නිදහස

ලියමි මම
නිදහසේ
කුරු‍ටු ගාමී
මම නිදහසේ
කියමි මම 
නිදහසේ
ඉදිමි මම 
නිදහසේ

කොහේවත් යන
ගොන් වැඩක්
පවරා මට
නීති දැමුවේ
ඔහුමයි ඔහුගෙ
පුවරුවෙ මම
පිස්සු නටනවා යැයි
කියා කිවේ එයාමයි
එය මගේ හැටියයි
ඔහුට ඕනෑ පොත
බලන් ලිපි 
ලිවීමයි එය අදාලය
ඔහුට ඕනෑ 
දේ ලියූ මම හරි
ගොන් හරකෙක්මි

ඔහුට වැටහුණු 
නැතේ මගෙ හිත
බොහෝ අදහස් ඇත
එය මගේ හැටියයි
ඔහුට ඕනෑ ලෙසට
මම ලිපි නොලීවේ
මගේ හැටියයි
මමත් කිසිදා 
රාමුවේ නොයිදිමි
ඒක දැන ගනු මැන
ගුරාණෙනි...

මහත් සේ
රාමු ගත වූ
ප. භා. මහතාණෙනි.

නිර්මාණ පුවරුවට ලිපි සැපයීමේදී මේ වසර පුරාම වූ අකටයුතුකම් නිසාම ලියවිය. ප. භා. නම් රාමු ගතවූ හණමිට්ටෙකි. මම එයට අකමැතිය.. විභාගය වෙලාවේ ලිය වුනත් කවිය පි‍ටු ගණන් දිග ඇදුණි මීට පසු පස ඇති පද ශිෂ්ඨ සමාජයට නොවටී. රහස් අඩවියේ පළවේ. 

- රන්වන් මකරා -

Comments

  1. ඔය ප.භා.ගෙ නිර්මාණ පුවරුව වගේද බං මේ බ්ලොග් එක...?
    මතක තියාගන්න දරුවා... ප.භා.ගෙ නිර්මාණ පුවරුවට වැඩි ආයුෂ නෑ.කොයි වෙලේ මොකා ගලවයිද කියල කවුද දන්නෙ? ඒත් අන්තර්ජාලය තියනකන් මේ බ්ලොග් එක තියනවා. නිර්මාණ පුවරුවේ දේවල් පන්තියෙ උන්ට විතරයි.ඒත් බ්ලොග් එකේ දේවල් පුලු ලෝකෙටම...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.. ඒත් අද කොටි අයියා දුමියගෙන් ගුටි කනවා.. ෆස්ට් කොමෙන්ට් ඉස් රිසර්වුඩ් ෆෝ එල්ඩර්ස්.. හැක හැක

      - ජෑ මා කාලී -

      Delete
    2. ගුටියක් දෙන්න මාගේ හිත නළියනවා
      වරුවක් තිස්සෙ ඒ ගැන හිත වද දෙනවා
      කවියක් කියා හෝ හැකිනම් පන්නනවා
      කොටියෙක් නිසා බයවී මම හැංගෙනවා......

      ජයවේවා!!!

      Delete
    3. ගුටියක් නොවේ ගුටි කෙලියක් දිය යුතුය
      කොටි අයියාගෙ වැඩ නම් දැන් අප්පිරිය
      කවියෙන් දස්කම් පෑමට මට නම් බැරිය
      බ්ලොග් එක නොලිය ඔහු දැන්නම් මල් කෙලිය

      - ජෑ මා කාලී -

      Delete
  2. හිනා වෙවී මකරුනි මෙය අසාපන්
    මනා සිහිය හිත ඇතුළේ තියාපන්
    මොනා වුණත් ගුරු දෙවි ලෙස සිතාපන්
    ගෙනා දක්ෂතාවෙන් කවි ලියාපන්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගුරු දෙවියාය එය ඇත්තය
      මම කවියාය එය බොරුවය
      ඔහුගේ කටේ නිතරම පුරසාරමය
      දුමියා නිතර ඉන්නේ කවි සිතේය

      - ජෑ මා කාලී -

      Delete
  3. Replies
    1. පන්ති භාර ගුරා

      - ජෑ මා කාලී -

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.