ඉස්කෝලෙ යුද්ධය



අගෝස්තු 29 සදුදා රෑ 8.21 


ගොඩ කාලෙකට පසු බ්ලොගියේ කුනු දූවිලි ගසා දමා ටෙම්ප්ලේට් එකද හැඩ කලෙමි. ඊයෙ රාත්‍රියේ මට අලුතින් මිතුරන් කිහිප දෙනෙක්ම මුන ගැසිණි. ඒ අතර හැලප කඩේ (මගේ වයසට සරිලන අයුරින් "හැලප අංකල්" ඇයි ඇමතීම යෝග්‍ය යැයි සිතමි.) ගුරුවරියකගේ මතක සටහන්, ඉවාන් පවුලූශා වේ.

මමද හැමදාම පොත් ගැන කිය කිය ඉන්නේ නැතිව මගේ ජීවන අත්දැකීම් ඔබ හා බෙදා ගන්නට සිතුවෙමි. මෙදා නිවාඩුවේ අන්තිම දින කිහිපයේ සිට ලියන මේ ලිපියේ සිට මා මෙලොවේ ගතකල අවුරුදු 12 ගැන හොද හොද කතා ඇසීමට ඔබට හැකිය. මම ඉපදුනේ හැදුනේ වැඩුනේ ගාල්ලේය. 

ගාල්ලේ යැයි කිව්වාට හරියටම මාගාල්ලේය. මාගාල්ලේ සම්පූර්ණයෙන්ම ඇත්තේ ධීවර පරිසරයකි. මාගාල්ලට අමතරව ගාල්ල නගොඩටද මකරා ගේ සම්බන්ධතා ජාලය පැතිරී තිබේ. මකරා වූ කලී සයිබර් රංග භූමියේ තවත් එක් චරිතයක් පමණි. 

එහෙත් ඒ චරිතයට පණ පොවන නලුවා වූ කලී කුඩා කොලු ගැට්ටෙකි. ඒ කොල්ලගේ පාසලේ සිදුවු තෙවන ලෝක යුද්ධය ගැන අද ඔබට දැන ගැනීමට හැකිය. 
පදුර වටේ තැලීම අවසානයි. දැන් ආපු කාරණේට බහිමු. 

එතකොට මකරාට වයස අවුරුදු 9කි. ඉගෙන ගත්තේ සහ තාමත් ගන්නේ ගාල්ලේ හොදම පාසලකය. මකරා එතකොට 5 වසරේය. එකල 5 වසර වූ කලී ප්‍රාථමික අංශයේ ළමා පාතාලය රජ කල සහා තාමත් කරනා තැනකි. “සිස්සත්වෙට” සූදානම් වන්නෝ ද එමටය. ඒ අතර පාතාලේ මැර ක්‍රියාද අඩුවක් නැතිවම සිදුවන්නේය.

 එකල එහි 5 වසරේ තවත් එක් භීතියක් පැතිර ගියේය. එයනම් “බුලට්” භීතිකාවයි. එකල 5 වසරට රබර් පටි වූ කලී තහනම් ද්‍රවයයකි. පන්ති 5ක් තිබූ පහ වසරේ පන්ති අතර සිදුවන මැර ක්‍රියාද එමටය. මකරා සිටියේ E පන්තියේය. E පන්තියේ ජන්මාන්තර වෛරක්කාරයන් වූයේ B පන්තියයි. 
american navy seals in a war සඳහා පින්තුර ප්‍රතිඵල
B පන්තියට අනවසරයෙන් ඇතුල් වූ E පන්තියේ "බුලට්" සොල්දාදුවන් පිරිසක්. ඡායාරූප අනුග්‍රහය - ගූ ගලේ

මකරා වූ කලී වෙනස් විදිහටම හිතන්නෙකි. E පන්තියේ මැර වර සෙට් එකේ මකරාට ස්ථානයක් නොවීය. මකරා වූ කලී සාමාන්‍ය ළමයෙකි. "බුලට්" වලින් විදගනිමින් සිදු වූ මේ සටන් ජවනිකාව රූගත කලා නම් "හොද චිත්‍රපටයක්" පවා සාදා ගැනීමට පුලුවන් වෙයි. 
school war with rubber bands සඳහා පින්තුර ප්‍රතිඵල


