දුනු වායෙක්මි මම

දුනු වායෙක්මි මම
සිතූ දේ කරන

දුනු වායෙක්මි මම
වදන් පද විදින

දුනු වායෙක්මි මම
යුද බිමේ දිවි පුදන

දුනු වායෙක්මි මම
නිදහසේ කල් ගෙවන

දුනු වායෙක්මි මම
මිනී මරු හී එවන

දුනු වායෙක්මි මම
එල්ලයකට විදින

දුනු වායෙක්මි මම
පේලියට හී එවන

දුනු වායෙක්මි මම
වදන් පද පෙල් එවන

දුනු වායෙක්මි මම
ඔහේ කවි ලියන

දුනු වායෙක්මි මම
මැරෙන තුරු මග අසන


- රන්වන් මකරා -

Comments

  1. එනු යනු හොයනු බැරි කාලය කර තරණ
    දුනු වායෙක්ලු නුඹ කවි පදවැල් විදින
    ගනු සිහියකට මකරුනි නිති සිහි කරණ
    එනු ඉදිරිය්ට දුනු නොව නුඹෙ ගිණි රැගෙන....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කර බල නිතින මග අසන මම
      නර කල සිතින පදවැල් විදින මම
      බර කල පදින අවවාද ගති මම
      දුර හල සිතින නොවිදිමි ඔබට මම

      - ජෑ මා කාලී -

      Delete
  2. නියමයි බ්‍රෝ...

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.