දයාඹර ඔබ සැම වෙත ලියමි


රන්වන් මකරා රාජධානියේදී,
2017/ 04 / 06


ජයවේවා ! ජය බෝලී නාත් !


දයාඹර නෑදෑයනි,

දැන් අලුත් අවුරුද්ද වූවාට කම් නැත මකරාගේ නිවසට පැමිණීමේදී කරුණාකර ඊට සතියකට පමණ පෙර දිනයක් වෙන්කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. මක්නිසාද යත් මේ දිනවල මකරාගේ නිවසේ අමුත්තන් පිරී ඇති බැවිනි. ප්‍රෑන්ක් හාඩි, ඔහුගේ සහෝදරයා, ජුලියන්, ඩික්, ඈන්, ජොර්ජ්, ටිමි, ෂර්ලොක් හෝම්ස් මහතා සහ ඔහුගේ සහයක වොට්සන් මහතාද මේ දිනවල මකරාගේ නිවසේ වෙසෙති. ඊට අමතරව එහෙන් මෙහෙන් ඉද හිට මකරාගේ නිවසට ගොඩවෙන සත්‍යජිත් රායි  මහතා සහ ෆෙලූදාද නැතුවා නොවේ. මකරා නැමති පොත් ගුල්ලා මේ දිනවල ඉහත නම් සදහන් කරන ලද මහත්ම මහත්මීන් සමග කාලය ගත කරයි. එම නිසා පෙර සදහන් කල පරිදි දිනයක් වෙන් කරගෙන පැමිණිමෙන් ඔබට අනවශ්‍ය කරදර වලින් මිදීමට හැකි වනු ඇත.

ඔබ සැමට මා පෙර සදහන් කරන ලද මකරා නැමති පොත් ගුල්ලා අවුරුද්දට වැඩ ඇල්ලීමට ගන්නේද පාසලේ පුස්තකයක් නොවේ ඔහු සෑම විටම ඒ සදහා ලග තබා ගන්නේ වොට්සන් මහතාගේ සටහන් පොතකි. එහි ඒ මහතා සහ ෂර්ලොක් හෝම්ස් මහතා යෙදුනු රහස් පරීක්ෂක කතා හොදින් ලියවී ඇත. 

දයාඹර නෑදෑයනි  මීට හාත්පසින්ම වෙනස් කාරණාවක් ගැන ඔබ තුමන්ලා, තුමියන්ලා සැළකිළිමත් විය යුතුවේ. එනම් පාසල් නිවාඩුවත් සමග සිගිති පාතාලය යලිත් හිස ඔසවා ඇති බව නිළ නොලත් වාර්ථාවලින් තහවුරු වී ඇත. එම නිසා ඔබ තුමන්ලා, තුමියන්ලා වඩාත් සැළකිළිමත්ව ජීවත් වීම සුදුසුය. පසුගිය වාරයේ මෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඔවුන්ව නැවතත් පාසල් බන්ධනාගාරය තුල රදවා ගන්නා තුරු එම පාතාල ක්‍රියාකාරකම් නැවත නැවත් ඔබව ඉලක්ක කරගෙන සිදුවිය හැක. 

මෙම පාතල ක්‍රියාකාරකම් මැඩලීමට යම්කිසි හෝ උත්සහායක් දරන්නෝ වේ නම් ඒ මකරා සදහන් කරන පරිදි "මිනීමරු ටියුශන් මාස්ටර්වරුන්" වෙති. ඔවුන් මා ඉහත සදහන් කරන ලද සිගිති පාතාල නායකයින් විසින් එල්ල කරන්නාවූ මරණ තර්ජන පවා නොසලකමින් ඔවුන්ගේ ටියුශන් කරමාන්තය කරගෙන යන්නෝ වෙති.

එම නිසා ඔබ මා ඉහත සදහන් කලාවූ ටියුශන් මාස්ටර් වරුන්ට යම්කිසි හෝ ස්තූතියක් ගෙන හැර පෑ යුතුය. ඒ ඔවුන් කිසිදු ලෙසකවත් සිගිති පාතාලයට හිස නොනමා තම රාජකාරිය අකුරට ගෙන යන බැවිනි. 

මේ අනුව මකරා තම සිගිති පාතාල නායකයින්ට උපදෙස් ලබා දී ඇත්තේ හැකි සෑම විටම ඉහත කී ටියුශන් මාස්ටර් වරුන්ගේ බඩවියතට කෙළවිය යුතු බවය. එම නිසා අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි පවසන සමාජයක ඊට එකග වීමට මකරා කට යුතු කර ඇත. මේ ලිපිය කියවන්නා වූ ටියුශන් මාස්ටර්ලා වෙතොත් කරණාකර ලිපියේ අනෙක් කරුණු කියවීමට යාමෙන් හරුදයාබාද සාදා ගැනීම අනවශ්‍ය බව රන්වන් මකරා විසින් තරයේ පවසා සිටී.

