අසව් ! අසව් ! අසව් !

බොහෝ කලෙකින්

බ්ලොගේ දූවිලි ගසා දමලා


බ්ලොගට මම එන්ටර් වුනා


බ්ලොගේ ලෝකේ අලුත් පෝස්ට් 


හෙම ගොඩ ගොඩක්


පබ්ලිශ් වෙලා


එකින් එක කියවනව මේ දින


දෙක තුනේ මට වැඩ වැඩි වෙලා


පාසලත් නිවාඩුයි


එනිසා මට පාලුයි වගේ


එ පාලුව නැති වෙන්න මකරා


අලුත් වැඩකට සෙට් වුනේ


ආඩුඊනෝ කියාලයි 


ඒකෙ නම පොතේ තිබුනේ


බ්ලොගේ ලෝකෙට අලුත් වැඩ කිඩ ටිකක් එක්කලා නැවත මකරා

මෙහෙට ආ බව කියනවා










ඩෝං ඩොං ඩොං....

අසව් ! අසව් !
අසව් !

සෞභාග්‍යමත් ඉසුරින්පිරි උත්තම මකර අධිරාජ්ජයේ රාජ රාජ, මහේශාක්‍ය අති උතුම් 1වන රන්වන් මකර අධිරාජ්‍යා දැන් මෙහි සැපත් වන බැවින් සියලු නර පණුවන් දණ ගසා කොමෙන්ට් එකකින් එතුමාට තම ගෞරවය දක්වා සිටිනු .  


එසේ නොකරන නර පණුවන් ජීවිතාන්තය දක්වා හුස්ම ගැනීමේ දඩුවමට යටත් කරන බව මින් දන්වා සිටී.

ඩුං ඩුං ඩුං

අසව් ! අසව් ! අසව් !  

 - රන්වන් මකරා -

Comments

  1. අළු ගසාලා කාලෙකට පසු ආව මකරුණි මේ අසන්
    කළු දුමෙන් පිරි නුඹේ ගින්නෙන් අපව පුච්චා නොම දමන්
    රළු වුණත් නුඹ සොඳුරු මකරෙකි තව ටිකක් ඉවසා බලන්
    බිලි නොගෙන මගෙ කවි බලාලා සිසිලෙ හුස්මක් අර ගනින්......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේ කරනව ටිකක් කලකට බ්ලොගේ වැඩ ටික බලන්
      බ්ලොගේ වැඩ වලට මට දැන් එන්න කාලය මදි හිටන්
      පොත් පතුත් පිරිලා ගෙයි මැද පොරොත්තූ ලේඛන පිරී
      පොරොත්තුවෙ පිලිවෙලට මේ පොත් එකින්එක කියවමි තුටින්

      ජය බෝලී නාත් !

      Delete
  2. මාරයි නියමියි.හික් හික්.......................

    ReplyDelete
    Replies
    1. ජය බෝලී නාත් @නැවේ කප්පිත්තා

      Delete
  3. කාලා හමාරයි.
    විභීෂණ ටත් මැරෙනකම්ම හුස්ම් ගන්ට සිද්ධ වෙන පාටක් තමයි පෙන්නේ

    ReplyDelete
    Replies
    1. එසේ නොවේ නරපණුව අපගේ අති උතුම් 1වන රන්වන් මකරා අධිරාජ්‍යාගේ අනුකම්පාව ඔබට ලැබෙනු ඇත.

      ජය ශ්‍රී !

      Delete
  4. ආඩුඊනෝ ගැන ඔබ ඉගෙන ගැනීම සිංහයාට මහත් සේ සතුට දනවන කාරණයක්...

    මා ගැන සිතා ඔබ
    ඔය කවි පෝස්ට් වල
    එඩිතර සිංහයා ගැන ලියනු මැණ.


    ReplyDelete
  5. සෞභාග්‍යමත් ඉසුරින්පිරි උත්තම මකර අධිරාජ්ජයේ රාජ රාජ, මහේශාක්‍ය අති උතුම් ආඩුඊනෝ ගැන මහාචාර්ය (පිස්සු හැදිච්ච)1වන රන්වන් මකර අධිරාජ්‍යානෙනි, දණගහන්නම ඕනෙද¿

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඉස්කෝතුයි, ඔව් දණ ගහපන්

      Delete
  6. පල පල ඩෝ...මකරට බය නෑ ඩෝ කොටියා...ගනු කඩුව...එනු සටනට...

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.