නත්තල


මෙගිනි අව්වෙත්
පුවත් මැදිරියෙ
හිම වැටීමට
ගනියි

පුවත් කියනා
වුන්ට එතනත්
ඉතින් හීතල
දැනෙයි

හිසේ ඉදලා
රතේ රතු 
පාටින්
දිලෙයි

කොයින්දෝ 
ඇවිදින්
පප්පා එහෙ මෙහෙ
දුවයි

සුපිරි හල්වල
ඉන්න වුන්ටත්
ඉතින් පිස්සුව
දැනෙයි
ඉහේ ඉදලා
රතේ රතු පාටින්
දිලෙයි

පාරෙ යනකොට
පප්පා ඇවිදින්
ටොපී චොක්ලට්
පුදයි අපේ
කඩයෙන් ගන්න
බඩු යැයි

පප්පා හෙමිහිට 
කියයි

 - ජෑ මා නත්තල් -

- රන්වන් මකරා -

Comments

  1. හයියෝ ඒකද ඉතින් නත්තල මකරෝ..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. අරූටත් ජෑ මා නත්තල්

      - ජය මහ කාලී -

      Delete
    2. ඔයාටත් සුභ නත්තලක්...
      මකර ගින්දර වලින් බීබීකිව් එකක් දාන්න බැරි වෙයිද..

      Delete
  2. නත්තලත් එකයි... සිංහල අවුරුද්දත් එකයි.. වෙසකුත් එකයි... බේරිල තියෙන්නෙ ඊද් විතරයි ඕං...

    ReplyDelete
  3. හිරු කිරණ බේරේ
    සීතලත් තැවරේ
    මෙදා මේ වාරේ
    සීයලා යයි තාර පාරේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සීතල දෙසැම්බරේ
      සීතලම නෑ මිතුරේ
      වැව වටේ බේරේ
      නත්තලක් ඉතිරේ

      - ජය මහ -

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.