ඇය යන්න ගියා මැකිලා
නගරය තුල තුරු අතු අතරේ
ගී ගයමින් හිඳ අප තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
උණු කදුලක් නෙතු අග තවරා
මිහිදුම් සලුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් මුහුද මැදින්
සඳ එළියේ මංපෙත පාදා
මරණය සඟවා ගොලුවූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා.........
යලි හමු වෙන බව බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය
කිසි දින ඇය යළි
මුල් ගායනය - අමරසිරි පීරිස්
මිස් යූ ඕකි.. ජීවිත 15 රැගෙන් ඔබ යන්න ගියා මැකිලා ඉන්දියාව පැත්තට...
- රන්වන් මකරා -
:) ;)
ReplyDeleteනියමයි මචං..
නිවාඩුවේ දිගට හරහට පෝස්ට් දානවා නේද...
එල එල..
නැතුව නැතුව බ්‍රෝ....
Delete- ජෑ මා කාලී -
ඔයාගේ බ්ලොග් එකේ මම මුලින්ම කමේන්ට් එකක් එකක් දමන පළවෙනි පාර..
ReplyDeleteඅනිත් හැමදාම එම ස්ථානය ගන්නවා දුමී...
පෙරදා කෑවේ කොටියා ගුටිය
Deleteබුදදා කන්නේ ඉදුවර ගුටිය
දුමියා බදු ගෙන ඇත බ්ලොගිය
එබැවින් ඉදුවර වෙන්නේ මටිය
- ජෑ මා කාලී -
එදා මගේ තැන ගත්තනෙ කොටි පැටියා
Deleteමෙදා ඉඳුවරත් ඒ තැන අරගෙන හිටියා
බදා ගෙනම මකරගෙ බ්ලොග මම හිටියා
මුදා දුවන් මේ මකරගෙ රන් පැටියා....
ජීවිත 15 ක් අරන්
ReplyDeleteමහා නාද පතුරවමින්
දුකක් හදේ ඉතිරි කරන්
ඈ යන්න ගියා මැකිලා.....
ජයවේවා!!!
ගිය බව දැන දැන
Deleteයලි නොයෙනා බව
නොකියා සිටිය
හැකිද මට?
- ජෑ මා කාලී -