දැන් ලිපිය නැවතත් යොමු වන්නේ මාගේ ආදරණීය, සදාදරණීය " නාතී " වර්ගයා වෙතටය. දයාබර අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ, නැන්දේ, මාමේ මම මේ අවස්තාවේ ඔබගේ  කාරුණික සමාව බාජනයක දමා පිරිනමන ලෙස ඉල්ලා සිටිමි. මක්නිසාද අහක යන ටියුශන් කඩ කාරයන් වෙත බැනීමට ගොස් ඔබගේ වටිනා, අනභිභවනීය කාලය අපතේ ගිය බැවිනි.

මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින් දනිමි. නමුත් මේ දිනවල මාගේ ආර්ථික තත්ත්වය ඉතා දරුණු ලෙස පිරිහීමකට ලක්ව ඇති බැවින් ඔබලාගේ ප්‍රශ්න සදහා යම් මුදලක් අය කරගැනීමට මා තීරණය කලොත් එය අසාධාරණ ඉල්ලීමක් නොවන බව ඔබ මුලින්ම වටහාගත යුතුය...
එබැවින් පහත ප්‍රශ්න සදහා පහත සදහන් ගාස්තු අය කරනු ලැබේ.
අය කරන ගාස්තු පහත දැක්වේ...
පුතා මේ පාර කී වෙනියදැයි ඇසීමට - රුපියල් 300ක්
එක විෂයක ලකුණු ඇසීමට - රු.50ක්
සියලු විෂයන් එකපාර අසනවා නම් රු.2000ක්
"පාඩම් කලා නං ලියන්න තිබ්බා" ආදී වාක්‍ය සදහා එක වාක්‍යයකට රු.300 බැගින්
සියලු ආකාරයේ බැනීම් සදහා බැනීම් වල එක් වචනයකට රුපියල් 200 බැගින්
අය කරනු ලැබේ...
මේවා සියල්ල දැවෙන ප්‍රශ්න බැවින් මෙම ප්‍රශ්නවල වටිනාකම අවමය රු.1000 පසුකලත් ඔබලාගේ යහපත,ඔබලාට සහනයක් ලබා දීම උදෙසා ඉතා සුලු මුදල් ප්‍රමාණ අය කරන බවත් දැන්විය යුතුය.
එමෙන්ම ඔබ සිතෙනවා නම් මෙම ප්‍රශ්න වලට උත්තර ලබා ගැනීමට මුදල් වියදම් කිරීම අනවශ්‍ය යැයි කියා , මෙම ප්‍රශ්න ඇසීමෙන් වැලකීම හොදම විසදුමයි.ඕපාදූප ඇසීමට ඔබගේ ඇති අධික ආශාව සන්සිදවා ගැනීම මොහොතකට පසෙක තබා මෙම ප්‍රශ්න ඇසීමෙන් වැලකීමෙන් ඔබගේ සාක්කුවේ ඇති මුදල් ස්වල්පයක් බස් එකේ යන්න හෝ ඉතිරි කරගැනීම ඔබ මෙම අවුරුද්දේ සිදුකරන විශාල ඉතිරිකිරීමක් බව පැවසිය යුතුය.
එමෙන්ම ඔබ මට උපකාරයක් කිරීමට සිතා ගාස්තු ගෙවා මෙම ප්‍රශ්න ඇසීමට බලාපොරොත්තු වනවා නම් එයද අනවශ්‍ය බව පැවසිය යුතුය.මට මුදලින් උපකාරයක් කරනවාට වඩා මෙම ප්‍රශ්න ඇසීමෙන් වැලකී ඔබ මුදලක් ඉතිරි කරගනු දැකීම මාගේ සතුටට හේතුවකි.
එසේම ඕපාදූප ඇසීමට හා කට ඇදකර කුණු කතා කීමට ඔබලාට ඇති අධික ආශාව සන්සිදවා ගැනීමට අවශ්‍යම නම් පමණක් ඉහත ගාස්තු ගෙවා මෙම ප්‍රශ්න අසා අවශ්‍ය පිලිතුරු ලබා ගත හැකිය.

