දුනු වායෙක්මි මම
සිතූ දේ කරන
දුනු වායෙක්මි මම
වදන් පද විදින
දුනු වායෙක්මි මම
යුද බිමේ දිවි පුදන
දුනු වායෙක්මි මම
නිදහසේ කල් ගෙවන
දුනු වායෙක්මි මම
මිනී මරු හී එවන
දුනු වායෙක්මි මම
එල්ලයකට විදින
දුනු වායෙක්මි මම
පේලියට හී එවන
දුනු වායෙක්මි මම
වදන් පද පෙල් එවන
දුනු වායෙක්මි මම
ඔහේ කවි ලියන
දුනු වායෙක්මි මම
මැරෙන තුරු මග අසන
- රන්වන් මකරා -
එල එල...
ReplyDeleteමල මල
Delete- ජෑ මා -
එනු යනු හොයනු බැරි කාලය කර තරණ
ReplyDeleteදුනු වායෙක්ලු නුඹ කවි පදවැල් විදින
ගනු සිහියකට මකරුනි නිති සිහි කරණ
එනු ඉදිරිය්ට දුනු නොව නුඹෙ ගිණි රැගෙන....
ජයවේවා!!!
කර බල නිතින මග අසන මම
Deleteනර කල සිතින පදවැල් විදින මම
බර කල පදින අවවාද ගති මම
දුර හල සිතින නොවිදිමි ඔබට මම
- ජෑ මා කාලී -
+++++++
ReplyDelete- ජෑ මා කාලී -
Deleteනියමයි බ්‍රෝ...
ReplyDelete