උණු උණු වඩේ !





නෙලුම් යායෙ ගිහින් ආපු අයට වඩේ! වඩේ! ඉස්සො වඩේ! ඉස්සො වඩේ! ඉස්සො වඩේ!

කූල් එකක්... කූල් වතුර එකක් බීම එකක්...

අඹ අඹ ටේස්ට් අඹ! ටේස්ට් අඹ! ටේස්ට් අඹ!

ලාබෙට මල් පොච්චි ! මල් පෝච්චි..... 

ඉන්ටර්නෙට් එකේ ලියන අයට ඩේට කාඩ් එකක්... ඩයලොග් එකක්, මොබිටෙල් එකක් ඩේටා කාඩ් එකක්.....

හම්බේ කට්ටිය නෙලුම් යායෙ ගිහිල්ලා හි‍ටු කියලා පෝස්ට් දානවා.... අපිට ඉරිසියත් එකක.... අපි ඉතින් ඔය ඉන්ටර්නෙට් එකේ ලියන අයව දන්නෙ නෑනෙ. අර මොකක්ද බොක් කියල නේද ඒකට කියන්නෙ... අපි දන්නැවැයැ ඒවා.... 

මකරට ඉතිම් ඕවට තාම එන්න දැනුම් තේරුමක් තියෙන එකක්යැ... තාම පොඩි එකා නොවැ..... ලබන අවුරුද්දෙවත් බලමු ඉතින්... මකරා ඉතින් ආවොත් එන්නෙ පියත් එක්ක.. මකරගෙ පියාවත් මකරා කොහොම හරි බ්ලොග්කරණයට ඇදලා දාගත්තත්... කොහෙද බ්ලොග් එක දිගටම ලියන්නෙ නෑනෙ... මකරගෙත් ඒ හැටි කියලා වෙනසක් නෑ..... 

මකරගෙ හොදම යාලුවා ඒ කියන්නෙ බොක්කෙ ෆ්‍රෙන්ඩා බුකී ගත වෙලා මේ දවස් වල.... පොරවත් බ්ලොග්කරණෙට ඇදලා දාමු නේ.... තාම ලැජ්ජකාරයා.. මකරගෙ ලිපි වලටත් පොර දාන්නෙ ඇනෝ කොමෙන්ට්....

මකරගෙ දතේ කතාව දන්න එක්කෙනෙක් දැන් මේ ලිපිය කියවනවා... නැද්ද අර ටයි එක අමුතු ඉස්කෝලෙ නැන්දෙ ! 😄😄😄😄

ඔන්න එහෙනම් මකරා ගියා.. ආ යන්න කලින් කවියක් දෙකක් කියලම යනවා... ටටා බායි....


යන්න අවසරයි බ්ලොගියෙන් මේ මකරාට
ඉන්න හිතයි බ්ලොගේ බදන්        හැමදාට
වෙන්න හිතයි තව කෙනෙකුගෙ  සැනසීම
කවියක් ලියලා යනනේ මේ ඔබ      සැමට

මකරාගේ බොගේ බලන  අයට සෙත්        වේවා
නොබලන අයෙග බ්ලොග් දින දින කෙල  වේවා
දිනේ පැමිනි විට පෝස්‍ටු ටික ලිය             වේවා
සිංහල බ්ලොග් ලියන අය දින දින වැජ      බේවා

වැජබෙන විට ලියන අය හැම           දාම
කියවන අයත් එක්වේවා ඒ          ගොඩට
කියවන අය ලියන විට බ්ලොග් හැම දාට
සිංහල බ්ලොග්කරනෙ වැජබේ හැම දාක

බ්ලොග් වසන්තෙ ආයෙත් ඒවිදෝ ! ??

ආ කියන්න අමතක උණානේ මකරා බ්ලොගේ අලුත් කලා.. හොදද??

- රන්වන් මකරා - 

Comments

  1. ela ela makaroo..
    templeat eka maru..

    ReplyDelete
  2. එන්න හිතුනෙ නැතිවද උළෙලට එදින
    ඔන්න මමත් හෙව්වා මකරව එදින
    යන්න එපා බ්ලොග් හැරදා තැනක වෙන
    ඉන්න තැනක ගිණි පිඹිමින් හිටු තුටින.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එන්න හිතුනෙ නෑ කියලද හිතුවේ ?
      මකරා ආව කියලද ඔබ හෙව්වේ ?
      මං පොඩි එකා එන්නට බෑ හෙම තනියේ ?
      පියා ආවෙ නෑ නොව යන්නට උලෙලේ !

      Delete
  3. අනේ මේ මකර පැටියෝ, මාව මකරෙක් කරගන්න එපා :) :) වැඩක් නැ , ආවේ නැනේ. ඊලග පාරවත් එන්න.
    මේක නියමයි, එත් මං වගේ නැන්දාලා ට නම් ටිකක් හොයාගන්න අමාරුයි. කොහෙද වයසයි නේ. හෙමීට ඉගෙන ගන්න වෙන්නේ :)

    ReplyDelete
  4. කලින් ආවට comment box එක දැක්කෙ නෑ අද තමා සෙට් උනෙ... එල බ්ලොග් එක මකරා

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.