ඉහත නිල් පැහැයෙන් දක්වා ඇත්තේ කොටි අයියාගේ බුකීගත ලියවිල්ලක කොටසකි. එයද මෙම ලිපියට ඇමිණීම යහපත් යැයි සිතුවෙමි. මක්නිසාද යත් ඔබටද කොටි අයියා ඉහත සදහන් කරන ලද ගාස්තු කොන්දේසි අදාල බවය. එම නිසා එම ගාස්තු හොදින් මතක තබා ගැනීම ඔබගේ වගකීමයි.


ඊට අමතරව දයාබර බ්ලොග් කරුවනි,

පාසල් නිවාඩුව හේතු කරගෙන මකරා බ්ලොග් ලිපි ‍රැසක් ලිවීමට අධිෂ්ධානය  කරගෙන ඇති බැවින් ඔබගේ කොමෙන්ට් මම බලාපොරොත්තු වෙමි. ඔබගේ අධිෂ්ඨානය මකරාගේ බ්ලොග් ලිපි සියල්ලටම කොමෙන්ට් දැමීම නම් ඔබගේ යතුරු ලියනය කිරීමේ හැකියාව සහ බ්ලොග් මතම කාලය ගත කිරීම විශිෂ්ඨ විය යුතුයි. ඒ සමගම මම නවතිමි. ඔබට ජය බෝලී නාත් !

මම,
ඔබේ විශ්වාසී,
- රන්වන් මකරා -

Comments

  1. ප. ලි. - මෙය මකරාගේ බ්ලොග් ජීවිතයේ දීර්ඝම සටහනයි. වචන 774කි.

    - රන්වන් මකරා -

    ReplyDelete
    Replies
    1. පලිය සැර වැඩිද මන්දා :D

      නිවාඩුවේ ලියාං ඒ නම්..

      Delete
    2. සැර වැඩිද දන්නේ නෑ.
      සැර මදිද දන්නේ නෑ...

      - ජය බෝලී නත් -

      Delete
  2. ඊටත් පසුව ලියමි- මකරාගේ බ්ලොග් අඩවිය මුලු පි‍ටු පෙරලුම් 4000 පසු කරන ලදී. ඒ සදහා සහය ලබා දුන් ඔබ සැමට ජෑ මා කාලී ජිනේ දිනේ.

    ReplyDelete
  3. මෙවර ඔබගේ අවුරුදු නිවාඩුව ෂර්ලොක් හෝම්ස් මහතා,පුංචි වීරයෝ,හාඩි සහෝදරවරුන් සමග ගත කරනු ඇසීම සතුටට කරුණකි.මෙවර කොටි මලයා වන මා නම් ජීවත් වන්නේ බිගල්ස්වර්ත් මහතා සහ ඔහුගේ සගයන් දෙදෙනා වන ඇල්ගි ලේසි හා ජින්ජර් හෙබල්ත්වේට් යන මහත්වරුන් සමගය.පලමු හා දෙවන ලෝක යුද්ධ වල ගුවන් සටන් හා බැදුනු ත්‍රාසය,කුතුහලය,සටන්කාමීත්වය,රණශූරත්වය,දක්ෂ ගුවන් නාවිකත්වය ආදිය විදගැනීමට පී.බී.සේනානායකයන් විසින් පරිවර්තනය කර ඔබ වෙත එවන බිගල්ස්වර්ත් මහතා ඔබගේ නිවසටත් ගෙන්වා වෙනස බලන මෙන් ඉල්ලා සිටිමි.

    අවුරුදු නිවාඩුව යනු සති 2ක් පමණ කෙටි ඉතා කුජීත නිවාඩුවක් බව මකරාට සිතෙනවා දැයි මම නොදනිමි.අවුරුද්ද විදගැනීමට නම් මාර්තු මස මැද පමණ වන විට නිවාඩු දිය යුතු බව මාගේ අදහසයි.හේතුව නම් අවුරුද්දට පරිසරයේ සිදුවන අසිරිය කලින්ම දැකබලා නිදහසේ සතුටු වීම තරම් සතුටක් අප හට නැත.එමෙන්ම වාර විභාගයේ ලකුණු අවුරුද්දෙන් පසු ලබා දීමද ඉතාම හොදය.එමෙන්ම හුන්ඩුවක් වැනි අවුරුදු නිවාඩුවේ ලබන පුංචි නිදහස හෝ කා දමන්නට ටියුෂන් පාතාලයේ ටියුෂන් චොප්පෙ මාස්ටර්ලා වෙහෙසෙති.එමෙන්ම මකරා ඉහත ඉදිරිපත් කර ඇති කරුණු වලටද මම හදපත්ලෙන්ම එකග වෙමි.
    ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. මාද බිගල්ස්වර්ත් කාරයා සමග ගුවනේ කරණම් ගසා හෙම්බත් වී සිටිමි. මා දැනට ඔහුගේ පොත් සියල්ලම කියවා ඇති බැවින් නැවතත් ඔහු අපගේ නිවසට නොයෙනු ඇත. ඔබද අංක එකේ පොත් ගුල්ලෙකු ඇයි දැන ගන්නට ලැබීම භාග්‍යකි.... කොටි අයියේ. එය සති දෙකක කුජීත නිවාඩුවක් බව ලංකාවාසී සිගිති පාතාල සාමාජිකයින් සියලු දෙනා එක හඩින් පවසනු ඇත.

