මගේ කැප් තොප්පිය “ලු”




මකරට මේ සීන් එක වෙන්නේ 2009 වසරේදිලු. මකරාට වයස අවුරුදු 6ක්ලු. හිටියේ 1 වසරෙලු. ඒ කාලේ මකරා හෙන ඇච්චාලු. 

අඩි දෙකක්වත් උස නැතිලු. 2009 මාර්තු  මාසෙත් ආවලු. ඔය කාලේ ඉතිම් අර සටනයි, මේ සටනයි ගාල්ලේ තිබුනලු.  

 ඒ කාලේ ගාල්ලේ සටන් දෙක තුනක්ම තිබුනලු. නමුත් අද වෙන කොට යහතින් තියෙන්නේ එක සටනක් ලු. ඒ සටන ගැන මකරා පස්සෙ කියනවලු.
 
ඉතිම් මකරා සටන, සටන යැයි කීවත් සමහරුන්ට නිච්චියක් නැති වෙන්නට පුලුවනිලු.  මකරා සටන සටන යැයි කියන්නේ ලොකු තරගවලටලු.  

ඒ කිව්වේ බිග් මැච් වලටලු. ගාල්ලේ දැන් ඉතිරිව ඇත්තේ එක සටනක් පමණයිලු.  ඉතිරි ඒවා අවසන් වූයේ ගහ මරා ගැනීමෙන් පසුවලු.


ඉතිම් ඔය සීසන් එකට ඉස්කෝලෙ නම දාලා කැප් තොප්පි, T ෂර්ට් එහෙම මහනවලු. ඉතිම් මකරාත් 1 වසරෙ ඇච්චාත් අම්මාට කියා තොප්පියක් ගත්තලු. 

ඒකාලෙ මකරා හැමතැනම යන්නේ ඔය තොප්පිය දාගෙනලු. ටික කාලෙයක් යනකොට තොප්පිය නැතිවුනාලු. මකරා මේ ගැන "සර්ලොක්" හෝම්ස් අංකල්ටත් පැමිණිලි කරාලු. 

වැඩක් වුනේ නැතිලු. තොප්පිය ලැබුනෙ නැතිලු. කාලය ගෙවී ගියාලු. ඊලග සීසන් එකත් ආවලු. මකරා ආයෙත් තොප්පියක් ගත්තලු. 

කොහොම හරි පස්සේ දවසක මකරා හතරවරම් ගගහා ඉස්කෝලෙ ඉන්නකොට දැක්කලු අර නැති වෙච්ච ජාතියේ බඩුවක් ගහක තියෙනෝ. මකරා ඒක ගන්න උස මදිලු. 


"ඉක්කෝලෙ"  අයිය කෙනෙක්ට කියලා ඒක අරව ගත්තලු. අෆ්ෆට උඩු. අර තොප්පියේ යට මකරාගෙ නම ගහලා තිබ්බලු.


මකරට දැන් හෙන ආතල්ලු එකවගේ තොප්පි දෙකක් තියෙනවලු. අර තොප්පිය මුලු අවුරුද්දක්ම අර ගහේලු තිබිලා තියෙන්නෙ.

 තාමත් අර තොප්පි දෙකම මකරා ගාව තොයෙලු. දැන් මකරා යන්නේ මේක ඉවර කරන්නලු. මකරට හෙට "ඉක්කෝලෙ" පටන් ගන්නවලු. ඉතිම් මකරා හැමෝටම බායි කිව්වලු.

ප.ලි. මෙම ලිපිය මගින් කිසිවෙකු අපහසු තාවයට පත්වූයේ නම් සමාව ඉල්ලා සිටින අතර මා මෙය පල කරේ මගේ ජීවන අත්දැකීමක් ලෙසය. 

Comments

  1. ආ ඉස්කෝලේ පටන්ගන්නවා නේද... ඉඩ තියන විදිහට දිගටම ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තමා කරන්න හිතන් ඉන්නෙ

      Delete
  2. මගේ පුතාත් ඉස්කෝලේ කැප් නැති කර ගන්නවා. අපි සල්ලි දීලා ආයේ ගන්නවා. ගුරුදෙගුරු රැස්වීම් වලට ගියාම ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ් අල්මාරියේ මෙන්න තියෙනවා නැති වුනු කැප් එක. ඇයි මෙතන බැලුවේ නැත්තේ ඇහුවම කියනවා බැලුවා ඒත් තිබ්බේ නෑ කියලා කම්මැලි ළමයි හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. හි. හි ස්තූතියි මේ පැත්තෙ ආවට දුකා (අංකල්)

      Delete
  3. Replies
    1. ස්තූතියි මේ පැත්තෙ ආවට

      Delete
  4. ලස්සන අතීතයක්.

    ජයවේවා!!!

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.