පන්ති භාර ගුරුතුමාට නොරිස්සූ කවි හිත



යන එන තැන එවිට මිහිරම         දැනීයන්
කන බොන තැන මෙතන රසයම දැනීයන්
ගෙන යන දේ වඩා ඉගෙනුම  ගෙනේයන්
යන තැන මෙතන දැනුමම         ලැබීයන්

ගිය තැන පළමු කොට වැන්දේ බෝධිරජ
රජ කළ තැනය මණි අඛ්ඛිත       නාගරජ
වැඩ සිටි තැනය අප ලොව්තුරු  මුණිදුරජ
ගිය තැන එතන සිත් ගත්තේ    කරපු රජ

දෙවෙනි කොට ගියේ මැදුර             කට
ස්වාභාවිකව වායුව සමන            කොට
ඇති බව කියුව තැන එය               එවිට
වැදගත් තැනක් බව සිතෙහී සිතුනි   මට

තෙවෙනුව ගියේ මණ්ඩපයට            ශ්‍රීපාලී
නැ‍ටුමට ගායන කළාවට                     පාලී
ඒ තැන එයට ගැලපේ නිසි            මනහාරී
අද විදුහලකි එය ගෙන එන ජය පෙළ පාලී

පහියන් හිමිය වෙසුවේ ගල් ලෙන    තුලය
නැග ගෙන ගියේ අපමණ පඩි        පෙළය
එය දැක මගේ හිත දැන් ගෙන       හෙළය
දැනුනේ සතුට අවසානය විය         එලෙස

ගෙන එන සතුට ලොව ඇති රස මන ලෝළී
ගත වැකි දා දියට ඇති රස නම් ගත   ලෝළී
දැන ගත් දේට එහි ඇති ණැන හිත    ලෝළී
තව චාරිකාවක් යයි නම් මම             ලෝළී

අවසන මෙයයි අද මගෙ මේ කවි         සිතට
අවසන එයයි එය අපෙ මේ පොඩි        හිතට
රසදුන මෙයයි එය අපගේ මේ            හිතට
අවසන මෙයයි කවියෙන් පතමි ආසිරි ඔබට



මෙම කවි පෙළ ලියා දුන් කඩදාසිය ඉරා දැමූ පන්ති භාර ගුරුතුමාගේ පහන් සංවේගය උදෙසා මෙලෙස සටහන් කොට තබමි. පාසල් අධ්‍යාපන චාරිකාව ගැන ඇති කවි, නිසදැස් තරගයට ලියා දෙන්න යැයි කිවූ නිසා ලියා දුන්නත් කොළය ඉරා දැමූ නිසා එම තරගයට මා ‍තෝරා ගත්තාදැයි මා නොදනී. දැන ගැනීමට උවමනාවක්ද නොමැත.


- රන්වන් මකරා -



Comments

  1. ඇයි බන් මේක ඉරුවේ??????

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවෙ තරහ ගිහින් හිටිය නිසා නොවැ...

      -ජැ මා කාලී ජිනේ-


      Delete
  2. ගිය චාරිකාවක් ගැන මතකයේ තියන්
    බිය නොමවෙලා ලස්සනකට කවිය ලියන්
    සිය සිසුවාගෙ හැකියා තරගෙට නොතියන්
    ඔය ගුරුවරය එය ඉරුවේ ඇයිද කියන්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙන වෙන වැඩ නිසා තරහක් ගොස් තිබුනි
      කන බොන දේ නිසාදැයි මම නොදනිමි
      කලෙකින් පස්සෙ ලියුවත් පෝස්‍ටුව දමමි
      දුමියෝ ඔබට ඉස්කෝතුයි මම කියමි

      - ජෑ මා කාලී -

      Delete
  3. ගිය චාරිකාවක් ගැන මතකයේ තියන්
    බිය නොමවෙලා ලස්සනකට කවිය ලියන්
    සිය සිසුවාගෙ හැකියා තරගෙට නොතියන්
    ඔය ගුරුවරය එය ඉරුවේ ඇයිද කියන්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙන වෙන වැඩ නිසා තරහක් ගොස් තිබුනි
      කන බොන දේ නිසාදැයි මම නොදනිමි
      කලෙකින් පස්සෙ ලියුවත් පෝස්‍ටුව දමමි
      දුමියෝ ඔබට ඉස්කෝතුයි මම කියමි

      - ජෑ මා කාලී -

      Delete
  4. මොන කරුමයක්ද බං ඒ...? සුපිරිම කවි පන්තියක්නේ... යකෝ කේන්ති යනව කියල ඔහොමත් යනවද?... ගුරුතුමාට ඔය වගේ කවි ලියන්න බැරි නිසා ඉරිසියයිද දන්නෙත් නෑ... :D

    ReplyDelete
    Replies
    1. අඩෝ මල්ලේ... මං කොටි මල්ලි ඈහ්... සිංහල ටියුට්ස් කියන්නෙ මං මේ දවස් වල පොඩි වැඩ වගේකට හදපු එකවුන්ට් එකක්... අමතක වෙලා ඒකෙන් කමෙන්ට් කලේ...

      Delete
  5. මකරගෙ කවි පේලි හින්දා
    ගුරු නීච උනිද මන්දා
    දුක තුනී කරගන්න උන්දා
    මකර කවිටික බොලොගියෙ දැම්මා

    ReplyDelete
  6. සුපිරි කවි ටික මකරෝ...
    උබට හොද අනාගතයක් තියනවා...
    ඒත් අරවගේ ගුරුවරුන් නිසා ඒමග වැසේවිදෝ මන්දා...
    (මම ඉදුවර.. පොඩි ප්‍රස්යක් නිසා මේල් එකට ලොග් වෙන්න බැරි නිසා මෙහෙම කමේන්ට් එක දැම්මා..)

    ReplyDelete
    Replies
    1. සුපිරි කවි ටික මකරෝ...
      උබට හොද අනාගතයක් තියනවා...
      ඒත් අරවගේ ගුරුවරුන් නිසා ඒමග වැසේවිදෝ මන්දා...
      (මම ඉදුවර.. පොඩි ප්‍රස්යක් නිසා මේල් එකට ලොග් වෙන්න බැරි නිසා මෙහෙම කමේන්ට් එක දැම්මා..)

      Delete
  7. නිසඳැස් ලියන්න කීවට පුතා ලියල තියෙන්නෙ සඳැස් නොවැ.

    කවි ටික ලස්සනයි.දිගටම ලියන්න.

    ReplyDelete
  8. අපරාදේ ඉරුවේ :/
    අදමයි මේ පැත්තට ගොඩ උනේ :-)
    අපි දිහාවටත් ඇවිදින් යන්න
    snimalka.blogspot.com

    ReplyDelete
    Replies
    1. පිලිගන්නව මේ පැත්තෙ
      ජය බෝලී නාත් !

      Delete
  9. පට්ට කවි ටිකනේ...
    කියවන්නේවත් නැතුවද ඉරුවේ???

    ReplyDelete
  10. ප.බා ට නට් ලූස් ඇති. උඹ සැලෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ආයෙ මක්කැයි අපේ පබාගේ නට් හැලෙනවා
      - ජෑ මා කාලී -

      Delete
  11. එන ගමන් කොහිල ටිකක් ගේන්න එපැයි

    ReplyDelete
    Replies
    1. අර කොයින්ද ඒ?
      - ජෑ මා කාලී -

      Delete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.