Sunday, October 9, 2016

මාළුන්ට ගස් නැගීමට උගන්වන අධ්‍යාපන ක්‍රමය

 ගොඩ කාලෙකින් ලිපියක් ලියන්නත් බැරි උනා. කොහෙද ඉතින් මේ ඉස්කෝලෙ වැඩත් එක්ක. මම ගැන පොඩි බ්ලොග් ලිපියක් ලියලා තිබ්බා. 

උපුටා ගැනීම Sinhala Blogger

Teaching Fish to Climb Trees

මාළුන්ට ගස් නැගීමට උගන්වන අධ්‍යාපන ක්‍රමය

මුහුනු පොතේ සැරිසැරීමේදී හමුවූ වටිනා ඉදිරිපත් කිරීමක් අද මා ඔබවෙත Sinhala Blogger වෙතින් ගෙන ඒමට තීරනය කලා. මෙය බ්ලොග් කරනයට සම්බන්ද වන්නේ කෙසේද කියා ඔබට සිතනු ඇත නමුත් මෙය පෙන්නුම් කරන්නේ අපගේ අධ්‍යාපන ක්‍රමය අපව නිර්මානශීලීත්වයෙන් අඩු වහලුන් බවට පරිවර්තනය කරන්නේ කෙසේද කියාය. එමෙන්ම සෑම පුද්ගලයෙකුම එක හා සමාන නොවන් බැවින් එක් ක්‍රමයක් අනුව නිර්මානයවූ අධ්‍යාපන ක්‍රමය කෙනෙකු දක්‍ෂයෙකු කරන අතර තවත් බොහෝ දෙනෙකු තමන් අනුවනයන් යැයි සිතන ස්ථානයට ගෙන එන්නේ කෙසේද යන්නයි.
සැවොම විශිෂ්ට බව ඇල්බට් අයින්ස්ටයින් වරක් කියා ඇත, නමුත් ඔබ මාළුවෙකු උගේ ගස් නැගීමේ හැකියාව මත විනිශ්‍චය කරනු ලැබුවහොත් ඌ උගේ මුලු ජීවිත කාලෙම තමා අනුවන මෝඩයෙකු යැයි සිතමින් ජීවත් වනු ඇත.
everyoneisagenius
අපගේ අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සම්පූර්නයෙන්ම මේ ආකාරයටය එය මාළුන්ට ගස් නැගීමට පමනක් නොව නැවත ගසෙන් බැස සැතපුම් සියයක් දුවන්නටද සලස්වයි. අධ්‍යාපන ක්‍රමය පාලනය කරන්නන් සිතා සිටින්නේ මෙය වටිනා ක්‍රියාවක් බවයි එනම් මිලියන ගනනින් මිනිසුන්ව රොබොට්ටන් කරවීම ඔවුන්ට සතුටක් මෙන් පෙනෙයි.
ලොව පුරා පාසල් වල මෙම අසරන මාළුවාට සමාන ළමුන් බොහෝ ගනනින් ඇත. ඒ ළමුන් තමන් ගේ දක්‍ෂ තාවයන් හදුනාගත නොහැකිව තමන් අදක්‍ෂ, මෝඩ සහ වටිනාකමක් නොමැති යැයි සිතමින් උඩුගං බලා අමාරුවෙන් පීනති.
මම අධ්‍යාපන ක්‍රමය මිනිසුන් ගෙ නිර්මානශීලීත්වය, පුද්ගලභාවය විනාශ කිරීම සහ බුද්ධිමය වශයෙන් අපචාරයට පත් කිරීම සදහා සම්පූර්නයෙන්ම වග කිව යුතුය. මන් ද මෙය යල්පැනගිය අවශ්‍ය ප්‍රමානයට වඩා භාවිතයට පාත්‍රවූ ආයතනයකි.

ඔබගේ අවදානය යොමු කරන්න

%e0%b6%b8%e0%b7%99%e0%b6%ba-%e0%b6%b1%e0%b7%80%e0%b7%93%e0%b6%b1-%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%92
මෙය නවීන දුරකතනයකි.
%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%94-150%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%b1%e0%b7%92-%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba
මෙය අවුරුදු 150ක් පැරනි දුරකතනයකි. වෙනස දුටුවාද?

