දොස්තර මහත්තයෝ මේ අසරණ මිනිසුන්ගෙ කදුළු ඔබ තුමන්ලාට සාපයක් වේවි.

දොස්තර මහත්වරුන් වෙත ලියමි,

ජීවක වෙදදුරු තුමාගෙන් පැවත එන්නා යැයි කියන්නාවූ නූතන වෙදදුරු තුමන්ලා පසුගියදා වැඩ වැරුමක් කළා යැයි රන්වන් මකර අධිරාජ්‍යයට දැන ගන්නට ලැබුණු බව ඔබ තමුන්නාන්සේලා දැන ගත යුතු බව තරයේ පවසා සිටිමි.

කරුණාකර පහත වීඩියෝ පටය අවසානවන තුරු නරඹන්න.



දොස්තර වරුන් දෙවිවරුන් යැයි කියන සමාජයක මෙවැනි දේ කිරීම එම දෙවිවරුන් විසින් සිදු කරගන්නා වූ පාප කර්මයක් නොවේද?

මෙම වීඩියෝවේ එක් අවස්තාවකදී එක් පුද්ගලයෙක් පවසන අන්දමට ඔවුන්ට පෞද්ගලික වෙදදුරු මද්‍යස්ථානයකින් ප්‍රතිකාර ගන්න යැයි රෝහල් කනිෂ්ඨ කාර්‍ය මණ්ඩලය පවසා ඇත. එම පුද්ගලයා පවසන ආකාරයට "අපට ඉතින් කොහෙද සල්ලි ඕවට?' ඒ කීම හැබෑය. බෙහෙත් ගැනීමට මුදල් ඇත්නම් ඔහු රජයේ රෝහලකට පැමිණේද? එය අප විමසිය යුතු කාරණාවකි.

තවත් එක් අවස්තාවකදී එක් තැනැත්තියක් පවසන ආකාරයට වෙදදුරු වරුන් එම ඉලක්කය වෙත ලගා වන්නේද රටේ මහජනයාගේ මුදලින් බවය. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන එම රටේම සාමාන්‍ය මහජනයා මෙතරම් අසීරු අවස්ථාවකට ඇද දැමීම උගත් යැයි සළකන්නාවූ රටක වෙදදුරු වරුන්ට කළ හැකි ක්‍රියාවක්ද?

වෘත්තීය අරගල යනු වෙනමම විෂයකි. රටේ අත්‍යාවශ්‍ය සේවා වැඩ වැඩවරමින් මෙයට පිළියම් යෙදිය හැකිද? රටක සෞඛ්‍ය සේවය වැඩ වැරුමින් මෙවැනි දෙයක් සිදුවන්නේ නම් රටම ආරක්ශක අංශ වැඩ වැරුවෝතින් රටට කුමක් සිදුවේද? 

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවද ඉහත මා කී අමාත්‍යංශයක් මගින් පාලනය වන්නාවූ රජ්‍ය දෙපාර්තුමේන්තුවකි. සෞඛ්‍ය අමාත්‍යංශයද එසේ නොවේද? ඔවුන්ට වෘත්තීය අරගල නැතිද? වෘතීය අරගල ඇත්තේ වෙදදුරුවරුන්ට පමණද?

නගර සභාවේ සුලු සේවකයාගේ වැඩ වැරුමකින් එම නගරයේ වැඩ අතරමග නතර කරවිය හැකිය. ඔවුන් නගර සභාවේ සුලු සේවකයින් වන්නෝය. එහෙත් උගත් යැයි සම්මත රටක වෛද්‍ය සමාජයට එසේ තීරණයක් ගැනීමට හැකිද? 

මෙය බුද්ධිමත්ව සිතා බැලිය යුතු කරුණකි. එම තීරණය මගින් වෛද්‍යවරුනුත් නගර සභාවේ සුලු සේවකයාගේ මට්ටමට පැමිණ ඇති බව දැන් නොරහසකි. පංති බේදය මා කිසිසේත්ම අගය නොකරන්නකි. ඒ අනුව නගර සභාවේ සුලු සේවකයාද වෛද්‍යවරයාද එක සමාන වෙති.

පිළිගත් මාධ්‍ය ආයතන වළ වෙබ් අඩවි පළ කර තිබූ පුවතක් වෙත අවධානය යොමු කරමි.

නෙත් ගොසිප් වෙබ් අඩවිය වාර්ථා කර තිබූ පුවතක් මෙසේය.

උපුටා ගැනීම -

රට පුරා වෙදදුරෝ වැඩ වරද්දී ‘ජාතික රෝහලේ වෛද්‍යවරියක ලොවට කියා පෑ මනුස්සකම‘ (PHOTOS)

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද රටපුරා වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වෙයි.

කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය අතරතුර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.

එම ස්ථානයේ පසෙකින් තවත් වෛද්‍යවරයෙක් ද සිටියේය.


උපුටා ගැනීම අවසන් -

උපුටා ගැනීම http://nethgossip.lk/articles/25040

මෙයද පැසසිය යුත්තකි. වෛද්‍යතුමියනි ඔබට ස්තූතියි. 

