කවිකම



කවිකුරු‍ටු ගෑමි
දවසක් පුරා
ඉන්පසුව මට
ඇතිව බැස්සෙමි
නිසදසට
කෙම්පූතලේ
ඇතුලේ
ඉන්නා අයගෙ
සෙල්ලම්
දින තුනක්
පුරාම
වින්දෙමි
ඇහුවෙමි
එපාවුණි
එයට වඩා
සතය ලෝකය
වෙත පිය නගන
එක යහපත්
ද එය අසමි
අවසන මටම
මට වීම එපාවිණ
නැවත කවියට
බැස්සෙමි
මම කවියෙක්මි
සිතූ දේ ලියන
කිසිදු රාමුවක්
මට ඇත්තේ
නැතිය හැමදාම
පන්තියේ ගුරුතුමා
කියනා විදිහට
මෙහෙම ලිව්වොත්
මම ගුටි කාලා නවතීවි....

ඇත්තටම එය
සත්ය ය.
එය මං දනිමි
නමුදු කිසිදු
අයුරින් රාමු
ගත නොවෙමි
අසැබි බස මෙන්ම
සැබැසියද කවියට
නගමි...
අසැබි තරමටම
එය වටී... වටින
තරමටම එය නසී..

එය මගේ
සතුටයි..
එය මගේ
සැපතයි..
අද ලියූ
දෙයක් මම
හෙට කියවන්නේ
නැත ඒ මොකද
හෙට මම වෙනස්
කෙනෙකි..
එය මගේ හැටියයි
දයාඹර ඔබෙන්.
අසමි ඔබත් කවියට
කැමතීද මමත්
කැමතිය

ඔබේ අදහස
කෙසේදැයි අසමි..
මම ඔබත්,
කිවිදියකදැයි.
අසමි මම
ඔබත් කිවිදියක
නම් මමත් ආසයි
හැම දාම
වෙනස් විදිහට
ලෝකය දකින්නට
එසේ නම් අද දිනම
නැවතීම තියමි
මම ඔබට බුදු
සරණයි පතමි
මෙමට කව් දෙවිගේම
පිහිටයි...


------------------------------------------------------------------------------------------------------------
වාර විභාගය වෙලාවේ සිතට නැගුණු හැම දේම වචන කලෙමි.... අසැබි මෙන්ම සබැසියද බාවිතා කෙලෙමි. අසැබිය වෙනත් බ්ලොගක රහසිගතව පළකරමි.. පාසල් සිසුවෙකු වශයෙන් එය ඔබ වෙත ගෙන ඒම ශිෂ්ඨ සම්පන්න නොවන නිසාය... සතුටින් දැනුම් දිය යුතුයි..... මේ නිවාඩු කාලයයි... මකරාගේ බ්ලොග් වසන්තයයි.... 

- රන්වන් මකරා - 

Comments

  1. නිවි නිවි තිබෙන යළි දැල්වෙන පහන වැනී
    කවි කම අඳුර මගහැරවයි හිරු ලෙසිනී
    කවි යක් ලියූ විට මගෙ හිත සතුටු වුනී
    කවි පිළිතුරක් ලැබුවිට මා සතුටු වුනී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවි සිත නැවත ඇති විය
      නිවා ඩුව නැවත පැමි ණිය
      ගෙවා දින නැවත ගෙන ගිය
      මාස යක් නැවත් ලිය මිය

      - ජෑ මා කාලී -

      Delete
    2. කියුම් කෙරුම් ලෙස කවිකම් බොහොම හොදා
      උතුම් සිහල බස ගෙන කවි ලියනු සදා
      පැතුම් විලස සැබි අසැබිද හොදට හදා
      ලියුම් වගේ කවිකම් දෙනු වචන යොදා....

      Delete
  2. නියමයි මල්ලි...මේක නං සුපිරිමයි...
    "කිසිදු
    අයුරින් රාමු
    ගත නොවෙමි"

    හරියටම හරි මල්ලි... හිර වෙන්න එපා... කියන්න ඕනි දේ හෙන ගහන්න වගේ කියන්න ඕනෙ...

    "අසැබි මෙන්ම සබැසියද බාවිතා කෙලෙමි. අසැබිය වෙනත් බ්ලොගක රහසිගතව පළකරමි.. "

    හිතට එකගව කතා කලොත් සැබෑ ලෝකෙ යථාර්තය සබැසිය නෙවෙයි මල්ලි.අසැබිය පාවිච්චි කරල තමයි ලෝකෙ වෙන දේ කෙලින් අපිට බොරු නැතුව කියන්න පුලුවන්.ඒත් මේ සංස්කෘතිය ඇතුලෙ අපි ඇත්ත කියන්න බැරි විදිහට රාමුවෙන් හිර වෙලා තියෙන්නෙ.බොරු මානසිකත්වයක් හැමෝටම තියෙන්නෙ.කරන්න තියෙන්නෙ රහසෙම වෙන බ්ලොග් එකක ලියන එක තමයි.මාත් දැන් වෙනම එකක් හදන්න ඉන්නෙ.කොටි මල්ලියාගෙ බ්ලොග් පිටුවෙ ලියන්න බැරි දාහක් දේවල් ඒකෙන් එලියට දාන්න ඕනි.අපිට ඇත්ත එලිපිට මේ වගේ බ්ලොග් එකක කියන්න බැරි අර රාමුවෙන් අපි හිරකරල නිසා...

    ReplyDelete
    Replies
    1. එකෙන් ම තෑන්ක්ස් කොටි අයියේ.. ස්තූතියි ඔවදනට... රාමුව කඩමු.. රාමුවේ නතර නොවෙමු.. නිදහස් මත දාරිහූ වෙමු.

      - ජෑ මා කාලී -

      Delete
  3. niyamai bro..
    matanam oyawage kawi liyanna baa.
    supiri.. :)

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.