අතීත කාමය සහ ඇෆ්ගනිස්ථානයේ පර්වානාගේ කතාව
වසර පහකට ඉහත අගෝස්තුවක ගාලු මහ පුස්තකාලයේ ළමා අංශයෙන් මම ගත්තා යැයි මට මතක පොතක් ඇත, එය පර්වානාගේ චාරිකාව නමින් මගේ මතකයේ රැදී තිබිණි, මෑතකදී වුන සිද්ධියකින් පසු මේ ගැන අතීත කාමය ඇවිස්සී පොත සොයන කල, වයස 12 වූ මා විසින් එදා තබන කල සටහනක් මතක්වී මිතුරියකට ලින්කුවක් යවන්නට සොයා ආ කල අතීත කාමයම මාව නැවතත් බ්ලොගියටම ඇදගති, සිංහල කොටන්නට මම කොහොමත් කැමති නැත, හෙලකුරු යෙදුමත් එතරම්ම හොද නැත. නමුත් කොටමි.
අද දිනය හොද නැත, ඇෆ්ගනිස්තානය බිද වැටී ඇත, කෙසේ හෝ වේවා ඇමරිකානුවන් තවදුරටත් විස්වාස නොකල යුතු බව ලෝක වාසීන් දැන ගෙන ඇත්තේයැයි සිතමි, දෙවන වියට්නාමයක් දෙවන සයිගොන් නගරයක් කාබුල් ගුවන්තොටුපලින් දැක ගත හැක
ඇමරිකානුවන් විස්වාස නොකල යුතු බව ලාංකිකයන්ටද ටික ටික දැනෙන්නට පටන් ගෙන ඇත්තේ යැයි සිතමි, මරණ ගණන දිනෙන් දින වාර්තා තබයි.
1975 සයිගොන් හී ඉතිහාසය 2021 කාබුල් හි නැවතත් සිදුවෙමින් පවතී. හොදද නැද්ද මම නොදනිමි. මම දන්නා කරුණ නම් තවත් පර්වානාලා තවත් අසීෆ්ලා, තවත් හසන්ලා තවත් ලයිලලා එහි ඉදිති. ඇමරිකානු ගැලැක්සි යානාවලට මේ සියලු දෙනා රැගෙන යන්නට නොහැකිය. ඒවාද ලහි ලහියේ කාබුල් ගුවන් පථයෙන් නොපෙනී ගිය පසු, පර්වානාගේ කතාව ගැන අපි කතා කල යුතුය.
ඒ පොත් තුන නැවත කියවීමට ඔබට ආරාදනා කරමි, ළමා කතා ගණයට ඇතුලත් වුවත් ඕනෑම අයෙකුට රස විදිහ හැකිය. මම කියවූයේ දෙවෙනි පොත වූ පර්වානාගේ චාරිකාව පමණි. එයද ගාලු පුස්තකාලයේන් සොයාගත හැකි වූ පිටු කිහිපයක් අඩු පොතකි. ඔබ එය සොයාගෙන කියවන්න, කියවා ඇත්නම් නැවත සොයාගෙන කියවන්න, එහෙත් මම නැවත නොකියවමි. වයස 12දී එය කියවා මම කම්පනයට ඇති වූවා හොදටම ඇතිය. නැවත මම කියවන්නෙ නැත. කොවිඩ් නිසා ගෙදරටම වී මානසික සෞඛ්‍ය පිරිහී ඇති මොහොතක කියන්නට ආරාදනා කරන්නටද බැරිය. ඒවා එසේය. මම නැවත සොයාගෙන කියවන්නට නොයමි. එය මට එතරම් අදුරු මතකයකි. එකල සේ දැන් පොත් කියවන්නටද, ලියන්නටද ආසාවක් නැත, එය ටිකෙන් ටික ගිලිහුණ පුරුද්දකි.
පොතේ අග බාගයක මෙසේ තිබිණි. මේ කොටස මම අන්තර්ජංජාලයෙන් උපුටා ගතිමි. මම කියවූයේ පරිවර්තනය නිසා ලොකුවට වචන ගැන මතක නැත. එහෙත් සිංහල පරිවර්තිකාව ලැවැන්ඩර් මල් වත්තක් ගැන කියා තිබ්බා වැනි මතකයක් ඇත. එහෙත් මා ගත් උපුටනයේ එසේ සදහනක් නැත. බොහෝවිට පර්වර්තිකාව එය ඇය විසින් එක් කලා විය හැකිය.
