එයා


හිමින් හිනහී
ඵලින් බර
බව මෙමට
පෙන්නීමට
ඔයා

ගෙයින්
ගෙනෙනා සිතින්
සිත හිමින් 
හංගා ගියා

මිතුරන් තිදෙනෙකි
සෙමින්
වැනෙමින්
මෙහෙ බලා

දොරින්
ජනලෙන්
හිමින් බැලුවේ
මට ඔයා

හිරුගෙ රශ්මිය
දරා ඉදගෙන
ලොවට උස්වූ
තැන ඔයා

හෙනක් ගහ
මිය ගියා මට
හිටප ඒ
කාමර සගා 

කාමරයට පෙනී දැන් පරලොව ගොස් ඇති ඔබටයි මේ පොල් ගස් මිතුරානි ස්තූතියි ලගින් ඉද සුවදුක් විමසුවාට

- රන්වන් මකරා -

Comments

  1. ළඟින් හිටියෙ දුක සැප දෙක හොඳින් සොයා
    කටින් නොකීවත් හද දුක හිතේ තියා
    ඉතින් මිතුර නුඹෙ මිතුදම ඈත නොයා
    හොඳින් රකිමි අමතක නොමවේවි ඔයා....

    පොල් ගස, ඔබට සුභ ගමන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉතින් මිතුර ඔහු ආමග යන්න ගියා
      අදහස් දාලා මෙහෙ පැත්තේ දැනුයි ඔයා
      දිනේ පැමිණි විට පොල් ගස වුනත් මෙයා
      යන්න වෙනවා හෙණ ගැහුවොත්ම සදා

      - ජෑ මා -

      Delete
  2. ඔහේ බලාන හිටපු නිසාම වෙන්නැති ගහට හෙන ගැහුවෙ. හැක්..

    ReplyDelete

  3. "දොරින්
    ජනලෙන්
    හිමින් බැලුවේ
    මට ඔයා"

    ඇයි අප්පා අපේ මහින්ද මහත්තයට මෙහෙම කවි ලියන්නේ.
    දුක නැද්ද මකරෝ?

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.