බ්ලොග් ගීතය..... ( අද අපෙ තාත්තා )





අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා
අඩිය පොලොවෙ ගහලා..
මවෙත ඔරවලා අහපුදේට මට 
කට උත්තර නෑනේ..
ආ ඇත්තද බොල ‍තෝ බ්ලොග් පෝස්ට් ගානේ 
කොමෙන්‍ටු දා දා යන්නේ
රන්වන් මකරාගේ බ්ලොග් එක ඇතුලෙයි 
මං තොගෙ වැඩ දැක්කේ..

ආ ඒකද තාත්තේ 
එහි මම රචකයි 
ඔබ පාඨක වන්නේ
ම්..කියපු ගමන් කන හරහට පාරක් 
තාත්තා මට ගැහුවේ...

අයි අයි අයි උවයි අම්මියෝ 
මෙන්න තාත්තා ගහනෝ..
අයි අයි අයි උවයි අම්මියෝ 
එලව එලව ගහනෝ..
ගහනවෝ - බනිනවෝ 
එලව එලව තාත්තා ගහනෝ..//

බ්ලොග් එක මගෙ නැගලම යනකොට
දෛවයෙ සරදමදෝ..
බ්ලොග් එකෙ ලිපි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනිදෝ
මකරට මෙතරම් බාධාදෝ...

එහෙනම් ඉදගෙන හිටගෙන 
පෙරලි පෙරලි එලිවෙනකන් පෝස්ට් ලිව්වා
අද ලැප් එකවත් නෑ අපෙ අප්පොච්චා
පොලොවෙ ගහලා කැඩුවා...//

රුම්බාරේ කාලේ උම්බලාවගේ නොවේ අපි
කාලකණ්නි වැඩ කෙරුවේ නෑ..
කොහොමද ඒ කාලෙ තාත්තේ මේ වගෙ නෑනේ
ඉන්ටර්නෙට් බ්ලෝගර් තිබ්බෙ නෑ...
(
ඔහෙ හිටු)

අයි අයි අයි උවයි අම්මියෝ 
මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයි උවයි අම්මියෝ 
එලව එලව ගහනෝ
ගහනවෝ බනිනවෝ 
එලව එලව තාත්තා ගහනෝ..//

මුල් ගායනය: Funky Dirt
අවසාන අවශයෙන් -  මකරාගේ 1 වෙනිදා ආතල් එකට ‍රැව‍ටුන පුතීලට ජෙයින් ජෙයම වීවා...

 ජය බෝලී නාත්

- රන්වන් මකරා - 





Comments

  1. ඩිඇක්ටිව් කරවන්න තිබ්බෙ !

    :ඩී

    ReplyDelete
    Replies
    1. ඒකනේ සැම්....

      - ජය බෝලී නාත් -

      Delete
  2. එදත් හිටිය සේ පැටියා ඇතියි කියා
    තවත් හිතන්නෑ රන්වන් මකර පියා
    පොතත් නැතුව බ්ලොගයේ ගිණි තියා ගියා
    මමත් බැලුවෙ ටොක්කක් දෙනතුරුය පියා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හයියෝ දුමී ඔබ මිතුරෙක්ද අනේ
      එදා එවපු රීය ඔබේ ලැබුනේ නැතේ
      බ්ලොගියේ පළමු කොමෙන්‍ටුව
      ඔබ දැම්මෙ නැතේ මම නම් තා ඔන්න අනේ

      දුමී ඊයක් නැවත එවන්න......

      ranwanmakara@gmail.com

      - ජය බෝලී නාත් -

      Delete
  3. එදත් හිටිය සේ පැටියා ඇතියි කියා
    තවත් හිතන්නෑ රන්වන් මකර පියා
    පොතත් නැතුව බ්ලොගයේ ගිණි තියා ගියා
    මමත් බැලුවෙ ටොක්කක් දෙනතුරුය පියා....

    ජයවේවා!!!

    ReplyDelete
  4. තාත්තටත් බ්ලොග් එකක් හදලා දීපන්
    වැඩේ ශේප්

    ReplyDelete
    Replies
    1. ආයෙ මක්කැයි මේ තියෙන්නෙ හදපු බ්ලොගිය දිලිසි දිලිසි

      http://karadiyarali.blogspot.com/

      Delete
  5. අඩෝ සුපිරි එඩිට් එක මචන්...එල එල ඈ....

    ReplyDelete
    Replies
    1. එකෙන්ම කොටි අයියේ......
      ස්තූතියි බැනර් එකට

      - ජය බෝලී නාත් -

      Delete
  6. Replies
    1. ඉස්කෝතුයි වැව් ඉස්මත්ත.....

      - ජෑ මා කාලී -

      Delete
  7. එදා එකට අපි නම් අහු උනේ නෑ...
    මකරට අනාගතේ පේනවවත්ද....
    අර උඩ තියෙන්නෙ තාත්තගෙ බ්ලොග් එක කියුව නේද... බලමුකෝ..

    ජයබෝලීනාත්..

    ReplyDelete
    Replies
    1. ආ මේ නිර්මාණි අක්කත් ගොඩ වෙලා තියෙන්නෙ......

      - ජෑ මා කාලී -

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.