While Shauzia seems carefree, she is actually focused on her future. She wants out of Afghanistan stat, and saves "a little bit each day" (12.15) in order to turn her dream of living in France—where "the sun is shining, people are smiling, and flowers are blooming" (12.24)—into reality. As the book ends, Shauzia takes off with nomads in the hopes of making it to France, but before she leaves she gives Parvana a bag of dried apricots and promises reunite with her in front of the Eifel Tower in twenty years.
මේ අකුරු සිංහලයට නගන්නට කිහිපවරක් උත්සහ කලත් මගේ දැනුමට එයට සාදාරණයක් කරන්නට නොහැකි නිසා සිංහලට නොපෙරලමි. ඔබට වටහා ගන්නට හැකියැයි පතමි.
එහෙත් කෙසේ හෝ මේ කරදර වලින් මිදී පර්වානාලාට සශුවලාට ලැවැන්ඩර් මල් වත්තක සුවය විදිමින් මින් වසර විස්සකින් පැරිසියේදී හමුවන්නට හැකි වන්නට පතමු,
කෙසේ වෙතත් මේ පරිච්ඡේදය තවමත් මගේ මනසේ රැදී පවතිමින් මේ පොත ගැන මතක් කරයි, ඒ නොස්ටැලජියාවේ මා වෙලී ඉදිමි. එය එතරම්ම මිශ්‍ර (bittersweet) හැගීම් දනවන්නකි.
මේ ඇෆ්ගන් අරබුද අතරේ පොත් තුන කියවීමට නැවතත් ඇරයුම් කරමු. මම 2016 අගෝස්තවේ තැබූ වයස 12ක කොලුවෙකුගේ සටහනට යටින් පාරක් කපමි. ඒ පාරේ යෑමෙන් ලොකු වටිනාකමක් නැති බවද කියමි.
ටික ටික ලියමි. උසස් පෙල මා ගිලගෙන අවසන් තවත් වසරක් එසේ ගෙවේවි.
දැන් ලියවෙන්නේම නැත, ලියන්නම් කියා පොරොන්දු දී, මම පොරොන්දු කඩා ඇත්තෙමි, එහෙත් ටික ටික ලියන්නට කල් ඉල්ලමි. සිංහල කොටන්නට කැමත්තක් නැත. එය නැවත නැවතත් කියමි, සමාව ඉල්ලමි.
- ඔබේ රන්වන් මකරා
ජය බෝලේ නාත්! ජය මහ කාලී!
මකර් පොඩි සර්,
ReplyDeleteඔබ ලියනවා නම් අගේය නමුත් උසස් පෙළ කරනවානම් සම්පුර්ණ අවධානය එයටම යොදනු මැනවි.
පාඩම් අතර තුර කම්මැලි සිතුනු වෙලාවක හෝ පොඩි පහේ berak එකක් ගන්ඩ හිතුනු වෙලාවක ලිව්වට නම් අමනාප නොවෙමි.
Practice, practice, practice යන්න ඉගෙනීමට අගනා මන්ත්‍රයක් වේ. විද්‍යාව ඉගෙනගන්නේ නම් khan academy එකේ නොයෙක්දේ තිබෙන අතර නොතේරෙන දේ ඇමරිකන් හා තවත් university වලිනුත් google search හරහා සොයාගැනීමට හැකිය. විවිධ අය උගන්වන්නේ වෙනස් ආකාරවලින් නිසා එවන් කීප පොලක් බැලුවිට අපැහැදිලි ස්ථානයන් පැහැදිලි කරගත හැකිවේවි. එසේම ඉතා පැහැදිලිව උගන්වන ස්ථානද ඔබට සොයාගත හැකිවේවි.
ගේම් එක හරියට දෙන්ඩ, අපි බලාගෙන ඉන්නවා!
ජයවේවා!