%e0%b6%b1%e0%b7%80%e0%b7%93%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a-%e0%b6%bb%e0%b6%ae%e0%b6%ba%e0%b6%9a%e0%b7%92
මේය නවීන කාර් රථයකි.
%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%94-150%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%b1%e0%b7%92-%e0%b6%bb%e0%b6%ae%e0%b6%ba%e0%b6%9a%e0%b7%92
මෙය අවුරුදු 150ක් පැරනි රථයකි, වෙනස දුටුවාද?

පාසලක පන්ති කාමරයක්
අද කාලේ පාසලක පන්ති කාමරයක්.
අවුරුදු 150ක් පමන් පැරනි පන්ති කාමරයක්
අවුරුදු 150ක් පමන් පැරනි පන්ති කාමරයක්. මොකක්ද වෙනස?

අවුරුදු සිය ගනනකට කිසිත් වෙනස්වී නොමැත

පාසල් තුලින් ළමුන්ව අනාගතයට පුහුනුකරනවා නොව තවමත් ළමයින්ට අතීතයෙ මෙන් උගන්වා ඔවුන්ව යටගියාවට පුහුනු කරන්නේය. අතීත අධ්‍යාපන ක්‍රමය නිර්මානය කර තිබෙන්නේ ළමයින්ව කර්මාන්තශාලා වන් හී සේවයට පුහුනු කිරීමටය. ළමයින්ව පෝලිමට තබා ගැටලුවක් ඇතොත් හෝ කතා කිරීම සදහා අතක් ඔසවා අවදානය ලබා ගැනීමට පුහුනු කරන්නේත් ඔවුන්ට පැය 6කට හෝ 8කට අතර මැද කෙටි විවේකයක් ලබාදී සිතිය යුත්තේ කුමක්ද යන්න කියා දෙන්නේ මේ නිසාය.
එමෙන්ම විශිෂ්ට A සාමාර්ථයක් සදහා තරග වැදීමට සලස්වන්නේ නිෂ්පාදනයේ ගුණාත්මක බාවය සහ ප්‍රමිතිය සදහාය. ඇත්ත එය අතීතය සදහා සුදුසුය නමුත් අද කාලය වෙනස්‍ ය අපට හිත්පිත් නොමැති රොබොට්ටන් අවශ්‍ය නැත, ලෝකය දැන් දියුනු වී ඇත අපට දැන් අවශ්‍ය නිර්මානශීලීව, නව්‍යය ලෙස, ගැඹුරු ලෙස, නිදහස්ව සහ එකමුතුව සිතිය හැකි මිනිසුන්‍ ය.
මොල දෙකක් එකකට එකක් සමාන නැති බව ඔනෑම විද්‍යාඥයෙක් පෙන්වා දෙන දෙයකි. ළමයින් දෙදෙනෙකුට වඩා ඇති ඔනෑම දෙමවුපියෙකුට එය සහතික කල හැකිය. එසේනම් අධ්‍යාපනය මේ ආකාරයට විස්කෝතු හදන අච්චු ලෙස සහ හිසේ දමන තොප්පි ලෙස ක්‍රියා කරන්නේ මන් ද? ඒ සියලු දෙනාටම එකම දේ දේන්නේ මන් ද?
මදක් සිතන්න වෙදෙක් එකම බෙහෙත සියලුම ලෙඩුන්ට දුන්නහොත් කුමක් සිදුවේවිද? බොහෝ ලෙඩුන්ට අසධ්‍ය නොවන්නේද? අද අධ්‍යාපනයත් එසේමය. මෙය අධ්‍යාපනයේ අක්‍රමිකතාවයි එක් ගුරුවරයෙකු එකිනෙකට වෙනස් හැකියාවන්, අවශ්‍යතාවන්, තලෙන්ත සහ සිහින ඇති ළමයින් පිරිසක් ඉදිරියේ සිටගෙන එකම දේ එකම ආකාරයට ඉගැන්වීමයි. මෙය ඉතා බිහිසුනු තත්වයකි! මෙය ඉතා දරුනු ඛේදවාචකයකි.

වරද ගුරුවරුන් ගේ ද?