පිරිසක් සටනට අවශ්‍ය "බුලට්" සාදයි. තවකෙක් සටනට අවශ්‍ය යුද උපක්‍රම යොදා ගනිමින් සිතියමක්ද පිලියෙල කරයි. කෙසේ හෝ මේ පාතාල ක්‍රියාකාරකම් අවසන් වූයේ මුලු පන්තියම යහමින් “ඉල්ලා ගත්තාට” පසුවය. එකල එහි පාලනය ගෙන ගිය ගුරුවරුන් වූ කලී දෙවිවරුන්ය. 


එකල එහි වූ ළමා පාතාලය අවසන් වූයේ අවුරුදු 5ක් ම එකට සිටි අය 6 වසරේ දී පන්ති වලට බෙදා යැවීමෙන් පසුවයි. නමුත් වාසනාවකට මෙන් තවමත් මකරාත් මකරාගේ හොදම මිතුරාටත් වෙන් වී මට සිදු වී නැත. 1,2,3,4,5,6,7,8, මේ අවුරුදු 8 දීම අප දෙදෙනාට වෙන් වී මට සිදුවී නැත. 

9 වසරේදීත් වෙන් නොවී සිටීමට හැකි වේ යැයි පතමි. ඔහුද මකරාට සරිලනම මිතුරෙකි. තවත් හොදම මිතුරෙක් සිටී. ඔහු මට මුන ගැසුනේ මකරා "මොන්ති‍තෝලි" යන දවස් වලය. තවමත් මේ මිතුරන් දෙදෙනා මකරා සමග යහතින් සිටී. ඔවුන් ගැන රස කතා පසුව බලාපොරොත්තු වන්න. 

ප.ලි. මෙම ලිපිය මගින් කිසිවෙකු අපහසු තාවයට පත්වූයේ නම් සමාව ඉල්ලා සිටින අතර මා මෙය පල කරේ මගේ ජීවන අත්දැකීමක් ලෙසය.

Comments

  1. Replies
    1. හෙලි කිරීමට අවසර නෑ. (දෙමාපියන්ගෙන්) 2021/10/25 දාට හෙලි කරන්නම්.

      Delete
  2. oya bullet thuwakkuwa api thama pavichchi karanawa. (mulu panthiyama)

    ReplyDelete
    Replies
    1. මේවා ජාත්‍යන්තර අපරාද.

      Delete
    2. ඉදුවර ඉතිම් කරොත් කරන්නෙ ජාත්යන්තර අපරාදනෙ. :D

      Delete
    3. වැඩිහරියක්ම කරන්නේ වැඩ ජාත්‍යන්තර අපරාදම තාමා..

      Delete
  3. Replies
    1. ස්තූතියි හැමදාම එන්න බ්ලොග් එකත් ෆලෝ කරගෙනම යන්නකෝ.

      Delete
    2. ඔය රෙද්ද ෆලෝ කරල හරියන්නේ නැ , දාහං බ්ලොගර් ෆලෝවරය

      Settings > Layout > Add a Gadget > More Gadgets > වල යටම තියන එක දාන්න Followers

      Delete
    3. තැන්කූ වේවා අයියෙ මේ පැත්තෙ ආවට. ඔන්න මම අරක දැම්මා

      Delete
  4. නියම පෝස්ටුව මල්ලි.... ඉස්කෝලේ කාලේ මතක් උනා...

    2021-10-25 දවසට කවුද කියන්නේ ඇයි කියලා හිතාගන්න පුලුවන්... එදාට නේද ඔයාට වයස 18 ක් වෙන්නේ?

    දිගටම ලියන්න...

    ReplyDelete
  5. අපිත් ඒ කාලෙ ඔය බුලට් සෙල්ලම කලා. කොලවලින් ඊතලත් හදල යැව්වා.

