දික් කලිසම්

ඔබ මේ වදන් පෙළ කියවමින් සිටිනවා නම්, ඔබට කීමට ආරංචි දෙකක් ඇත. එකක් හොද ආරංචියකි. අනෙක දුක් මුසු වීමට හැකිය. පළමුව සුභදායී මෙන්ම ප්‍රිය ජනක වදන වෙත යොමු වෙමු. ප්‍රියජනක වදන නම් නව වසරක් එලභී ඇති බවය. ආරම්භක වීර්‍යයෙන් කටයුතු අරඹා කරගෙන යාමට සුභ නැකතකි. එනම් - ජෑ මා - කේස් එකකි. එහෙමත් නැත්නම් - ජය මහ - කේස් එකක්ය. ඉතින් එයට ජෑමා, ජෑමා වන්නට පතයි. මේ වසරේ සිංහල බ්ලොග් කරුවන්ගෙන් පළවන පළමු බ්ලොග් පෝස්‍ටුව මෙය බව කරුණාවෙන් සිහිපත් කළ යුතුය. නමුත් එය එසේ වන්නේ බ්ලොග්ර් ලොවට අධිපති අප මහා ගූ-ගල් දේවෝත්තමයන් වහන්සේ වේළාව හරි ගියෝතින් පමණි. මෙය මකරාගේ පළමු ශෙඩියුල්ඩ් පෝස්‍ටුවයි... ඉතින් ජෑ මා යමු පෝස්‍ටුව පැත්තට.

දික් කලිසම්

වසරක් ගෙවී 
නවමු වසරට
ඉතින් පා නගමු
දිගින් දික් කොට
මහපු කලිසම්
අමාරුවෙ වුනත්
අදිමු.....

තදේ තද යැයි
කියත් අපි 
අපහසුව මග හැරේ
යැයි කියත්
ඒක හින්දා දිගින්
හැදගෙන පළමු
වන දින පාසලට
පියනමු...

සුවහසක් දහය වසරෙ වුන්ගෙ දැවෙන ප්‍රශ්නය... මේ දික් කලිසම් ඇදගෙන ඉන්නෙ කොහොමද?

ගුඩ් බායි අවුරුදු නමයක් ඇන්ද සුදු කොට කලිසම...... මිස් යූ ඇන්ඩ් මිස්ට දෙදාස් දහ අට යූ ටූ.....

හිතන් ඇති මට වරදියි කියලා දහ අට නෙවෙයි ආයිබොවන්ඩ... දහ හත, දහ හත

ආ තව එකක් මට අමතක වුණා කියලනෙ හිතන් ඉන්නෙ.. අර මේ... අසුභ, දුක්ඛිත, මූසල, පිළිකුල් ආරංචිය..... මේ බ්ලොගිය කියවන මිස්ටලා, මිසිස්ලා, මිස්ලා, මාස්ටර්ලා   අවුරුද්දක් වයසට ගිහින් ආයිබොවන්ඩ

ආයෙමක්කැයි

- ජෑමායිබොවන්ට -


වෙනද වගේම  මම 
- රන්වන් මකරා -

Comments

  1. ඔන්න එහෙනම් පලවෙනි කොමෙන්ට් එක් මෙතන කොටනවා හිටන්...

    උඹ ඉස්කෝලේ යනකොට දික් කලිසමේ දික් කකුල් පැටලිලා වැටෙයි.. ඒ නිසා පරිස්සමින් පල...

    2018, සුබම සුබ අවුරුද්දක් වේවා...එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ජෑ මා අවුරුදු

      - ජය මහ කාලී -

      Delete
  2. බෙදා ගෙන නිති මිනිස්කම හැම හදවතක් තුළ නැගේවා
    මුදා සිනහව සැහැල්ලුවකට නිබද සිතුවිලි හැඩ වැටේවා
    එදා වාගෙම මෙදා දිනයෙත් කළණ මිතුරන් මුනගැසේවා
    උදා වන නව වසර හැමවිට වාසනා මල් පිපේවා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉතින් හැමදා වගේ මත සිත මේ පැත්තට ඇදේවා

      - ජෑ මා -

      Delete
  3. ජෑමා කකුල් දෙක 11 කණුවක් කරගන්නද යන්නෙ. අනේ වාසනාවං.

    2018 සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  4. රන්වන් වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. මොකෝ අද වැට ගැහුවෙ නැත්තෙ ?

      - ජෑ මා -

      Delete
  5. ඔය එක එක හිපාටුවෝ වගේ පුකෙන් පළුවකුයි අමුඩෙයි පේන්න කලිසම බස්සගෙන යනවා නෙමෙයි, එහෙම උනොත් කලිසමටත් අවනම්බුයි !

    ReplyDelete
  6. හැෆී අලුත් ඊයර් වේවා...!

    මට නම් දික් කලිසම් අත්දැකීම තාම නෑ.. :)
    හැබැයි ඔය වදේ මට ලබන අවුරුද්දේ සිට ඒනවා.. :(
    සෝචනීයයි අපේ හාමුදුරුවනේ.. :(

    ReplyDelete
  7. ජැනුවැරි දහ නමය මගේ උපන් ඩේ ඒක..
    හාද???

    ReplyDelete
  8. ඔයා ඒ කියන්නේ තාම පොඩි ළමයෙක් මකරෙක් කිව්වට

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඇයි කලින් දන්නෙ නැත?

      - ජෑ මා -

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.