Wednesday, March 29, 2017

" බැරල් " තවත් එක් බඩජාරියෙකුගේ කතාවක්


හම්මට සිරි මකරා ‍තෝ ආවද යකෝ ? ‍තෝ එනකම් තමයි මම බලන් උන්නෙ.... මොකෝ බං අද පරක්කු වෙලා... බැරල් මගෙන් ඇසුවේය.


පරක්කු.. ආ අද විභාගෙනෙ බං පොඩ්ඩක් පරක්කු වුනා... දැන් උබට තියෙන ඇම්ම මොකක්ද මම පරක්කු වෙන එක ගැන..


ආ වරෙන් යන්න...


කොහෙද යකො ! ඉදහන් බෑග් එක තියලා එන්න.


කොහෙද කියලා අහන්නෙ ? වරෙන් යන්න කැන්ටිමට. රයිස් දෙකක් දාගන්න.


හරි උබ ගාව කීයක් තියෙද?


දෙන්නම් 150ක්.


එච්චර වැඩියි. 100ක් බැග් එකේ දාපන්


ඒ මක්කටැයි. මගේ සල්ලි, උබ කව්ද එහෙම කියන්න?


(මා එසේ පැවසුවේ මා හොදින් බැරල්ව අදුරන නිසාය. මූ 150ක් නෙවෙයි 1500ක් අරන් ගියත් ආයෙත් එනකොට එන්නෙ සතයක් වත් අතේ නැතිවය. එය මා හොදින්ම දන්නා කාරණයකි. )


හරි හරි යමන්.... යමන්.... දැන් මං ගාව 50යි තියෙන්නෙ. උබ කීයක් දානවද?


ඒක ඒ වෙලාවට දැන් යමං


( මා හොදින් වට පිට බැලුවේ මාගේ අතිජාත මිත්තරයා වූ දසුන්කාරයා ලග පහතක ඉන්නවාද කියලාය. )


ඔන්න උබ ගනින් තිහේ රයිස් එකයි විස්සෙ රොටියයි ගනින්. මතක ඇතුව වැඩිපුර සම්බල් ටිකක් ඉල්ල ගනින්. බැරල් මට ඕඩරය බාර දුන්නේය.


වරෙන් යන්න කන්න...


හම්මට හුඩු අන්න ඩී එස් ගෙ සෙට් එක. ශේප් එකේ මේ බත් එක අරන් පලයන්. මං එන්නම්.


(බැරල් එසේ කියුවේ. කලින් සදහන් කල සෙට් එක බැරල්ගේ පජාත මිත්තරයන් වූ බැවිනි. ඔහුට ඒ අසලින් බත් එක අරන් ගියොත් බත් එක උන්ට දී අපිට අත පිහිදා ගැනීමට සිදුවෙයි. )


වරෙන් හරි.... කාපන්.... ( එසැනින් බැරල් සහ මම බත් එකට වැඩේ දෙන්නට පටන් ගත්තෙමු... - මම කොටස සෞඛ්‍ය බලධාරියා විසින් කපා හරින ලදී. ( කරුණාකර බඩ ජාරියන් දෙදෙනෙකු එක බත් පතට වැඩේ දෙන සැටි සිහියට නගා ගන්න..... ) ස්තූතියි.....


පසුබිම් කතාව එයයි.... මෙය සෑම සතියකට දෙවරක් තුන් වරක් සිදුවන්නකි.


සියලු දෙනා පළමු වාර පරීක්ෂණයට සහභාගී වී සිටිති.....


එසැනින් මා පි‍ටුපසින් ශටාස්... යන හඩ ගිගුම් දුනි..... එසැනින්ම ආහ! අයියෝ සර් .. යැයි මා පසු පු‍ටුවේ හිද වුන් බැරල් කෑ ගෑවේය.


මා පි‍ටුපස බලන විටද බැරල් ස්වකීය දකුණතින් තම පිට මැද්දෑව අල්වා ගෙන සිටියේය. මුලු පන්තියම කොක් හඩ ලන්නට විය....


සෑම විටම බැරල් පන්තියේ විකටයාය.... ඔහු යම් වැ‍රැද්දකට දඩුවම් ලබන්නේ පන්තියම හිනස්සවමිනි.... ඔහුටද ඒක ෆුල් ආතල් වැඩක්ය.... ( මට දැනිදු හිනා ගන්නේ බැරල්ව මතක් වීලාය. )


බැරල් සෑම අතින්ම හිත හොද කොල්ලෙකි. මම ඔහුට ගරු කරමි. මක්නිසාද ඔහු කිසිම දෙයක් ඕනෑවට වඩා ගනන් ගන්න යන්නේ නැත. එය බැරල් ගේ සිරිතයි.


බැරල් වූ කලී අමුතුම චරිතයකි.... අන් අයගේ සතුට වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කරයි. එය ඔහුගේ අනන්‍යතාවය වේ....


බැරල් ගුටිය කා ටික වේලාවකට පසුව ඔහු නැවතත් ටකරමට ගල් ගැසීමට පටන් ගත්තේය..


අනේ සර් අපි මිතුරන් වෙයිදො ......
එදා දවස උදා වේවිදෝ.....