Myself Hattor
අනේ හැට්ටර් මාමා, දැන් මේ ඔබේ ඉස්සවුත් සටහනක් දමා ආපු හැටියෙම මේකත් කොටන්නේ, ඉස්කෝතුයි ඔවදන් වලට මම සාපෙලට උඩම නමයක් ගත්තත් කලා තමා කරන්නෙ ඉතින්. ඔබ විතරද මන්දා සිංහල බ්ලොග් කරුවන් තාම සක්‍රීය. දැන් අවකාසෙ ගොඩක් වෙනස් නේද? සකබරගේ වැඩ
Delete-ජෑමා කාලී
මකරා මගේ ජීවිතයට එක් වුනේ 1980 වගේ ඈත කාලෙක. ඒ දෙවෙනි වරට ලංකාවේ එන්ටර් ද ඩ්‍රැගන් චිත්‍ර පටය පෙන්වීමට පටන් ගැනීමත් සමග! එහි ප්‍රධාන චරිතය කලේ අපි කවුරුත් අසා ඇති එසේම දැක ඇති බෲස් ලී නමැති සටන් ශූර සටන් නළුවා. ඔහුගේ සටන් ශෛලිය ජීට් කූන් ඩෝ. මේ ගැන මම මගේ බ්ලොගයේ "සුදලිය මරුවල්ලිය සිට කරාටේ කුංෆු දක්වා ලංකාවේ සටන් ක්‍රම විකාශනය" යනුවෙන් පෝස්ටුවක් ලියා ඇත. දැන් මේ බෲස් ලි කොළුවයි මකරායි අතර ඇති සෘජුම සම්බන්ධය නම් බෲස් ලී හට ඔහුගේ හිත මිතුරන් ආදිය කථා කල්‍රේ ලිට්ල් ඩ්‍රැගන් කියන සුරතල් නාමයෙන්. කොහොමත් හොං කොං, සින්ගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය කියන රටවල් අදටත් හැඳින්වෙන්නේ ආසියාවේ කුඩා මකරුන් ලෙසයි. මන්ද එම රටවල් හතරේම මකරා සංස්කෘථික සංඛේතයක් වනවා සේම ආසියාවේ ආර්ථික වශයෙන් චීනය හා ජපානය හැරුණු විට ප්‍රධානතම රටවල් හතර වන් බැවින්ය.
ReplyDeleteඔබ රන් වන් මකරා උනේ කුමන හේතුවක් නිසා දැයි මා හට සිතා ගත නොහැක! ඔබ නරක, අවිද්‍යාව, වරද, මිත්‍යාව විනාශ කරණ මකරෙකුද? එය එසේම වීමයි ඇවැසි වන්නේ. ඔබ මේ වන විට උසස් පෙළ හදාරණ ශිෂ්‍යයෙක් බව ඔබේ ලිපි වලින් සහ හැක්ටර් අයියා සමග කල කථාබහට ඇන්ටෙනාව දැමීමෙන් මා හට ප්‍රථ්‍යක්ෂ උනා. ඒ තුලින්ම අහන්නට ලැබුණු කණගාටුදායකම කථාව වන්නේ; ලිවීමට හා කියවීමට කම්මැලිකමක් ඇතිවී ඇති බව දැන ගැනීමට ලැබීන්මයි. වහාම ඒ කම්මැලි කම අමතක කර දමා ලිවීම පටන් ගන්න! එය ඔබව; ජීවිතය තුල ඔබ නොසිතන තැනකට ගෙන යාවි. කොහොමත් ඔබ උසස් පෙල සඳහා උගෙන ගන්නා විෂ්ය ධාරාව තුල ලිවීම අමතක කර දැමීම් කල නොහැකි කාර්‍යයක් වෙන බවයි මාගේ නම් හැඟීම!
ඉඩක් ලැබෙන හැම අවස්ථාවකදීම පොඩිත්තක් හරි ලියන්න. මොන දේ අමතක කලත් ලිවීම හා කියවීම අමතක කරණ්නට එපා.
බොහොමත්ම ස්තූතියි මගේ ගෙදරට ගොඩවැදුනාට.නැවත එන්න!
ආ තව ටිකෙන් ඔබගේ පෝස්ටුව ගැනස් කිසිවක් ලියන්නට බැරි වෙනවා! අමෙරිකාව විසින් ඔවුන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි ජාතියක් බව නැවත වරක් තහවුරු කොට ඇත!
අලුත් එකක් ලියමු
ReplyDeleteGodd bless
ReplyDelete