      //අවුරුද්ද විද ගැනීමට නම් මාර්තු මස මැද සිට නිවාඩු ලබාදීම නොහොබිනා ක්‍රියාවකි. "මැදින්" මාසය මැදින් නිවාඩු දීම අශෝබන ක්‍රියාවකි. ජනවාරි මස එක් දිනයක් පමණක් පාසල් පවත්වා එදා සිට අවුරුදු නිවාඩුව පටන් ගත යුතුවේ.// මෙය සමස්ථ ලංකා සිගිති පාතාල නායකයින් විසින් ඒකමතිකව ඉල්ල සිටින ලද යෝජනාවකි.

      //ළකුණු පසුව නිවාඩුවෙන් පසුව ලබා දීමද ඉතාම අශෝබන ,අශිෂිඨ ක්‍රියාවකි. ලකුණු බල්ලාට දැමීමෙන් රට තුළ ඇති විය හැකි උනුසුම් වාතාවරණය පාළනය කළ හැක. // මෙයද සිගිති පාතාලයේ ඉල්ලීමකි.

      - ජෑ මා කාලී -

      Delete
    2. බිගල්ස්වර්ත්, ලැරී, ජින්ජර්, විසින් අපව යටත් කරගෙන සිටින අතරම දැයේ සමහරක් සිසුන් බිල් ගේටස්, ලැරී පේජ් සහ සකර්බර්ග් අයියාගේ ග්‍රහනයට හසුවී ඇත.

      - ජය බෝලී නාත් -

      Delete
    3. එමෙන්ම ඔවුන් සුපර්ෂෙල් වැනි ආයතන විසින්ද ඔවුන්ව යටත් කරගෙන ඇත

      Delete
    4. තූ නොද කින් නොදෝම කින් කොටි අයියේ ඔය සුපර් ශෙල් දෙන්න ළමයෙකුට.... හැක හැක...
      ඔබමෙන් මමත්
      මම මෙන් ඔබත්
      සුපර් සෙල්
      විරෝධියෝ වෙමු..

      - සුපර් සෙල් විරෝධින්ට ජය බෝලී නාත් -

      Delete
  4. ඔබගේ ආදායම් පිලිබදව අප නිරතුරු අවදානයෙන්
    --ලංකා බැංකුව--

    ReplyDelete
    Replies
    1. ලංකා "බංකුවේ" මැනේජර් තුමා වෙත ලියමි.

      මට ලංකා බැංකුවේ එකවුන්ට් නැත..... ඒක නිසා මා ගැන අවදානය යොමු කිරීම අනවශ්‍යයි.

      ජාතික ඉතිරිකිරීම් බැංකුවේ මැනේජර් තුමා වෙත ලියමි.

      කරුණාකර මෙම මුදල් මගේ "පුන්ච් හපන්" ගිනුමේ තැන්පත් කළ පසු මට කැටයක් හෝ බෝලයක් ලබාදෙන්න.

      මීට විශ්වසී
      රන්වන් මකරා

      Delete
    2. අපි නම් මේ පාර දෙන්නේ බැඩ්මින්ටන් ටේබල්ටෙනිස් රැකට් තමයි
      ආහ් ඔක්පෝර්ඩ් කවකටුපෙට්ටිත් තියෙනවා.
      ඇන්.ඇස්.බී නම් මොනවා දෙනවාදැයි දන්නේ නැත.