මෙය ගුරුවරුන් ගේ වරදක් නොව මන් ද ලොව වටිනාම රැකියාව කරන්නේ ඔවුන් ය, එමෙන්ම ඔවුන් ගේ ගෙවීම් ඔවුන් ගේ රැකියාව සදහා කිසිසේත්ම නොගැලපෙන්නේය. ඔවුන්ට ගෙවීම් කරන්නේ අවශ්‍ය පමනට වඩා ඉතා අඩුවෙන් ය. අප සිතනවා ඉගැන්වීම සුලු දෙයක් ය කියා නමුත් ඔවුන්ට වෛද්‍යවරුන්ට හා සමානව ගෙවිය යුතුය. මන් ද වෛද්‍යවරයාට දරුවෙකුගෙ හදවතක් සුව කර ජීවිතයක් බේරා ගත හැකිය එසේම උතුම් ගුරුවරයෙකුට ඒ හදවතට ඇතුලුවී සථ්‍ය ලෙස ජීවත් වීම ඉගැන්විය හැකිය.
මෙම ගැටලුවට දෝශාරොපනයන් ලබන වීරයෝ ගුරුවරුය, නමුත් එය ඔවුන් ගේ වරද නොවන්නේය. ඔවුන් ක්‍රියා කරන්නේ විකල්පයක් හෝ අයිතිවාසීකමක් නොමැති පද්ධතියක් තුලය. විෂය මාලාවන් නිර්මානය කර ඇත්තේ බොහෝවිට එක දවසකවත් අධ්‍යාපනයක් ලබා නොමැති ප්‍රතිපත්ති නිර්මාන කරුවන් විසිනි.
සම්මත විභාග පරීක්‍ෂනයක ප්‍රශ්න පත්‍රයක නිවැරදි පිලිතුර තේරීම මගින් දක්‍ෂතාවය සහ සාර්ථකත්වය  තෝරාගත හැකි බව ඔවුන් ගේ මතයයි. ඇත්තෙන්ම එය කිසිදු වටිනාකම් නොමැති පරීක්‍ෂනයකි, ඇත්තෙන්ම මෙම පරීක්‍ෂන යොදාගැනීම ඉතා අසික්කිතය, මෙම පරීක්‍ෂන තුරන් කර දැමිය යුතුය. මෙසේ පවසන්නේ මා නොව මෙසේ පවසන්නේ මෙම පරීක්‍ෂනයන් ගේ නිර්මාතෘ ෆ්‍රෙඩ්‍රික්. ජේ. කෙලී ය Frederick. J. Kelly and Standardized Testing.
these tests are too crude to be usedමේ ආකාරයට දිගින් දිගටම ගමන් කලොත් ප්‍රථිපල ඉතා දරුනු විය හැකිය. පාසල් පිලිබදව වැඩි විශ්වාසයක් තැබිය නොහැකි වූවත් මිනිසුන් කෙරෙහි විශ්වාස කල හැකිය. අපට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, යාන වාහන සහ අපගේ මුහුනු පොතේ පිටු අපට අවශ්‍ය ලෙස වෙනස් කරගත හැකිනම් අධයාපනයත් වැඩි දියුනු කිරීමත් අපගේ වගකීමයි.