මම පසු පස හැරී , අඩෝ ඕක හරි යන්නෙ නෑ වෙන එකක් ගහපං.


එසැනින් සිංදුව මාරු විය.... නැවතත් ටකරමට ගල් බොරලු වරුසාව පතිත විය...


අපේ පුන්චි බැදපු බාප්පාගෙ අක්කගේ දුව...
මම පුන්චි කාලෙ සෙල්ලම් බත් උයපු කුමරිය
ඈ.. ට විසිතුනයි මට විසිහයයි..
ඒත් අම්ම මාව බන්දවන්නෙ ගලපලයි.....


අඩෝ මකරො මම යනවා...


මාගේ එක් මිතුරෙකු දැන් ඔබට හදුන්වා දී හමාරය.... වෙනත් ලිපියකින් අනිත් අය ගැනද හදුන්වා දෙන්නෙමි.


එහෙනම්  ඔන්න මකරත් යනවා.. බැරල් ගැන කවි සිතුවිල්ලක් පහල වුනා.. ඒකත් කොටලම මම යනවා... ටටා බායි...


ගුටියක් කතොත් කන්නේ එය හොදට   බැරල්
ගේමක් දෙතොත් දෙන්නේ එය හොදට බැරල්
සොමියක් දෙතොත් දෙන්නේ එය අපට බැරල්

ජොලියක් අරන් තනියම ගුටි කන්නෙ   බැරල්


රන්වන් මකරා - 

10 comments:

  1. දුමී ඔබ මෙහි සිටී නම් කරුණාකර මට ඊයක් දමන්න. ranwanmakara@gmail.com

    ReplyDelete
    Replies
    1. කඩයට ගිහින් බත් අරගන්නා දෙන්නා
      බඩ ජාරියන් දෙදෙනෙක් ලෙස නම දෙන්නා
      උඩ රූපයන් දුටුවිට මතකෙට එන්නා
      මඩ මත ලගින හිපෝල දෙදෙනෙක් වැන්නා.....

      ඊයක් විදින්නම්..
      ජයවේවා!!

      Delete
    2. දැන ගත්තා දුමීයෝ ඔබ මෙහි එවෙන බව
      එනවිට දැනුම් දුන්නෙමි ඊයක් දමන ලෙස
      ඉස්කෝතුයි ඔබට එතරම් ඉක්මන් වෙන බවට
      බඩජාරියෙක් වෙමි මම ඔය සැමට වැඩි

      Delete
  2. පට්ට බං මේක... ඔයා මට වඩා වයසින් බාලයි නේ... තරිඳුගෙන් දැනගත්තේ... ඇති යාන්තන් මට මල්ලි කියලා කතාකරන්න පුලුවන් කෙනෙක් බ්ලොග් ලියනවා... නැත්තන් මම හැමෝටම අයියා අක්කා කියන්නේ... කොටිම්ම කියනවනන් දුමීට මම මල්ලි කියලා අද කතා කලා නොවැ... :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මට සතුටුයි.. :)

      ජයවේවා!!!

      Delete
    2. හිකිස්... මිතිල අයියා වාසිතය නම් ෆට්ට හොදේ.....

      - ජෑ මා කාලී -

      Delete
  3. එලම මචන්...මටත් ඉන්නව ඔය වගේම අතිජාත මිත්‍රයො 2ක්ම අර කොත්තු කතාවක් කියල මං බ්ලොග් එකේ ලියල තිබ්බෙ උන් දෙන්නත් එක්ක ගත්ත ආතල් තමා...

    ඉස්කෝලෙ කෑම ගැන නං කියල වැඩක් නෑ බං...
    කැන්ටිමට ගිහින් බත් එක අරන් පන්තියට එනකොටම ඉන්නව සෙට් එක රැකගෙන ප්‍රදාන වශයෙන්ම විලී,ෆාරජතුමා ඕකුන් තමා...බත් එක ලිවුවා විතරයි විනාඩි 2ක් යන්නැති උපරිම...බත් එකෙන් 95ක් ඉවරයි...චිකන් කෑල්ල පලවෙනි තත්පරේම අතුරුදන් වෙනවා...අන්තිමට බත් එක ගත්ත මට ඉතුරු වෙන්නෙ අන්තිම බත් ඇට ටික...ආසාවට චිලි පේස්ට් ටිකක්වත් නෑ...අර බත් ටිකත් හූරල හූරල අරගෙන ඒ කටවල් 2ක් විතර තමා මට සෙට් වෙන්නෙ...හයියෝ ඉතින්...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව කොටි අයියෙ...... කෑම නම් කෑම නැද්ද නේ?

      ඔයාටත් - ජය බෝලී නාත් -

      Delete
    2. ඔයා ශිෂ්‍යත්වෙ පාස් වෙලා එහෙමද මහින්දෙට ආවෙ?..නැත්තං 1 වසරෙ ඉදල මහින්දෙද?...මම නං ඉස්කෝල 2ක...කලින් ඉස්කෝලෙ කතා ගොඩයි...ටික ටික බ්ලොග් එකේ ලියන්න හිතන් ඉන්නෙ...

      Delete
    3. 1 ඉදන් බං ...

      - ජය බෝලී නාත් -

      Delete

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.