විභාග කවි ( ෆීලින් ඇන්ග්‍රි )


කවුරු කවුරුත්
හොර කරන
කොපි කරන
විභාගෙ අතරින්
විශ්වයේ
ජීවත්වෙන
චරිතයක්
උත්තරේ
බැරලයට දමයි
හොර කරලා
කුමකටද?
තෑගි හම්බෙනවාද?
කියා මසිතට හැගෙනවා
මෙමට මේ දැන් දැනෙනවා
කොපි කිරීමත්
කලාවක් යැයි
ඔවුන් මට කියනවා
කලාකාමී හිතක්
කිසිදා කොපි කරයි දැයි
කියා මසිතෙන් අහනවා
මගේ සිත දැන් අහනවා
මගේ බ්ලොගියට
දමන්නට මම මෙසේ ගී පද
ලියනවා
මෙමම ගී පද ලියනවා
ඔබ විසින් මගෙ වැරදි
එහෙමත් කියා දුනොත්
වටිනවා... එය වටිනවා...
මෙමට ඒ දෙය වටිනවා...
- රන්වන් මකරා - 

Comments

  1. කොපිකිරීමත් කලාවක්. ඒ් කලාව හරියට හසුරුවන්න ඔ්න. මම කියන්නේ පේපරේ ගැනමත් ෙනෙම්. API WENA kenekgedeyak copy kalata echcharamawaradak naha. ane manda.. copy kireema waradakmath neme. habai waradak neme kiyannamath baha.

    ReplyDelete
    Replies
    1. හම්මෝ මෙයා දන්න දේවල් බයත් හිතෙනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. හිතට එකඟව නැගෙන සිතුවිලි අකුරු ටිකකට හැරෙනවා
    පොතට ගුලිකෙරු එවන් සටහනක් බ්ලොගියෙ නිදහස් කරනවා
    තිතට හරි නැත කාගෙ කාගෙත් වැරදි හැම තැන තියෙනවා
    හිතට දිරිගෙන ලියනු මකරෝ නුඹට මම සුභ පතනවා........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයා එව් ඒ අදහසට පිලිතුරක් මෙහි ලියනවා
      පලමු වශයෙන් අදහසට තුති පුද කරනවා
      හැමදාමත් මගේ බ්ලොගියේ ඔබ සක්මන් කරනවා
      දුමී ඔබගෙ බොග බලන්නට නාවට සමාවක් මා පතනවා

      Delete
    2. සමා දෙන්නේ කුමට මකරට වැරැද්දක් කර නොමැතිනම්
      පමා වී හෝ මගේ බ්ලොගියට ආව එක ගැන තුටින් මම්
      නිමා නොවනා අකුරුකරනය හමුවෙ ඇති සතුටක තරම්
      දමා යන්නට හිතෙන්නෑ බ්ලොග් ලෝකයම මගෙ දිවි තරම්.......

      ජයවේවා!!!

      Delete
    3. මෙමා කල වරද ඔබෙ බ්ලොගියෙ රස නොබැලීමයි ...
      කුමක් හෝ වැඩ රාජකාරියක මා යෙදවී සිටීමයි ...
      එය මටත් නිච්චියක් නැත කුමක් හෝ වැඩයක් තමයි ...
      මෙවන් ඉක්මන් කොමෙන්ට් දමනා ඔබත් වැඩ්ඩෙක් තමයි ...

      ඉක්කෝතුයි ...

      Delete
  3. (sinhala tying wala podi gataluwak nisa Singlish typekaranawa...)

    anunge deyak "BALALA" eken adahasak aragen thaman deyak kaloth eka waradakneme. hebei godakaya ekatath kiyakawa "Copy" kiyala.
    eg - car ekaka thiyana technology eka (eka wada karana widiya) balala eken adahasak aragen airplane ekak wage haduwata kamak naha..

    eth anunge deyak balala ekama kaloth eka coyyak..
    eg- car ekaka tech (wada karana widiya) balala ekama copy karala thawathcar ekak hadana eka waradii

    (aththa mokadda danna naha. habai mage mathaya ekayy..)

    ReplyDelete
    Replies
    1. ආ ඒකට කමක් නෑ ඉදුවර.

      හම්මෝ මෙයා මම මෙහෙ නැති වුන ටිකට බාහිර උපාදියක් අරගෙනද කොහෙද? මට හිතෙන්නෙ ඒකත් කොපි කරලා ගන්න ඇත්තේ :D ස්තූතියි ඉදුවර.