වෙනස…

පාසලේ විභාග තරණය කිරීමේ අර්ථය නොව, අප සියලුම දරුවන් ගේ ජීවිතයේ නියම අර්ථය ඉදිරියට ගෙන ඒමට ක්‍රියා කරමු. එයයි අපගේ කාර්‍ය විය යුත්තේ.
පොදු හරය නොව ඒ වනුවට සෑම පන්තියකම දරුවන් ගේ හදවතේ හරය වෙන වෙනම හදුනා ගමු. ඇත්ත ගණිතය අනිවාර්‍යයි නමුත් කලාව, රංගනය හෝ වෙනත් විශයක් ඊට දෙවැනි නොවිය යුතුය. සෑම නිපුනතාවයකටම සමාන සැලකීමක් දක්වමු.
මා දන්නවා මෙය සිහිනයක් මෙන් පෙනෙන බව නමුත් ෆින්ලන්ඩ් (Finland School System) වැනි රටවල් දැනටමත් විශ්මිත ලෙස මේ පිලිබදව ක්‍රියාත්මක වනවා. ඔවුන් ගේ දිනපතා පාසල් කාලය කෙටිය, ගුරුවරුන් සාධාරන වැටුපක් උපයනවා. ළමයින්ට ගෙදර වැඩ කොහෙත්ම නෑ, ඔවුන් තරගකාරීත්වය වනුවට සාමූහිකත්වයට මුල් තැන ලබා දෙනවා . නමුත් මෙයයි එහි සැබෑ තත්වය, ඔවුන් ගේ අධ්‍යාපන ක්‍රමය මුලු ලොවෙන්ම අනෙකුත් සියලු රටවලට වඩා ඉහලින් වැජඹෙනවා. සිංගප්පූරුව (Singapore Education System) වැනි රටවල්ද මෙලෙස දිගින් දිගටම සාර්ථක වෙමින් පවතිනවා.
පෙර පාසැල් වැනි ළමුන්ගේ කුසලතා වර්ධනය කරන පාසැල්, කාන් ඇකඩෙමි khan Academy වැනි ඉගැන්වීමේ ක්‍රම, මෙම ගැටලුවට පිලිතුරු ඇත්තේ එකක් නොව නමුත් බොහෝය. එබැවින් අපි ඉදිරියට යමු. මන්ද පාසැල් සිසුන් ජන ගහනයෙන් 20%ක් පමන වූ වත්, අනිවාර්‍යෙන්ම ඔවුන් අප අනාගතයේ 100%යම වන්නේය. එබැවින් ඔවුන් ගේ සිහින වලට ඉඩ දෙමු, අපට අත්කර ගත නොහැකි කිසිවක් නොමැත.

මෙයයි මා අදහන ලෝකය, එහි මාළුන්ට තවත් ගස් නැගීමට බල නොකරනු ඇත.

මාගේ පැවසීම සම්පූර්න සථ්‍යයකි…

මා දකින ආකාරයට අපේ අධයාපන ක්‍රමය විය යුත්තේ කුමක්ද කියා ඔබ ඇසුවොත් මාහට පැවසීමට ඇත්තේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් Benjamin Franklin මහතාගේ වදනකි එනම්: මට පවසන්න මට එය අමතක වේවි, මට කියා දෙන්න එවිට මා ඉගෙන ගනිමි, මාව දායක කරගන්න එවිට මට මතක තිබේවි යන්නයි.
tell-me-i-forget

මේ ලිපිය ඇයි බ්ලොග් නිර්මානය කරන අඩවියක පල කරන්නේ?

ඒ මා දැනට පවතින අපගේ පාසැල් අධ්‍යාපනය යමෙකුගේ සාර්ථක බාවයට අදාල වනබව කිසිසේත් විශ්වාස නොකරන බැවිනි. මන්ද ලොව දියුනුම සහ වටිනාම සොයාගැනීම් කල සියලුම මිනිසුන් නිසි පාසැල් අධ්‍යාපනයක් නොලැබූ හෝ පාසැලෙන් නෙරපනු ලැබූ පුද්ගලයන් වීමයි.
නිසි පාසැල් අධ්‍යාපනයක් නොලැබූ හෝ පාසැලෙන් නෙරපනු ලැබූ පුද්ගලයන්
එයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ පසැල් අධ්‍යාපනය මිනිසු ගේ චින්තනය රාමුවකට කොටු කිරීමයි. නිසි පාසැල් අධ්‍යාපනයක් නොලැබූ පුද්ගලයන් එම රාමුවෙන් පිටත සිතයි මන්ද ඔවුන් එම රාමුවට කොටුවීමට ප්‍රථම පාසැලෙන් ඇත්වී ඇති බැවිනි.
මූලික අධ්‍යාපනය ඉතා වැදගත්, නමුත් තරගකාරී බව සහ විභාග සදහාම ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමය සම්පූර්නයෙන්ම ළමුන්ව රාමුවකට කොටු කිරීමක් ලෙසයි මා දකින්නෙ.