මෙය සම්භන්දයෙන් පළවූ තවත් මෙවැනිම ලිපියක් - මෙතනින් යන්න

- ජය බෝලී නාත් -

- රන්වන් මකරා - 

Comments

  1. මුන්ට මිනිපෙට්ටි කාරයෝ කොමිස් දෙනවා ඇති නේද ?

    ReplyDelete
  2. මුං මහ කාලකන්නි හැත්තක් බං...මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන මිනිස්සුන්ටම කෙල වන්න හදනව...මුංට හෙනගහල මදි බං...මම නං කියන්නෙ ඔය ස්ටයික් එකේ ඉන්න කොට ඕකුන් පෙල පාලි යනකොට වටේ ඉන්න මිනිස්සු මුංට ගල්,කුණු එලවලු පලතුරු,කුණු බිත්තර වලින් පොඩි සංග්‍රහයක් දෙන්න ඕනෙ...නැද්ද මම කියන්නෙ...?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කථාවක් අයියෙ...

      Delete
    2. //මුං මහ කාලකන්නි හැත්තක් බං...මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන මිනිස්සුන්ටම කෙල වන්න හදනව// Uba 1-13 wenakan egena gaththae salli delada ??? Aduma tharamae un egena gaththa. Ubalata ekath baruwa dan saitm ekata kade palayan.

      Delete
    3. චූටි පැටියො...මට ඔයාත් එක්ක වචනයක් කතා කරන්න ආසයි...ඒත් ඇයි මේ ඇනෝ කමෙන්ට්...මං දන්නෑ උඹ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා...ඒත් උඹ කතා කරන හැටියට පිරිමියෙක් වෙන්න ඕනේ...හැබැයි පැටියෝ ඔයාට කිසීම පිරිමි ගතියක් නෑ...පිරිමියෙක් නං ඇනෝ කමෙන්ට් නැතුව නම දාල කමෙන්ට් කරපන්...
      මං මෙතන වැඩිය කියවන්න කැමති නෑ මොකද ඒකෙන් මේ මල්ලිගෙ බ්ලොග් එක සවුත්තු වෙන නිසා.මට ඊමේල් එකක් එවාන් වැඩේ හරිනෙ.

      පැටියෝ.උඹ ඊමේල් එවන්න කලින් කියන්න දෙයක් තියනව.
      උඹේ ඇස් පේනවද?මං මෙතන සයිටම් එකට කඩේ ගිහින් කියල තියන එක වචනයක් පෙන්නපන්.අනික මං හැම දොස්තරටම බැන්නද?මං බැන්නෙ අහිංසක මිනිස්සු ගැන හිතන්නැතුව උන්ගෙ ගේමට ස්ට්‍රයික් කරන දොස්තරලට.අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන එයාලට බෙහෙත් කරන්නැතුව මුංගෙ ප්‍රශ්න වලට ස්ට්‍රයික් කරන්න හොදයි.දුප්පත් ලමයින්ට ශිෂ්‍යත්වෙ පාස් වෙලා හරි කොලඹ ලොකු ඉස්කෝල වලට යන්න දෙන්නැතුව ඒ ලමයින්ට තියන කොලඹ ඉස්කෝලෙ ඉඩ මේ දොස්තරලගෙ ලොකු ලොකු ලමයින්ට දුන්නම හොදයි.රජයෙ ඉස්පිරිතාලෙ බෙහෙත් දෙන්නෙ නැතුව ප්‍රයිවට් ඒ වල බෙහෙත් දීල සල්ලි හොයන එක හොදයි.ඇයි උඹට ඒව පේන්නැද්ද?...

      කොන්ද පණතියනව නං මට ඊමේල් එකක් දාපන් මගෙ මේල් එක kotimalli12@gmail.com

      Delete
    4. ඒක තමා කොටි මල්ලි මමත් කිව්වෙ.....

      Delete
  3. වීඩියෝ එක පෙන්නෙ නෑනෙ මකරෝ

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනේ බුකී ගත වීඩියෝ දෙකක් ටැග් එකක් දාලා පොඩි සූත්තරයක් දාල ගත්තෙ.. ඔයා බුකියෙ නැත්නම් පේන එකක් නෑ,,,,,

      Delete
  4. ස්ට්‍රයික් කරන හැම දවසකම සියළුම වැටුප් කපා දැමිය යුතුයි. එහෙම නැත්තම් මේ මිනිස්සු අසරණ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදනවනම් දෘඩ තීරණයක් ගන්න ඕනෙ. අහිංසක මිනිස්සුන්ගෙන් ගසාකන සල්ලි වලින් ලෝකෙට පේන්න ලොකූ බඩක් තිබ්බටමත් මදි උන්ට හදවතක් තියෙන්නත් ඕනෙ...

    ReplyDelete
    Replies
    1. මොන වැටුප්ද?...ප්‍රයිවට් හොස්පිට්ල් තියනකන් ඕකුන්ට ඔය වැටුප ඕනි නෑ...ඒත් වැටුප නැවැත්තුවොත් අම්මෝ...ස්ට්‍රයික් පිට ස්ට්‍රයික් කරයි.

