රට්‍ටු යන, අපි යන තැන



උදේටත්...
දවල්ටත්...
රෑටත්...
සෙනසුරාදත්...
ඉරිදත්...
සදුදත්...
අගහරුවාදත්...
බදාදත්...
බ්‍රහස්පතින්දත්...
සිකුරාදත්...
සතියෙ තව දවසක් තිබ්බොත් එදාටයි...
නිවාඩු දවසෙත්...
නිවාඩු නැති දවසෙත්...
නිදහස් දවසෙත්...
අලුත් අවුරුදු දවසෙත්...
වෙසක් පෝදා උදයෙත්...
පොසොන් දවසෙත්...
නත්තලටත්...
ගෙදරින් යවන...
යවන නිසා යන...
එකම තැන...
ටියුශන්... ...

නව වසරේ මුල්ම පෝස්‍ටුව මෙසේ පල කරන ලදී. 

- රන්වන් මකරා - 

Comments

  1. ඉතිං ගිණි පිබ පිබ
    රන්වන් වරල සල සල
    හිත යටින් බැන බැන
    යමන් පොඩි මකරෝ වදේ කර කර :):)

    ReplyDelete
    Replies
    1. එහෙමයි කරන්නේ
      නමුත් නෑ වෙන්නේ
      වසර නමයක් තිස්සේ
      එබදු කරුමය මා ගෙවන්නේ

      ජය බෝලී නාත් !

      ස්තූතියි

      Delete
  2. අහෝ අපේ අසරණ රන්වන් මකරා
    බොහෝ දුකින් වැළපෙයි මොනවද කොඳුරා
    සහෝ ඔබට සහයක් වෙන්නට මිතුරා
    පොහෝ දිනක මන්තරයක් දෙමි මතුරා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පොහෝ දිනේ මව මා සමගින්නේ
      සීල රකින්නට ඇදගෙන යන්නේ
      සීල ‍රැක්කට පස්සේ
      ගෙදර එනකොට ගොම්මනයි වෙන්නේ...

      ජය බෝලී නාත් !

      Delete
  3. පවු කළ මකරො හැමදා ටිවුශන් යනවා,,,,,,,

    ReplyDelete
    Replies
    1. පව් කම් කලත් තාමත් මා බ්ලොගේ ලියනවා.......

      Delete
  4. Replies
    1. හැක. හැක. ස්තූතියි ගොඩ වුනාට

      Delete
  5. පුතේ......අම්මත් එක්ක ගිහින් සෝමලතා සුබසිංහ නෝනගේ විකෘති නාට්‍ය බලන්න. නැත්නම් අම්මාත් එක්ක ඒ නාට්‍යයෙ තියෙනවා ටියුශන්-ටියුශන් කියලා සින්දුවක්, ඒක් අහන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඉක්කෝතුයි මේ පැත්තෙ ආවට

      Delete
    2. ටියුශන් කියලා නම් සින්දුවක් හොයාගන්න බැරි වුනා. විභාගේ කියලා සින්දුවක් තිබුණා - https://youtu.be/2pX-Up6HN6E

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. න්න මේක බලන්න රන්වන්

      ටියුෂන් බයෝ
      ටියුෂන් පියෝ
      කෙමෙස්ට්‍රි ෆිස්ක්ස්,
      ජීව විද්‍යා රසයන
      විද්‍යා භෞතික විද්‍යා
      ගණිත මිනිත ක්‍රම
      ඕන එකක් ඇත
      අහන්න අපගෙන්
      මොනවද ඕනෑ..
      ටියුෂන් ටියුෂන්.........

      (සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති වේදිකා නාට්‍යයෙන්)

      Delete
  6. matath oya prashnema thiyanawa ban.. mewa *paruwe puwak*

    ReplyDelete
    Replies
    1. mona jayada makarooo me clz ekka?? clz sirwa maragena marenna hithanawa.

      Delete
    2. ඉදහන් මං තොගෙ සර්ට කියන්න

      Delete
    3. eee pissu wada karanna epaa yakooo....

      Delete
  7. හප්පෙ ඔව් බන් එපා වෙනවා ඒ කාලේ ඔය නිවාඩු දවස් වලටත් පන්ති දැමිල්ල

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.