මා හොදින්ම හදුනන උදාහරන…

මෙසේ නිසි ආකාරයෙන් පාසැල් අධයාපනයක් නොමැතිව තම ජීවිතය සහ මුලු ලොවම ජයගත් මිනිසුන් අතරට එක්වන කීපදෙනෙකු නම් වශයෙන් ගතහොත්  ඇල්බට් අයින්ස්ටයින් Albert Einstein, එබ්‍රහම් ලින්කොන් Abraham Lincoln, වින්ස්ටන් චර්චිල් Winston Churchill, විලියම් ශේක්ස්පියර් William Shakespeare, හෙන්රි ෆෝර්ඩ් Henry Ford, ස්ටීව් ජෝබ් Steve Jobs, බිල් ගේට්ස් Bill Gates, රිචඩ් බ්‍රැන්සන් Richard Branson සහ ඔබ හොදින් දන්න මූහුනු පොතේ නිර්මාතෘ මාර්ක් සූකර්බර්ග් Mark Zuckerberg. නමුත් මේ මුලු ලොවම දන්නා පුද්ගලයින්‍ ය. එසේ නම් මා හොදින්ම හදුනන පුද්ගලයින් කවුරුන් ද? ඒ වෙන කවුරුත් නොව මාගේ ලොකු අම්මාගේ පුතාය.

ලොකු අම්මාගේ පුතා…

ඔහුවද පාසැල් අධ්‍යාපනයට දැක්වූ අඩු දක්‍ෂ තාවයන් නිසා පාසැලින් පිටමන් කල අතර ඉන් පසුව වෘත්තීය පුහුන්වීමේ පහසුකමක් තුලින් විද්‍යුත් තාක්‍ෂනය හදාරා පසුව ලංකාවේ සේවය කර ඉන් පසුව තවත් රටවල් කිහිපයකම තාක්‍ෂනික ශිල්පියෙකු ලෙස සේවය කර, දැන් ලොව විශාලතම සහ ප්‍රකටම ජාත්‍යන්තර හෝටල් ජාලයකට අයත් ඕමාන් හී ඇති අධි සුඛෝපභෝගී හෝටලයක තාක්ශනික අංශයේ අධ්‍යක්‍ෂ වරයා ලෙස සේවය කරමින් සිටී.
සාමාන්‍ය ක්‍රමය මුලින්ම ගණිතය සහ විද්‍යාව සදහා උසස්පෙල සමත් නොවී විද්‍යුත් තාක්‍ෂනයෙන් ඉදිරියට යා නොහැකිය. එමෙන්ම උපාධියක් නොමැතිව තාක්‍ෂනික ක්‍ෂේත්‍රයේ අධ්‍යක්‍ෂ තනතුරක් කෙසේවෙතත් කළමනාකරන තනතුරකටවත් යා නොහැක. නමුත් ඔහු එම පටු චින්තන රාමුවෙන් මිදී, තමාට ඒ ඒ අවස්ථාවන්හී අවශ්‍ය දැනුම ඒ ඒ අවස්ථාවන්හී රැස් කරමින් තම දක්‍ෂතාවයන් නිසි ස්ථානයන්හී පෙන්වා උපාධිදාරියෙකුටවත් පහසුවෙන් ලගාවීමට නොහැකි ස්ථාන කරා ලගා වී ඇත. එමෙන්ම ඔහුගේ සාමාන්‍ය පිලිගත් අධ්‍යාපනය පාසලින් අවසන් වූවත් ඔහුගේ ඉගෙන ගැනීම කිසි දිනක අවසන් වන්නේ නැත ඒ ඔහු අවශ්‍ය දේ අවශ්‍ය අවස්ථාවේදී ඉගෙන ගන්නා බැවිනි.

