කාලෙකින් අලුත් මකරෙක්

අමතක වෙලා ගියපු මිතුරු පිරිසක් මට හිටියා කියලා මතක් වෙනකොට ඒ පිරිස අත්තැරිලා ගොඩ කලක් ගිහින්, හිතන්න ඕලෙවල් විභාගෙට මිනිස්සුන්ට මිනිස්සු අමතක කරවන්න තරම් හැකියාවක් තියෙනව කියන්නෙ කොච්චර දෙයක්ද? 🤭 අමතක වෙන්න ලොකුම හේතුව සිංහල කොටන්න මට තියෙන අකමැත්ත වෙන්න පුලුවන් ඇත්තටම ඒක තමා ලොකුම හේතුව, දිගටම ඉන්න බලාගෙන මේ පාර ආවෙ ❤️ අට වසරෙදි පටන් අරන් 10දි අත්තැරලා දාලා දැන් ආයෙ 12දි මකුණු දැල් කඩන මේ අඩවිය, පොඩි කාලෙ ලියන්න තියෙන ආසාව නිසාම පටන් ගත් දෙයක්, දැන් එන්න එන්න කාර්යබහුල වෙන්න වෙන්න අත්තැරෙන දෙයක්, කොහොම වෙතත්, නිහඩව ගතවෙච්ච අවුරුද්ද දෙක ඇතුලෙ මකරා ගොඩක් වෙනස් වුනා, ඉස්සර මේකෙ ලියමන් කලේ 8 වසරෙ හිච්චි එකෙක් උනාට, මාතලන්ගෙ සින්ඩියේ දහ අටට අඩු බ්ලොග් කියන කැටෙගොරියෙ උඩින්ම හිටියට දැන් දැන් ඒකෙන් අයින් වෙන්න කාලෙ ඇවිත්, තාම 16 ලගදිම 17, තව අවුරුද්දකින් ලොකු මිනිහෙක්, අවුරුදු දෙකට කියන්න තරම් ලොකු දේවල් නොවුනට, ලියන්න හිතෙන ආරන්චි දෙකක් තියෙනවා, පළවෙනි එක සාමාන්‍ය පෙළ ඒ නවයක් ගත්ත එක, ඇත්තටම මේක කොට කොට, හිටියනම් ඒක ගන්න වෙන එකක් නෑ, අට වසරෙදි ඩෙංගු හදාගත්තෙත් විභාගෙට පාඩම් කරනව කියලා බොරු කියලා බ්ලොග් කියවන්න ගිහින්, ඒතරම් සමීපයි. මේ දිගටම බ්ලොග් ටික කියෙව්වත්, මගේ සුපුරුදු ජීමේලයට පැන ගන්නට තිබ්බ කම්මැලි කම නිසාම කොමෙන්ටු කොටන්න ගියේ නෑ, අර කියන්න වටින දෙවෙනි දේ කිව්වෙ මගේ කුළුදුල් කවි පොත එලිදක්වන්න යන කතාව, ඉස්සරහට විස්තර කියන්නම්, 16ක කොල්ලෙක්, ඕලෙවල් ලියන කාලෙ පාඩම් කරන්නෙ නැතුව පොත් යට තියන් ලියපු කවි එකතු කරලා ගහපු පොතක්, ඉස්සරහට සතියට එකක්වත් කොටන්නම්,
ජය බෝලේ! ජය මහ කාලී ජිනේ දිනේ
- රන්වන් මකරා -
පරණ එකාම තමා,
.........................
අලුත් බිස්නස් එක - creativegalle.com
Welcome back Sir
ReplyDeleteඅඩේ අප්පා මකර් සෑර් ඇවිල්ලා !!
ජයවේවා!
ටැට්ටරේ වැඩද හැට්ටරේ තාම?
Delete- ජය මා කාලී
ජයවේවා කොලු පැටියෝ... දිගටම ලියමු එහෙනං.
ReplyDeleteඩ්රකී උතුමානෙනි, ඉස්තූති
Delete-ජෑ මා
අඩේ මකරා ආයෙත් බ්ලොග් එකට බැහැලා... 🤩
ReplyDeleteමාත් ආයි එන්නම්..... කියලා හිතුවට O/L එකක් මෙලෝ දෙයක් කරගන්න බෑනේ 😑
මේපාර O/L වලට මොනා වෙයිද, කවද තියෙයිද කියලා හිතාගන්න බැරුව ඉන්නේ
මොනා උනත් සා/පෙ ඉවර වෙච්ච ගමන් මම ආයෙත් එනෝ... 😊
ඔබේ පරණ මිතුරු,
- එඩිතර සිංහයා -
(දැන් රතු කුරුල්ලා වෙලා.. 🤪)
පොඩි එකා, හොදට විභාගෙ ලියපම්
Delete-ජෑ මා
+++++++++++
ReplyDelete