      Delete
    2. he he makara uthumanani.. oya thama mama gana danne naha.. me lagadi upadiyak gaththa. but copy karala neme.. :)

      Delete
  4. makaroo me site eke comment walata dala thiyana english fort ekaka pahadili ekak dammoth hoday..

    ewagema meka digatama karagena yanna subapathanawa... jaya wewa!!!

    ReplyDelete
    Replies
    1. //makaroo me site eke comment walata dala thiyana english fort ekaka pahadili ekak dammoth hoday.. //

      ඔන්න ඒක හැදුවා දැන් හොදයිද බලන්න.

      ජය බෝලි නාත් ඉදුවර කොලුවෝ !

      Delete
  5. කොපිය කලාවක්! ආයෙත් අහලා!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒ වැඩේ ඒ විදිහට කරන්න ඕනෙ බුද්ධිමත්ව හිතලා නමුත් අපේ පංතියේ උන් කොපි කරන විදිහ දැක්කම හිනා වෙලා බඩයනවා... නාඩියෝ ඉස්කෝතුයි මේ පැත්තෙ ආවට

      Delete
  6. අපේ ගෙදර හිටිය කොපිකැට් කියල පූසෙක්

    ReplyDelete
    Replies
    1. හැක්... හැක්... ස්තූතියි මේ පැත්තෙ ආවට

      Delete
  7. කරන්න දෙයක් නෑ බං....
    වරදක් කළත් සිතකින් නොවේ කියල හිතාගෙන දෙක තුනක් කොප්ප ගැහුවා බං...මම විතරක් නෙවේ....පන්තියේ සෙට් එකම...
    අම්මප චිත්‍ර ෙප්පර් ඒෙක් 1 ෙකාටසයි ෙදමළ ෙප්පෙර් ප්‍රශ්න කීපයකුයි විතරමයි ගැහුෙව

    ReplyDelete
    Replies
    1. කොටියෝ ඔබත් චිත්තර බව දැන ගත්ත
      මගෙ හිත පිරුනා ආසාවෙන් එමට
      මම නම් කරේ නෑ කොපි කිසිදාක
      විරුද්ධයි ඔබගේ ඒ වැඩට

      ස්තූතියි !

      Delete
  8. කරන්න දෙයක් නෑ බං....

    චිත්‍ර සහ දෙමළ නං මම කොට කලිසමක් ඇදගෙන ඉස්කෝලෙට ගිහින් ලියන අවසාන වාරය වෙන්න පුලුවන්...ඊට පස්සෙ කවදාවත් ආයෙත් පාසල් ජීවිතයේදි ඒ විෂයන් විබාගයක් ලියන එකක් නෑ...සමහර විට දෙමළ නං පාසල් ජීවිතයෙන් පසු ලියන්න වෙයි...මං දන්නෙ නෑ...ඉතින් අවසාන විබාගෙ නිසා ලකුණු ටිකක් වැඩියෙන් ගන්න එපෑ...අනික පන්තියෙ 1,2,3 එකී නොකී හැම එකාට කොපි කරද්දි ඇග නලියනවා...ඉතින් ඉවසන් ඉන්න බැරි කමට මාත් දෙක තුනක් ගැහුවා...

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධියේ දැන්වීමයි !
      ප්‍රිය පාඨක හිතවතුනි/ හිතවතියනි,

      මකරාගේ පරිඝනකයේ සිදුවූ දෝෂයක් නිසා මකරාට දින නියමයකින් තොරව ඔන්ලයින් ඒමට නොහැක. සිදුවෙන ප්‍රමාද දෝෂයන්ට සමාව භාජනයකට දමා දෙන ලෙස මින් ඉල්ලා සිටිමි. මේ සටහන දැමුවේ වෙනත් පරිඝනකයකිනි. ස්තූතියි.

      මෙයට විශ්වාසී,
      රන්වන් මකරා

      Delete
  9. අඩේ කොල්ලෝ....මක්කැයි උනේ...හාඩ්වෙයාර් දෝෂයක්ද සොෆ්ට්වෙයාර් දෝෂයක්ද?...සොෆ්ට්වෙයා දෝෂ වලට නං මං බය නෑ...හාඩ්වෙයා දෝෂවලට නං මං බයයි ඕං...

    ReplyDelete
    Replies
    1. හාඩ් වෙයර් සීන් එකක්. දැන් හදාගත්තා. දවසකට පැය බාගයයි ඔන් කරලා තියන්න පුලුවන්. සොෆ්ට් නම් කමක් නෑ. මමත් හාඩ් වෙයාර් කේස් වලට බයයි.........

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.