      Delete
    2. ඒක තමා කොටි මල්ලි මමත් කිව්වෙ.....

      Delete
  5. ඉස්සර වෙදදුරන් දෙවිවරු ලෙස උන්නේ
    තිස්සෙම ලෙඩුන් වෙනුවෙන්මයි වෙහෙසෙන්නේ
    විස්තර ගොතපු මකරගෙ ලිපි හොඳවන්නේ
    දොස් නොකියමිය ලෙඩ්ඩුන් ගැන හිතපන්නේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී අයිය නං කවියෙන්ම ජීවත් වෙන පොරක්නෙ...

      Delete
    2. හිටියත් එනතුරා මකරා මේ පැත්තේ
      කොටි මල්ලිනේ පිළිතුරු මට දී ඇත්තේ
      කොටියත් ආවොතින් "දුමී" ගෙ බ්ලොග පැත්තේ
      මිටි ගණනින්ම කවි පිරිලා ඒ පැත්තේ....

      ජයවේවා!!!

      Delete
    3. මකරාට මේ දින වල වැඩ වැඩි වන්නේ
      බ්ලොගියත් කියෙව්වෙ දුමියා හරි හොදනේ
      කවියක් ලියමි දුමියෝ ඔබ හරි සද්දේ
      කොටියෝ මෙතන වලි නොම දා ගනු මිතුරේ

      - ජය බෝලී නාත් -

      Delete
    4. වලි දාගත්තේ නැත මා
      වලි ගැන දන්නෙත් දැන් මා
      මකරා හරි බිසි කොල්ලා
      දුමි අයියා තරහා වනු එපා

      Delete
    5. තරහයි කියන්නට හේතුව නැහැම තමයි
      කවියයි ඒක බලනා හැම සොඳුරු තමයි
      කොටියයි රත්තරන් පාටැති මකර රජයි
      තරහයි කිව්වොතින් මොනවා හෝ කරනු බයයි....

      ජයවේවා!!!

      Delete
    6. රජ වෙනු කොහොම අධිරජ වෙමි මකර රට
      කොටි අයියගේ නම පතළයි සකි මෙ පුර
      දුමියා කවි ගොතයි ඉදගෙන මකර බොලොග
      රාජධානියක් එය තිබෙන ලොව
      සැරදේ අපගේ මකර පුර

      - ජෑ මා කාලී -

      Delete
  6. ජය බෝලී නාත්

    ReplyDelete
  7. බොහෝ වටින අදහස්
    ජය බෝලී නාත්

    ReplyDelete
  8. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් දොස්තරලට පමණක් නොව සියලුම දෙනාට ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදී තියෙනවාය. දොස්තර වරුන් හෝ සෞඛ්‍ය සේවයේ වෙනත් සේවාවක් (ඔවුන් පමණක් නොව තමන්ගේ සල්ලි වලින් බස් අරගෙන සේවයේ යොදවා ඇති පෞද්ගලික බස් හිමියන්) වැඩවර්ජනයක නිරතවන විටකදී සාමාන්‍ය මහජනතාව පිඩාවට පත්වනවාය

    කිසිවකු පිඩාවකට පත් නොවන්නේනම් සියල්ල සාමාන්‍ය ආකාරයටම සිදුවනවානම් වෘත්තීය අරගලයක් සිදුකිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නැත. එවිට කිසිවකු එම කරුණ දෙස බලන්නේවත් නැත

    දොස්තරවරුන් වැඩවර්ජනයක නිරත වන්නේ ඇයිද යන්න විමසා එවැනි තත්වයක් නැතිකිරීම සදහා අප විසින් වියදම්කර චන්දයක් පවත්වා වැටුප් ගෙවමින් පිරිසක් පත්කරගෙන ඇත. ඔවුන්ගේ රාජකාරිය වනුයේ මෙම කරුණු සම්බන්ධව සෘජු ප්‍රතිපත්තියක් සහිතව තිරණයකට පැමිණිමය.

    මම දන්නා තරමින් වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යනවාට විරුද්ධ නැත.ඔවුන් පවසන්නේ එය යම් නියාමනයක් සහිතව ප්‍රමිතියකින් පවත්වා ගෙන යා යුතු බවටය.

    මමනම් සයිටම් ආකාරයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යනවාට එකග නැතිය. එයින් කියන්නේ මුදල්ගෙවා අධ්‍යාපනය ලැබිමට ඇති ඉඩ ඇහිරිය යුතු බව නොවේ. මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලැබීමට අපොස (උ/පෙළ) සමත් හෝ වෙනත් වෘත්තීය සුදුසුකමක් සම්පුර්ණකල පුද්ගලයින්ට සමාන අවස්ථාවක් ලබාදිය යුතුය. ඒ යටතේ ණය පහසුකම් සැලසීම හා කුසලතා පදනම මත තොරා ගැනීම් සිදුකල යුතුය

    නැතිනම් සිදුවන්නේ දන්නා අදුරන පුද්ගලයින්ගේ ළමයින්ට සහ වැඩිපුර මුදල් වියදම්කල හැකි පුද්ගලයින්ට පමණක් වැඩිදුර ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීමය.

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.