියල නොදා යන්ඩ එපා"ලු. දැං මං යනව ආයුර්වේද රෝහලකට, මොලේට වැටිච්ච ගස් ගැටේ ලිහා ගන්ඩ...

    ReplyDelete
  4. පොඩි ෂර් කියවන්ඩ එපා කියල තියෙන නිසා ඔන්න අපිනං කියෙව්වේ නෑ හිටං.
    අර ලොකු තැනට කියන්ඩ ඔච්චර ආඩම්බර වෙන්ඩෙපා කියල, බෙන්ලි පැදපැද ඉන්නවෙලේ ඔය මක්කවත් ලිව්වා කියල මක්ක වෙනවද. හිච්චි එකා කාලෙ ඔය දොඩන්දූ පැත්තෙ විතරක් ඇන්ටික් කතා කොච්චරක් කියල ඇද්ද ඈ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  5. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  6. ලස්සන නිසදැස! 💚
    19 වියට පා තැබුමට සුභ පැතුම්! සුභ උපන්දිනයක් වේවා! 🎂

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.