තාත්තාගෙ ආසාව

ඡායාරූප ගූ ගලෙන්

මේ විභාග කටේ පෝස්‍ටුවක් දාන්න හිතක් නැති උනත් ජිවිත කතාවට
 අමුණලා තියන්න අමතක වෙයි කියලා ඔන්න අදම ඇමිණුවා. 

ඔන්න ඒක ඔයාලත් රසවිදලා හොද නරක කියන්නකෝ. අපේ තාත්තත් පොඩි කාලෙ අහපු සින්දුවක් ලු.  තාත්තා ඒක බලලා තියෙන්නෙ 1976 විතර ගමේ පෙන්නපු  "ටීටර්" එහෙකින්ලු. 

"ටීටර්" ගැන කියන්න මම දන්නෙ නෑ. ඔයාලා දන්නවනම් යටින් කොටන් යන්න හොදේ. නිවාඩු කාලෙ ආයෙත් පෝස්ට් ලියන්නම්කෝ. 

කියවපු පොත් ගොඩක් ගැන ( ලියන්න කරුණු තියෙනවා. නැත්නම් හදලා ලියනවා. ) 
තව කියන්න කරුණු තියෙනවා. නැත්නම් හදලා කියනවා. (කොහෙද ඉතිම් මටත් එක එක ඒව ඔලුවට එනවනේ.) :D 

ඔන්න එහෙනම් ඔයාලටත් ඒක අහන්න ආරාධනා කරනවා. 

අදට බ්ලොග් පි‍ටුවේ මුලු පි‍ටු පෙරලුම් 1250 ස්තූතියි ඔයාලට. 

ඕන් එහෙනම් මං ගියෝ. 

 
 ගායනය - කේ. සේන


 - රන්වන් මකරා -   

Comments

  1. ඔය ගීතය රේඩියෝවෙන් අහලා ඒ කාලේ ගෑණු උදවිය ගොඩක් දුක් වුණා විතරක් නෙවෙයිලු සමහරුන් දරුවත් එක්ක ඔහුව කසාද බැඳීමට තරම් හැඟුම්බර වෙලා තියෙනවා කියලත් අපේ අම්මා කියලා තියෙනවා. ඒ ගීතය ඒ තරමටම ඒ කාලේ ජනප්‍රිය වුනාලු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති ! ස්තූතියි මේ පැත්තෙ ආවට

      Delete
  2. ඔය ගීතය රේඩියෝවෙන් අහලා ඒ කාලේ ගෑණු උදවිය ගොඩක් දුක් වුණා විතරක් නෙවෙයිලු සමහරුන් දරුවත් එක්ක ඔහුව කසාද බැඳීමට තරම් හැඟුම්බර වෙලා තියෙනවා කියලත් අපේ අම්මා කියලා තියෙනවා. ඒ ගීතය ඒ තරමටම ඒ කාලේ ජනප්‍රිය වුනාලු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති ! ස්තූතියි මේ පැත්තෙ ආවට

      Delete
  3. අහම්බෙන් මේ පැත්තට ගොඩ වැදුනේ.මේ ගීතය දැක්කම වචනයක් නොකියා යන්න හිතුනේ නෑ. මේ මගේ පුන්චි සන්දියේ මාව හිරි වට්ටපු ගීතයක්.යාන්තන් බහ තෝරන කාලේ ඉදන් මේ ගීතය විලාපයක් වගේ මගේ හිතේ සටහන් වෙලා තියෙනවා. පස්සෙ සින්දුවේ අරුත තේරෙන කාලේ වෙනකොට මේක මම කැමතිම ඒත් අහන්න අකමැතිම ගීතයක් උනා.මේ ගැන මම තෝරපු ගීත දර්ශකෙත් තියෙනවා වෙලාවක ඇවිත් බලන්නකෝ මේ පෝස්ටුව.

    https://kavisandalla.blogspot.com/2016/08/blog-post_55.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මේ පැත්තේ ආවට මට නම් එහෙම අතීතයක් නෑ මට තාම වයස අවුරුදු 13යිනෙ.

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.