ටියුශන් ඕනෙද ???


සයිටම් එපාද? අපිට සයිටම් ඕනෙ, අපිට එපා මේ කීම කොතරම් සාධාරණද යන්න තීරණය කිරීමට අපට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේද නැත. අවශ්‍ය වුවත් එය අවශ්‍ය නැති බව වටහා ගැනීම යහපති. ඒ උත්තරීතර විසදුම් පොළ සාමකාමීව එම විසදුම අප වෙත ළගා කරාවී.

ඉහත කී ආයතනයෙන් ලබා දෙන්නේ, ලක්දිවට බිහිකරන්නේ වෛද්‍යවරුන් පමණද නැත එහි වෙනත් විශයන් සදහාද ඉඩ පහසුකම් තිබේ. එයින් ඉංජිනේරුවන් ළක්දිවට දායාද කරයි. එය මීට පෙර ගැටලුවක් වුණිද? මීට පෙර ගැටලුවක් වුනේ නැත.

නරක වෛද්‍යවරයෙක් වැරදි බෙහෙත් දී ලෙඩුන් මරනවා සේම නරක ඉංජිනේරුවෙක් වැරදි ගොඩනැගිලි සැලස්මකින් සියදහස් ගණනක් දෙනා එකවර මරු තුරුලට යවයි. එසේ නම් මේ දෙකම එකම දෙය නොවේද? සෑම වෘතියක්ම එක සමානය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව පහර කන, සිරබත් කන, අයවලුන් සයිටම් ආයතනය විසින් ආරම්භ කරනු ඇතැයි සෛතන පෞද්ගලික ''නාගරික කසල ශෝධක හා සනීපාරක්ෂක'' හොර උපාධි කඩය (ඔවුන්ගේ භාශාවෙන්) සදහා විරුද්ධ වන්නේද? ඒ සදහා සිරබත් කන්නේද? එය පෞද්ගලික ඉගැන්වීම වරදක් කොට සලකන්නෝද?

ආත්මාර්ථකාමීත්වය හා ඊරිෂ්‍යාව විනාසයට හේතු වේ.

උසස් අධයාපන වරම් හිමිවන 2% පමණක් වූ අතිශ්‍යයින් අඩු සංඛ්‍යාවක් වූ උගත් බුද්ධිමතුන්ගෙන් හොදම අය ඇතුළු වන්නේ වෛද්‍ය විද්‍යාල වලටයි. එවූ ඒ හොදම අයගෙන් හොදම අය වන්නෝය. වසර 13ක් පුරා ඔවුන්ගේ අපිරිමිත ධෛර්‍යයෙන් ළගා වූ මෙම තැනට වෙනත් සල්ලි කාරයින් ළගාවනවාට ඔවුන් කැමති නැත. මෙය ආත්මාර්ථකාමීත්වයයි. අනෙක් අංශවල අයට මොවුන්ට මෙන් මහ ''ඔළුවක්'' නැති නිසා ඔවුන්ට ‍රැකියා අර්බුදයක් ඇති වී තිබේ. මෙහි පහළම අන්තය වන ටියුශන් නැතිවීම සිදුවිය යුත්තේ ඉහත ඔවුන් කියනා පරිදි අධ්‍යාපනය ''මුදලට'' විකිණීම සධාචාරවත් නොවන නිසාය.

එසේ වුවහොත් එය සමස්ථ සිගිති පාතාල සාමාජිකයන්ගේ හා ''අන්තර් පාඨශාලීය සිගිති පාතාල සිසු සංවිධානයේ'' සතුටට හේතු විය හැක.


________________________________________

යාවදේව අනත්ථාය
නත්තං බාලස්ස ජායතී
හයන්ති බාලස්ස සුක්කංසං
මුදධමස්ස විපායතයං

අනුවණ නැතැත්තා උගත් ශිල්ප ශාස්ත්‍රාදිය ඔහුගේ අවැඩ පිණිසම හේතුවේ. එය ඔහුගේ නුවණ දුරමින් කුසල් කොටස්ද නසයි.

(ධම්ම පදය - බාල වග්ගය)

-----------------------------------------------------------------------------------------------

පාසල් නිර්මාණ පුවරුවේ මා විසින් පළ කරන ලද ලිපියකි.

- රන්වන් මකරා -

Comments

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.