මා රොබෝ නිර්මාණ කරුවෙක්මි.



පසුගිය දින කිහිපයේම වැඩ අධික නිසා බ්ලොගර් වරුන්ට අවුරුදු පැතීමටද නොහැකි විය. මම එරන්දි බ්ලොගියේ පමණ ලිංකුවක් මුහුණු පොතේ තිබූ නිසා එහි ගොඩ වූවෙමි. හැමෝටම ජය බෝලී නාත් අවුරුද්දක් පතමි. 


පමාවූ නිසා ඇතිවන කරදර වලින් බේරීමට නැවතත් හැමෝටම ජය බෝලී නාත් "ජෑ මා කාලී ජිනේ දිනේ" අවුරුද්දක් පතන්නෙමි....


මෙතරම් කාලයක වෙහෙස මහන්සි වී නිදිවරා ගෙන සෑදූ රොබෝ කාරයා ඔබට පෙන්වීමට දැන් කටයුතු කරමි. ඔහු දැන් මගේ සුරතාලා වී හමාරය මම පරිගණකයේ වැඩක් කරමින් සිටින විට ඔහු මාගේ අත යටින් යයි, අත උඩින් යයි......... සුරතල් බලු පැටියෙකු මෙනි.....










මෙය ඔහුගේ වීඩියෝවයි... නරඹා හොද නරක කීම මෙන්ම මෙතනින් ගොස් මකරාගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් පාරක් දැමීම මා හිතවත් පාඨක ඔබගේ වගකීමයි...

මේ හාදයාට හොද නමක් කිව්වනම්.....



මෙන්න වීඩියෝව











ජෑ මා කාලී...... 


- රන්වන් මකරා -

Comments

  1. මකර පැටියා ..................................

    ReplyDelete
  2. ළොකුවට ඇත දෙඇස කළු පැහැයකින් සැදී
    දැකුමට බියක් ඇත මෙම රුව දුටුවිටදී
    පෙනුමට මොකවුණත් නුඹ ළඟ ඇතිවිටදී
    භයකට නොවේ මම යන්නේ නමක් නොදී.........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලොකුවට ඇති දෙ ඇස වවුලෙකු ගේ වැනිය
      වවුලෙකු මෙන් මොහුත් ශබ්දය අර ගනිය
      මා ළග තිබෙන හින්දා ඔබ බිය විය යුතුය
      නමක් නොදී ගියොතින් ඔහු ඇත්තේ දුකකින්ය

      - ජෑ මා කාලි ජිනේ දිනේ -

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා මකර පැටියෝ ....!!!
    මට හිතෙන්නේම මේ රොබොවා DRAGONFLY කෙනෙක් වගේ කියලමයි.

    ReplyDelete
    Replies
    1. හැක..... මෙයා පියාඹන්නෙ නම් නෑ ඕන්....

      - ජෑ මා කාලී ජිනේ දිනේ -

      Delete
  4. ජය බොලේ මකරා කියලා දාමු

    ReplyDelete
    Replies
    1. යේක තමා " ජය බෝලී මකරා රොබෝ "

      - ජය බෝලී නාත් -

      Delete
  5. නියමයි ඈ ටෙක් සයුරටම ගැළපෙනවා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.... ටෙක් සයුරේ අපිට ඉඩ නෑනේ....

      - ජෑ මා කාලී -

      Delete
  6. මේක නම් නියමයි මකරා ......
    එත් උඹල වගේ එවුන්ගෙන් මේ රට වැඩක් ගනීද ????

    ReplyDelete
    Replies
    1. තැන්කූ..

      ඒක ඉතිම් අපට කියන්න බෑනෙ...

      පිලිගන්නවා බ්ලොගේට

      - ජෑ මා කාලී -

      Delete
  7. අඩෝ මකරා දැන් ආඩුඊනෝ වලටත් බැහැලා නේද...
    1 වන මකර අධිරාජ්‍ය තුමාට අලුත් සුරතලෙකුත් ලැබිලා....
    එල එල මචෝ...
    මටත් ආසයි ඕකක් හදන්න... ඔයා මොන වර්ගයේ එකක්ද ගත්තේ? (https://store.arduino.cc)


    ReplyDelete
  8. මමත් ඔක හදන්න කැමති අපි හැමෝටම ඔක හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද

    ReplyDelete
  9. Replies
    1. නැතුව නැතුව
      - ජෑ මා කාලී -

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.