    ReplyDelete
  6. ඔය කාලෙට ආපහු යන්න තියනවනම් කොච්චර හොදද​? නියමයි මල්ලී ... දිගටම කරගෙන යන්න හොදේ. ඔයාගේ Forum එකත් මන් අලුත්ම ලිපියට ඇතුලත් කලා හොදේ

    ReplyDelete
  7. නියමෙට ලියලා තියෙනවා අද තමා බ්ලොග් එක බලන්න එන්න පුළුවන් උනේ theme එකත් ලස්සනයි

    ReplyDelete
  8. මටත් ඔය වගේම බොක්කෙ ෆ්‍රෙඩාල දෙන්නෙක් සිටී...උන් ගැනත් බ්ලොග් එකේ ලියන්නෙ මමය...උන් නං මරනවා කිවුවත් බ්ලොග් ලියන්නේ නැති දෙන්නෙකි.උන්ගෙන් නං බ්ලොග් කියවන්නෙත් කමෙන්ට් කරන්නෙත් එකෙක් පමණි.අනිකා නං ඒත් නැත.

    ReplyDelete
    Replies
    1. අඩෝ පස්සෙ දැක්කෙ සීන් එක...බැරල්ගෙ ලිපියට කමෙන්ට් කලේ...වැටිල තියෙන්නෙ මේකට...මකරට හිකිස් ගාපු එක සාධාරණයි.

      Delete
  9. මකරගෙ බ්ලොග් එකේ පරණ ලිපි කියවන්න ආසාවෙන් හිටියට වෙලාවක් ලැබුනෙ අද...අපෙත් ප්‍රසිද්ධම රබර් බෑන්ඩ් තුවක්කුව තමා...සමහර මූසලයො බුලට් දාන්නැතුව නිකන් තුවක්කුව ලෝඩ් කරලා බෙල්ලට තියලා වෙඩි තියනවා...බුලට් වදිනවට වඩා එතන තමා ආතල් එක තියෙන්නේ...
    රබර් පටි තුවක්කුව වෙනුවට අපේ සැට් එක 7 වසරෙදි අලුත් තුවක්කුවක් අත්හදා බැලුවා.ඒක ඒ කාලෙ ප්‍රසිද්ධ වුනත් දැන් නං ඒක අභාවයට ගිහින්.ඒත් මං නං කැමති ඒ තුවක්කුවට තමා.අපි ඒකට තුවක්කුව විදිහට පාවිච්චි කලේ සිරින්ජයක්.(කට්ට ගලෝපු ඒවා.අර අපි වතුර විදින්න පාවිච්චිත් කරන්නෙ)බුලට් තමා චූටි කොල ගුලි.කොල ගුලි වලට වතුර ටිකක් දාලා(චූටිම චූටි බෝල.අර තුවක්කුවෙ කටේ ගාණට)කොල බෝල හදාගන්නවා.ඊට පස්සේ සිරින්ජරේ අර අදින කෑල්ල මොකක්ද ඒකට කියන්නෙ පිස්ටන් එකද මොකක්ද මං දන්නෙ නෑ.ඊට පල්ලෙහාටම දාලා අර බුලට් එක සිරින්ජරේ කටට හොදට හිර වෙන්න සෙට් කරනවා.ඊට පස්සෙ අර කෑල්ල උඩට ඇදලා ඉලෙක්කේ අරන් වෙඩි තියන්න තමා තියෙන්නේ.සාමාන්‍ය සිරින්ජ වල පවර් එක මදි.ඊට වඩා ටිකක් ලොකු සිරින්ජ වලින් හොද ප්‍රහාරයක් එල්ල කරන්න පුලුවන්.සමහර එවුන් ඕකට කොල ගුලි සහ වතුරත් දාල ප්‍රහාර එල්ල කරනව ඒකත් සුපිරි ප්‍රහාරෙ තමා...

    ReplyDelete
    Replies
    1. හම්මට ආනන්දෙ හෙන යක්ශ ඉස්කෝලයක් නොවැ....

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.