      Delete
    3. ලංකා බැංකුව ඔයාලනම් ඊයා හලෝ

      - රන්වන් මකරා -

      Delete
  5. පැනයක් ඇසීමට දඩයක් ගැසු හින්දා
    දහසක් ගැටළු හිරකර ගමි ඒ හින්දා
    මකරෙක් පිඹින ගිණි මෙතරම් සැර හින්දා
    කිසිවක් නොලිය මම යනවා අනෙ මන්දා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කාහට ගැහුවත් දඩ මේ මකරා
      නොගසමි දඩයක් දුමියට හින්දා
      හැමදා දමන අදහස් ගොඩ වැඩි හින්දා
      කෙසේ ගහන්නද දඩයක් මම මකරා

      - ජය බෝලී නාත් -

      Delete
  6. නියම ලියවිල්ල පුතේ.නිවාඩුව මදි බව මමද පිළිගමි.අපේ ගෙදරටත් රූත් ඈන්ෂර්ලි මැටිල්ඩා එමිලි කැතී වැනි අය මහ ගොඩක් පදිංචි කරගෙන හිටියත් ගෘහණියක් වුනාම උන්දෙලා ආශ්‍රය කරන්ඩ ඉඩ කඩ අඩුයි නොවැ.මමද පොත් ගුල්ලෙකි.
    ප.ලි. ඔය මිතුරන් සමග ආශ්‍රය ඔබ මියන තුරුම පවත්වාගෙන යා හැක.නමුත් විභාග (ඔබ ලියන උ/පෙ හෝ සා/පෙ) සමඟ ආශ්‍රය ඒ තරම් කල් තබාගැනීම චාටර්ය.ඒ නිසා මුලින් කල යුතු වැඩයට වැඩි අවධානයක් දෙන්න.
    කරුණාකර මට ගිණි පිඹීමෙන් හෝ දඩ ගැසීමෙන් වලකින්න

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි මිස්..... නිවාඩුවේ මුලින්ම අංක එකට මම තබාගෙන ඇත්තේ SLT ලිමිට් පැනීමට පෙර පෝස්ට් හැකි තරම් ලිවීමයි... සාපෙට මට තව අවු 3ක් තියෙනවා..... හැක.

      - ජය බෝලී නාත්-

      Delete
    2. අයියෝ ....ඔහොම යං ඔහොම යං...ඔයාගෙ වයසෙ අයත් බ්ලොග් ලෝකෙ ඉන්නව එහෙනං..නෙළුං සෙල්ලමට ආවැයි???

      Delete
    3. හැක හැක...

      - ජය බෝලී නාත් -

      Delete
    4. අපිත් ඉන්නවා ඈ...

      Delete
    5. මේ කවුද මේ? හැක හැක

      Delete
  7. Replies
    1. 😃😃😃😃😃😃😃😃😉😉😉😉😉😉😝😝😝😝😝😝😎😎😎😎😎

      - ජෑ මා කාලී -

      Delete

  8. මකරා පොත් ගුල්ලෙකු වීම ගැන මාගේ බලවත් ප්‍රීතිය... මන්ද මම ද එසෙ බැවින්...

    ඒ වගේම මේ පෝස්ටුව මකරාගේ ගෙදර ගේට්ටුවේ හෝ දොර අසලම ප්‍රදර්ශනය කිරීමට යෝජනා කරමි... බඒ වගේම ඉහත දඩ ගැසීමේ වාක්‍යවලට තව එකක් එක් කිරීමට කැමැත්තෙමි.. ඊට මකරාගේ ප්‍රතිචාරය නොදනිමි...
    මේ දෙබස්වලටත් දඩගැසිය යුතු ය.
    “ආ පුතා සුදු වෙලා... පුතා කලු වෙලාද මන්ද... ඉස්කෝලෙදිි අවුවෙ නටනවද... පුතා මහත් වෙලා... පුතා කෙට්ටු වෙලා.. කන්නැද්ද????"
    නෑදෑ හිතමිතුරු පාර්ශවයේ පොදු ප්‍රශ්න ලෙස මා මේවාද හදුනාගෙන ඇත...

    තව එකක් අර නැවේ කප්පිත්තටත් කියන්න අලුත් පෝස්ටුවක් දාන්න කියලා අපිට කියවන්න...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි අක්කා.. ඔය කිව්ව ඒවත් ඇතුලත් කරන්න වෙනවා වගේ නේ? හැක හැක කප්පිත්තට කිව්වට ඉතින් අහන එක්යැ.

      Delete
  9. ජය බෝලී නාත්....

    ReplyDelete
  10. එල එල..
    මන් නම් වැඩිය පොත් කියවන්නේ නෑ..

    ජය බෝලී නාත්...

    ReplyDelete
    Replies
    1. තූ නොදකින් ඒක කියන හැටි විතරක්...

      - ජය බෝලී නාත් -

      Delete
  11. හපොයි දැන් සිගිති පාතාලෙ හින්දා එෆ්.බී එකටවත් යන්න වෙන්නෙ නෑ වගෙයි

    ReplyDelete
    Replies
    1. මේ පොත් ගුල්ලෙකු වීම ගැන මගේ සතුට මකරො

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.