එහෙවු අපි වැනි උන්ට බුදු සරණම තමයි ...




හැමෝගෙම හිත
නිදහසේ ගී ගයන
අද ...
විභාගේ ඉවරයි

නමුත් ඒ සතුට
ඇත්තේ අන්තිම පේලියේ
තමයි ...

අපි වගේ
ලකුණු අස්සේ
කරක් ගහනා
අයට මෙය නැති හැඩයි ...

අපි හොයන්නේ
ලකුණු විතරයි
කිසිම සතුටක්
හිත නැතී ...

ලකුණු නැති වුවත්
අග පෙලේ උන්
නිදහසේ ගීතය
ගයයි...

ලකුණු ගත්තත්
පළමු පෙල ලකුණුම
හොයයි ...

ලකුණු විතරක්
හොයන අප හට
නිදහසක් ලොව
නැති හැඩයි ...

ලකුණු මේ මදි
කියා ගෙදරින් හඩ තලයි
පන්තියේ එක උනත් අප හට
ප්‍රතිශතය මදි යැයි කියයි ...

ලකුණු නැති උන්
නිදහසේ නිවාඩුව ගෙවයි
ලකුණු වැඩි වුන විපාකෙට ...
අපි නිවාඩුවෙ ටියුශන් යවයි

නිවාඩුව ටියුශනේම
ගෙවීයයි ...
කෙලිදෙලින් කාලය ගෙවෙන්නේ
ලකුණු අඩුවුන උන් තමයි ...

එහෙවු අපි වැනි උන්ට
බුදු සරණම  තමයි ... //



ලකුණු විතරක් හොයන සමාජයේ එක් සිසුවෙකුගේ අදෝනාව මෙසේ යතුරු ලියනය කල වගයි.


- රන්වන් මකරා -

Comments

  1. ලකුණ අතරේ මාද පෙරදින හරඹ පෑවෙමි මුල් පෙලේ
    අකුණ මට වැදිලාද සිතුණත් අද තුටින් කිමිදෙමි ජලේ
    සකුණ විලසට නිදහසේ පියඹන්නනම් හෙට ලෝ තලේ
    ලකුණ වාගෙම බාහිරේ වැඩ සමව ගන්නට වෙයි මලේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලකුණු අරන් ඉවරය කරගන්ට බැරේ
      ඔබත් සමත් පෑ බව මගෙ අක්මා වටම දැනේ
      එනිසා අනෙක් වැඩ ටික මෙහි බ්ලොගියෙ කෙරේ
      කොමෙන්ට් එකට ඉස්කෝතුයි දුමී ඔබේ

      අවසන් වරට කරුණක් මෙහි කියනවා
      ඔබ බුකියේ ඉන්නවාද අහනවා
      එහෙනම් යටින් ඇති ලිංකුවට කොටා
      ඇඩ් කරගනු මැන මා මිතුරෙකු ලෙසටා

      fb.com/agni.dragon

      Delete
    2. බුකියක් තිබුණි මගෙ නමටම හැඩ ඇතුව
      වසරක් දෙකක්දෝ ඒ වෙත මා ගියෙ නැතුව
      දිනයක් ආ විගස යළි සකසා නුඹ පැතුව
      මිතුරෙක් ලෙසට කරනෙමි ඇඩ් එය සිතුව......

      ජයවේවා!!!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. කුනු දූවිලි ගසා බුකියේ
      එවනු මැන මට ඇරයුමක් රිසිසේ
      ඉඩ ලැබුනු විගසේ
      මෙහි ගොසින් අදහසක් දමනු රිසිසේ

      http://karadiyarali.blogspot.com/

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.