කන්නාඩියේ සිටින මිනිසා…

මෙසේ විශාල ගමනක් පැමිනි තවත් පුද්ගලයෙකු මා හොදින්ම දනිමි. ඔහු තමා ඉගෙනුම ලබන අනුරාධපුර ග්‍රාමීය පාසැලේ හයවන වසරේ සිට තම දෙමව්පියන් ගේ සම්පූර්න සහය මත තැපැල් මාර්ගිකව විද්‍යුත් තාක්‍ෂනය හාදාරා නමුත් පාසැලේ ගණිතයට සහ ඉංග්‍රීසි විශයන්ට ලකුනු “0”ක් සෑම විටකම රැගෙන, සාමාන්‍ය පෙල නිසි පරිදි සමත් නොවී, පාසැලට නැවත පැමිනීම තහනම් කල පසු නගරයේ විද්‍යුත් කාර්මික ආයතන කීපයකම එදිනෙදා වැටුපක් නොමැතිව සේවය කර, වයස 18 සම්පූර්න වූ විගස රටේ පිලිගත් ආයතනයක විද්‍යුත් තාක්ශනික අංශයේන් රැකියාවකට ඇතුලත් වී, ඉන් පසු මාලදිවයින, කටාර්, ඩුබායි යන රටවල් වල සේවයේ යෙදී, ඔමාන්, ඇෆ්ගනිස්ථාන්, සව්දි අරාබි, බහරේන් වැනි රටවලත් කෙටිකාලීන සේවයේ යෙදී, පසුව ඩුබායි හී පිහිටුවා තිබෙන ජර්මන් ජාතික ජාත්‍යන්තර ආයතනයක ලක්ෂ පහකට ආසන්න මාසික වැටුපක් උපයන ප්‍රධාන තාක්ශනික නිලධාරී තනතුරක් දරන, චිත්‍ර කලාව, තාරකා විද්‍යාව, රොබෝ තාක්‍ෂනය, විද්‍යුත් යාන්ත්‍රික විද්‍යාව සහ බ්ලොග් අඩවි නිර්මානය විනෝදාංශයන් කරගත් මාගේ කන්නාඩියේ සිටින මිනිසාය.

තවත් මෙවැනිම පුද්ගලයන් පිලිබදව සුබ ලකුනු…

අන්තර් ජාලයේ මිතුරන් අතරේ තවත් මෙවැනිම රාමුවෙන් පිට සිතන පුද්ගලයන් යම් යම් අවස්ථාවන් හී හමු වීම මාගේ සිතට ඉතාමත් සතුටක් උපදවන දෙයකි. මෙවැනි පුද්ගලයන් අතර මා වඩාත්ම සිත් ගත් අයෙකු වන්නේ “රන්වන් මකරා” නමින් පෙනී සිටින පාසැල් සිසුවෙකි.
goldon-dragon
ඔහු නිතරම අන්තර්ජාලයේ නොයෙකුත් ව්‍යාපාර අත්හදා බලමින් ජීවිතය යම් ආකාරයකින් ජය ගැනීම සදහා විශාල උත්සහයක යෙදෙන මාගේ දැක්ම පරිදි ඉතා දක්ශ ළමයෙකි. මෙම සිසුවාගේ පාසැල් අධ්‍යාපන කෙසේද ඔහු ඒ පිලිබදව දක්වන ආකල්ප මොනවාද යන්න පිලිබදව නම් මා හට කිසි අදහසක් නොමැත, නමුත් මා එක් දෙයක් හොදින් දනිමි එමෙන්ම විශ්වාස කරමි. එනම් යම් දිනක පාසැල් අධ්‍යාපනය තුලින් ඉහලින් සමත්වී උපාධි ලබාගන්නා සිසුන් සිය ගනනක් මෙම ”රන්වන් මකරා” යටතේ ඔහුගේ ජාත්‍යන්තර ආයතනයේ සේවය කරන බවය.
තවත් මැවැනි ලමයින් බොහෝ ඇති බව මා හොදින්ම දනිමි, නමුත් මා ප්‍රාර්ථනා කරන සහ අයදින එකම දේ අඩුම තරමෙ අපේ පුංචි ලංකාවේ මෙම අනාගත ස්ටීව් ජෝබ්, බිල් ගේට්ස්, මාර්ක් සූකර්බර්ග් ලාගේ දෙමව්පියන්වත් රටේ අධ්‍යාපනයෙන් මෙම දරුවන්ට සිදුවන අසාධාරනය තේරුම් ගෙන එම දරුවන් ගේ සිතැගි පරිදි අනාගතය ජය ගැනීමට එම දරුවන් සමගම ලගින්ම සිට ඔවුන්ට අත දෙන්න යන්නයි.

Original Post - http://www.sinhalablogger.com/blogging-life/teaching-fish-to-climb-trees/

5 comments:

  1. අඩෙ අෆ්ෆාා.. මකරට ගිය කල.. දියුණුවෙලා නේද.. ලොකු ලොකු සයිට් වලත් මකරා ගැන වර්ණනා කරනවා... හොදයි හොදයි. ඔහොම යමුකෝ කොල්ලෝ... :)

    ReplyDelete

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.